Monday, September 5, 2016

මන්දාරමෙන් එහා.......


ඒක මහ පාළු හැන්දෑවක්.... මන්දාරම් ගතිය හොඳටෝම වැඩිවෙලා සීතලත් එක්කම වැහි බිංදු මට පහර දෙන්න පටන් ගත්තේ හිතක් පපුවක් නැතුව වගේ.... ගෙනාපු කුඩේ මම බස් හොල්ට් එකේ ඉඳන් දිඟ ඇරගත්තේ තෙමෙනවට බයේ නෙමෙයි.... පුරුද්දට...
බිම බලාගෙන හිටිය මගේ අපහැදිලි මුහුණ පෙනුණු වතුර කඩිති උඩට වැහි බිංදු වැටිලා බොඳ වෙලා යනවා මම ඔහේ බලං ඉද්දි හුළඟත් එක්ක ආපු හිරිකඩට මම තෙමිලා ඉවරයි....හුළං පාර වුනත් මාත් එක්ක තරහින් වගේ....
එකපාරටම වතුර වළවල් දෙබෑ කරගෙන ආපු රතු පාට බස් එකක් මං ගාවම සැරට් බ්‍රෙක් පාරක් ගහගෙන නැවත්තුවා...මම කල්පනාවෙන් මිදුණේ එතකොට... කුඩේ ඉහලගෙන හිටියත් මම සෑහෙන්න තෙමිලා... බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මම කුඩෙත් අකුලගෙන බස් එකට ගොඩවැදුනා....


බස් එකෙත් මහ මුසල පාළු බවක් තිබුනේ...එලියේ තිබ්බ අනෝරා වැස්සෙන් තෙහෙට්ටුවට පත්වෙලා හිටිය හැමෝම තම තමන්ගේ සීට් වලට වෙලා මතකයන් එක්ක තනි වෙනවද කොහෙද.... ජනේල අද්දරින්ම තිබ්බ හිස් ආසනයකට මම බරවුණා.... ජනෙල් වීදුරුව ඇතුලෙන් මීදුම් වලාවක් බැඳිලා... එලියෙන් වැහි බිංදු හෝ ගාලා වීදුරුවේ වැදිලා බේරිලා වැටෙනවා....
මම හීන් සීරුවේ ඒ මීදුම් පටලය අතින් පිසදැම්මේ වෙනදා වගේ කිසි රිද්මෙකට එහෙම නෙමෙයි....ඒ හිඩස් අතරින් මට පසුකරගෙන ආපු මතකයන් විතරමයි පෙනුණේ...



ඔව්....එදා.... මේ වගේම අනෝරා වැස්සක් වැහැපු වෙලාවක්..... හැබැයි ඒ වැස්සේ පුදුම ජීවයක් පිරිලා ඉතිරිලා තිබුනා...සිරි බිරි ගාලා වැටෙන වැස්ස අඩුවෙන පාටක් නොතිබිච්ච එදා මම කුඩයක් අරගෙන ගියපු එක කොයිතරම් දෙයක්ද..... ඒ වැස්ස අතරින් සෑහෙන්න තෙමිලා එන ඔයා දැක්කහම මට දැනුණේ මුළු ලෝකෙම නැවතුනා වගේ... තෙමි තෙමි හිටපු ඔයා ළඟට මම ඇදිලා ගියේ හීනෙන් වගේ...


 මම එකපාරටම කුඩේ ඔයාගේ පැත්තට ඇල්ලුවා...ඒ පාර තමයි ඔයා මුල්ම වතාවට මගේ මුහුණ දිහා බැලුවේ... මගේ හදවතත් එක්ක නැවතුනා.... ඒ ඇස් ලාවට හිනා වෙද්දි තමයි මට තේරුණේ වැඩිපුර ඔයාගේ පැත්තට බර වෙලා තිබුන කුඩේ හින්දා මාත් සෑහෙන්න තෙමිලා කියලා....  ඒතකොටම ඔයා ඇස් වලින් තවත් හිනාවේවිම මට තවත් ළං වුනේ ආත්මීය බැඳිමක සුවඳක මතකයන් අවදි කරගෙන.........


ඇත්තමයි.... මේ හැම දේම පටන් ගත්තේ ඒ මොහොතේ ඉඳලා.... ඒක කවදාවත්ම මට ඔයාට කියන්න බැරිවුණ දෙයක්... ඇස් පියන වාරයක් පසා ඒ මතකයන් එක සීරුවට මගේ ඇස් මත්තෙම දඟ කරනවා හැම වෙලේම... ඊට පස්සේ..... තෙමිලා හිටපු අපි දෙන්නා උණුසුම් කෝපි කෝප්පයක් බොන ගමන් කොයිතරම් දේවල් කතා කරාද... අපි දෙන්නටම දැනුණේ අපි මහ හුඟක් කල් ඉඳන් දන්නවා වගේ..... මට මතකයි ඔයාට කෝපි මදිවෙලා මගේ කෝප්පෙනුත් බීවා..... කොයිතරම් උනත් ඒ වැස්සට බැරිවුණා අපි දෙන්නගේ හිත් වල උණුහුම නැතිකරන්න.... ටිකෙන් ටික ඔයාගේ කම්මුල් රතු වෙද්දි මම දැනගත්තා මම තමයි මේ ලොකේ ඉන්න වාසනාවන්තම කොල්ලා කියලා.....



ඇයි මට මතකයි රතු පාටට ඉර බහින හැන්දෑවක මම ඔය තොල් කුළුඳුලේම සිපගත් දවස..........
"බ්ර් රා.......ස්......"
ඒ බ්‍රේක් පාරත් එක්ක මගේ මනෝ ලොකේ සුණු විසුණු වුණා....


 මගේ ගමනාන්තයට බස් එක ඇවිදින්.... මම අසුනටම බර දීලා නැගිටිනකොටම මතක ඔක්කොම කැටිවුණ ලොකු හුස්මක් හෙලුවා.... බස් එකෙන් බහිද්දිම සීතල මාව වෙලාගත්තේ හරි ඉක්මනට....පාර දිගේ මම ඔහේ ඉස්සරහට පියවර මෑනුවේ සිහිකල්පනාවකින් ද කියලා මමවත් දන්නේ නෑ....



පාර දෙපැත්තට බෙදෙන තැනක තිබුණ මල් විකුණන පුන්චි කඩයක් ළඟ මම නැවතුනේ පුරුද්දට වගේ.... මම කියන්නත් ඉස්සර මල් වෙළෙන්දා රතු පාට ලොකු කානේශන් මල් පොකුරක් අරගෙන මගේ අතට දීලා හිනාවුණා.... ඒ හැමදාම මම මෙතනින් මල් අරගෙන යන හින්දා.... එයා කැමතිම මල් වර්ගේ තමයි රතු පාට කානේශන්....


එතනින් පාර දෙපැත්තට බෙදෙනවා.... එක පැත්තක් ඉවර වෙන්නේ අපි දෙන්නා හැමදාම හම්බවෙන පාක් එක ළඟින්....ඒත් මම හැරුණේ කවුරුවත් වැඩිපුර යන්නේ නැති අනිත් පාර දිහාවට..... මම ඒ පාර කෙළවර වන තැනට පියවර මැන්නේ හීනෙකින් වගේ.... තාමත් අනෝරා වැස්ස... මට හිතාගන්න පුලුවන් අහස ඇයි මෙච්චර අඩන්නේ කියලා..... කම්බි වැටකින් සීමව වෙන්කරපු තණ බිම් යායට මම වැස්සේම ඇතුල් වුණා.... කෙළවරක තිබ්බ කිරිගරුඬ සොහොන් ස්මාරකය ළඟ මම ඇද වැටුනේ දරා ගන්න බැරි වේදනාවකින් පපුවම මිරිකෙද්දි.........


ඔයා දන්නේ නෑ වගේ පාඩුවේ මේ සුසානය යට කොහොම ඉන්නවද මංදා... කුඩේ මගේ අතින් ගිලිහිලා හුළං පාරත් එක්කලා ඈතටම ගහගෙන ගියා... මම කානේශන් මල් පොකුර ඔයා ගාවින්ම තිබ්බේ ගල් අතර කොටලා තිබ්බ ඔයාගේ නම අතර ඇඟිලි තුඩු ගෙනියන ගමන්...... දහස් ගණන් මතක සැමරුම් එක දිගට ඔලුවට ඇවිත් ඇස් දෙකෙන් දෝරේ ගලන් කඳුළුත් එක්ක ඔයා සැතපෙන තැන සිපගද්දි වැහි බිංදු අරන් ආපු සුළඟ දුකෙන් වගේ ඔයාගේ සොහෙන ළඟ කානේශන් මල් පෙති විසිරුවා......


පපුවේ වැදෙන සීමාවේ එල්ලගෙන හිටපු ලොකට් එක අස්සේ තිබ්බ ඔයාගේ ලස්සනම හිනාව දිහා බලාගෙන මම සොහොන් කොත ළඟ හිස ගසා ගත්තා......
සීතලම වැස්සේ අඩුපාඩුවට අඳුර අරගෙන රාත්‍රීයත් මගේ ජිවීතේට ගොඩවදින්නට නියමිතව තිබුණා.....



"ඔබ එන තුරා 
හිඳිමි මම මඟ බලා...
සැඟවෙන්න එපා 
ඔබ මන්දාරමෙන් එහා...
.
හිනහෙන්න අවසරය අරන් 
ඔබ කොහෙද දුර ගියා...
ඉතින් සිනාසෙනු එපා 
හිඳ මන්දාරමෙන් එහා...
.
තුන් හිතට උහුලන්න බෑ 
ඔබ කියන සරදම් කතා...
කඳුළ මට දී සැඟ වී 
ඔබ මන්දාරමෙන් එහා......"

 *********************************************************************************




Tuesday, August 30, 2016

කුසලානය හිස් පහර හා සී..සී...



ඒ මීට අවුරුදු දහයකට පොරොතුවයි.....

පාපන්දු ලෝක කුසලාන තරඟය අතරතුර ප්‍රතිවාදි ඉතාලි පිලේ ක්‍රිඩකයෙකුට හිසෙන් පහරදී අඩ පණ කල හේතුවෙන් පිටියෙන් ඉවතට යැවු ප්‍රංශ කණ්ඩායම් නායක සිනෙඩියන් සීඩෑන් කුසලානය අසලින් බිමටම නෙත් යොමාගෙන ඇවිද ගිය අයුරු ලෝක පාපන්දු ඉතිහාසයේ දුක්බරව සටහන් වූ අයුරුය....

තරගයේ ප්‍රතම බාගයේදීම දඩුවම් පහරකින් අනගි ගෝලයක් ලබා ගත් සීඩැන් අවසාන අතිරේක කාල සීමාවට මොහොතකට පෙර තරඟ පුවරුවේ 1-1 ලෙස සලකුණුව ඇති අවස්තාවක පිටියෙන් ඉවත් වීම ප්‍රංශ පිලට දැරිය නොහැකි පාඩුවක් විය... තරගය අතරතුර සිදුවු බහින් බස් වීමක් කෙලවර වුයේ ඔහු තම මුඩු හිසින් දරුණු පහරක් ඉතාලි ක්‍රිඩකයෙකුට එල්ල කිරීමට සිදු වූයේ තම දෙමාපියන් අලලා එල්ල කල වාග් ප්‍රහාරයකට පිලිතුරු වශයෙනි...



සීඩැන් රතු කාඩ් පතත් රැගෙන පාපන්දු ලෝකයෙන් සමුගත්තේය...ඉතාලිය ලෝක කුසලානය දිනාගත්තේ පැනල්ටි පහරවල් වලිනි...නමුත් ප්‍රතිමා සෑදුනේ සිනේඩියන් සීඩෑන්ගේය...තරගාවලියේ හොදම ක්‍රිඩකයාට හිමි Golden Ball සම්මානයට නිර්දේශ වී සිටියත් බලධාරීන් එය ඔහුගෙන් උදුරාගත්තේ නැත්තේ ඔහු එදා මෙදා තුර පාපන්දු පිටියේ සිටි අද්වීතීය ක්‍රිඩකයෙකු බව සනාථ කරමිනි...
සිනේඩියන් සීඩෑන් යනු කවරෙක්ද.....?
අටූවා ටීකා අවශ්‍ය නැත... ලෝක ප්‍රසිද්දම දැන්වීම් නිර්මාණය කරන්නෙකු එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ පුරාවෘත තුනක් එක පින්තුරයකට ගත් අවස්තාවක එහි වුයේ ප්ලේ මැරඩෝනා හා සීඩෑන් ය.....


ඔහු ලෝක කුසලානයක් අහිමි වුවද තම මවට ගරු කල යුතු බව ලොවටම කියා දුන් සොඳුරු ක්‍රිඩකයෙකි.....

Sunday, August 21, 2016

හද බැඳ ගත් සිංදු 16 රැල්ල....


බ්ලොග් අවකාශයේ මේ දවස් වල යන සිංදු රැල්ල දැක්කහම ඇස් දෙකට කඳුළු එනවා..... ඒ හැම ලිස්ට් එකකම මගේ ප්‍රියතම සිංදු තියෙන හින්දම මගේ ලිස්ට් එක නිකන්ම පොල් රොඩු ගානට වැටෙන එක හින්දයි... කොහොම උනත් ඉයන්ගේ සිතුවිල්ලකට පටන් ගත්ත රැල්ලට සින්බෑඩ් අහු වුනේ සිතුවිලි සිතුගේ චැලෙන්ජ් එකට...ඒත් එක්කම කොළඹ ගමයගේ,හංසිගේ,ගස් ලබ්බගේ, නිදහස් සිතුවිලි, පොකුරු වැහි වගේ අයගේ සිංදු දැක්කහම පුදුමත් හිතුනා කීවොත් බොරුවක් නෙමෙයි... අහල තියෙන විඳලා තියෙන සිංදු දාස් ගානකින් ප්‍රියතම දාසයක් තෝරන එක පට්ටම අමාරු වැඩක්...  ඒත් ප්‍රියතම සින්දුවක් කියන්නේ හැමවෙලාවෙම මුමුණ මුමුණ ඉන්න එකක්වත් ඩොල්කියකට ගිටාර් එකකට ජීවය දෙන එකක්වත් නෙමෙයි මට... අහම්බෙන් හරි ඇහුනොත් මතක සැමරුම් දොරේ ගලන සින්දු කීපයක් ජිවිතෙත් එක්ක බද්ද වෙලා වෙලා තියෙන සිංදු කීපයක් තමයි මගේ ලිස්ට් එකේ තියෙන්නේ... කීප දෙනෙක්ගේ ලිස්ට් වලට අහුවෙලා සින්බෑඩ්ගේ ප්‍රියතම සිංදු අඩුවෙද්දි අන්තිමට ඉතුරු උනේ මේ ටික තමයි...

1. කරුණා සුවඳ තවරාලූ...

නිහාල් නෙල්සන් මහත්තයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ ඇස් වලට කඳුළු අරගෙන ආවේ සින්බෑඩ් එක වසරේ ඉද්දි..ඒ සින්බෑඩ්ගේ අම්මා දුර රටකට ගියාට පස්සේ හෝන්තු මාන්තු වෙලා හිටිය පොඩි මෑන් අහම්බෙන් වගේ රේඩියෝවෙන් මේ සිංදුව අහලා සැහෙන්න ඇඬුවා...

"දූවලා ඇවිත් පෙර ලෙස මා..... එක පිම්මේ
 අම්මා කියන්නේ..... කාටද අද අම්මේ......"

මේ පද දෙක ඇහෙද්දි තාමත් සින්බෑඩ්ගේ ඇස් තෙත් වෙනවා පුංචි කාලේ සිහිවෙලා...

video


2. තරු මල් යායම පොඩි කර අහස් ඉමේ....

අජිත් මහත්තයගේ ලිස්ට් එකේ තිබ්බ මේ සිංදුව සින්බෑඩ් ගේ ලිස්ට් එකෙන් කපන්න හිත දුන්නෙම නෑ...ඒ මේ තරම් විරහව වෑහෙන විරහ ගීතයක් තවත් නෑ කියලා සින්බෑඩ් එකෙන්ම කියන හින්දයි.... සිංදුව කොහේදි ඇහුණත් නපුරු ඇස් දෙකක් මතකෙට එනවා...........

"තැවුනේ දැවුනේ පිවිතුරු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි "

video

3. ලඹ සවන් රන් පටින්...

මේ ගීතයේ තියෙන අමුතුම රිද්මෙට සින්බෑඩ් පුදුම ආසවක් තියෙන්නේ... නමුත් ඒ රිද්මෙට යටවෙන්නැති ගැඹුරු තෙරුමක් සරලව විඳගන්න පුලුවන් ගීතයක්.....

"කැණි මඩල පලාලා... සුණු විසුනු කලා මැදුරක්
 යලි මැදුර තනාලා.... වෙහෙසුමක් තොපට නැත්තේ...."

video


4. රණ බිම මැරුණේ සිංහලයෙක් නම්....

සින්බෑඩ් ඉතින් NAVY එකේ හිටපු කොල්ලෙක්නේ...රෙක් කුඩ් කාලේ පාන්දර හතරේ ඉඳන් පෙරඩ් ග්‍රවුන්ඩ් යන්න ලෑස්ති වෙලා පට්ට කට්ටක් කාලා අටහාමරට ජාතික ගීය එහෙම කියලා පෙරඩ් එකේ යනකොට පාං කියන්න පණ නෑ... එක එක සරඹ දාගෙන යද්දි පොඩ්ඩක් හරි ගට එන දෙකට තියෙන්නේ බෑන්ඩ් එකෙන් දෙන සප් එක විතරයි... මේ ගීතය බෑන්ඩ් එකෙන් ගහද්දි අම්මපා එනවා ගටක්..........................................  ඒක දන්නේ එක විඳපු එකෙක් විතරයි...ඉතින් මේ සිංදුව කොහෙදි හරි ඇහෙද්දි මතක් වෙන්නෙම පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ කාපු කටු..... ඒවයේ රහ දැන් තමයි තේරෙන්නේ...

"මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ....
කිසිදා නොමියන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ......"

video

5. කැමේලියා මල් සුවඳට....

කිසිම හේතුවක් නැතුව මේ ගීතයටනම් හදවතින්ම කැමතියි... කිත්සිරි ජයසේකරයන් ගායනා කරන මේ ගීතයට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වෙයි....ගීතයට අමුණලා තියෙන්නේ කවුරුත් කැමති චිත්‍රපටියක කොටස් ටිකක්.... එකෙන් ගීතයට අමුතුම රසයක් දීලා තියෙයි...

"යන්න ගියේ බිය හිතිලද.... සිඬරෙල්ලා..........."

video


6. පමාවෙලා මුණ ගැහුණු නිසා.....

දමිත් අසංක ගායනා කරන මේ ගීතය ඇහෙද්දිම සින්බෑඩ්ට මතක් වෙන්නේ මේ දවස් වල දත කාගෙන ට්‍රයි කරන ක්‍රෂ් එක.....අනේ මංදා ඉතින් කොලු කාලෙනේ.....

"කවිකාර ඔය නෙතේ
රස හංගලා.......
ඔබ වගේ තවකෙක්
මට නම් එපා...."

video

7. පනා සෙනෙහස....

දුෂ්මන්ත වීරමන්ගේ ආදරණීය කටහඩින් වර්ණ ගැන්වු මේ ගීතය අහනකොටම සින්බෑඩ්ට මතක් වෙන්නේ P3 මැශින් එකක් තියාගෙන මේ සිංදුව ගමටම ඇහෙන්න දාගෙන හිටපු හැටි...........

"සත් පියුමන් මැද නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල් දමකි...."

video


8. විකසිත පැතුමන්...

මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ හිත ගත්තේ ජනක ක්‍රිෂාන්ත ගායනා කරන හින්දමයි.....

"මා මත් වීලා.................................."

video


9. සඳ කැන් වැසිලා...

කවුරුවත් ලඟ පාත නැති පාලූ රෑක අහන්න ආසම ගීතයක්..... පසුබිම් කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති..........

"මගේ එලිය අද ඔබ පමණී..................................."

video


10. මේ තරම් සියුමැලිද කලුගල්....

රජීව් වසන්ත වෙල්ගම රචිත මෑත කාලයේදි සිංහල ගීතයට උපරිම වටිනාකමක් දුන්න ගීතය මේක තමයි.. සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන මේ සිංදුව සින්බෑඩ් මුලින්ම ඇහුවේ උදාර කියන ගන් බෝට් එකක ඉද්දි... ඒ දවස ජීවිතේ එපාවෙන තරමට කට්ට කාපු දවස්.... ගාල්ලේ නේවි ෆියර් එකට වෙලා මුහුද දිහා බලාගෙන පාන්දර එකට දෙකට ඔහේ මේ සිංදුව අහපු දවස් තිබුනා... දැන් නම් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා... ඒ මතකයන් අරං එන මේ සිංදුවට සින්බෑඩ් පුදුම විදිහට කැමතියි....

"රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා......."

video


11. රන් කුරහන් මල සේමා....

භාතිය සංතුශ්ගේ වැඩියෙන්ම සිත් ගත් ගීතය මේක තමයි... ඇහෙනකොටම ගමේ වෙල දිගේ සරුංගලයක් ඇඳන් දුවන කාලේ මතක් වෙනවා...

" ගම්මානේ මා මන බඳිනා................."

video


12. පෙනෙන නොපෙනෙන......

ඒ 2012 දී... අපේ ෆස්ට් සෙමිස්ටර් එකේ අන්තිම... ෆෝන් ඔක්කොම සීනියර්ස්ලා එකතු කරනවා. ඉරිදට විතරයි ෆෝන් යූස් කරන්න දෙන්නේ... ලොකු බෑග් එකකට ෆෝන් ටික එකතු කරගෙන ගියාම මෙස් එකේ කොල්ලෝ ඉන්නේ නිකන් හෝන්තු මාන්තු වෙලා... ගෙදරට කතා කරන්න... කෙල්ලට කතා කරන්න බැරිව දුක් විඳින කොල්ලෝ සෙනසුරාදා රෑට ෆෝන් බෑග් එක අරන් එනකන් ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්....  ඉතින් එදා ෆෝන් එක හම්බවෙච්ච වෙලාවෙම සිම් එක දාන පමාවට කට පාඩම් නම්බෙරේ ඩයල් උනහම මේ සිංදුව තමයි එහා පැත්තෙන් ඇහුනේ....  ඉතින් අදටත් මේ සිංදුව ඇහෙද්දි ඒ කාලේ ෆෝන් එක හම්බෙනකන් බලාගෙන හිටපු හැටි මතක් වෙනවා...

"මිරිඟුවක සිත තියලා...
නුඹ දුරක ඇඳුනා....
රංචු ගැහෙනා රෑනේ...
තනිකමක් දැනුනා..........."


video


13. කොළොම් තොට නැත මහලු වී...

අමරදේව මාස්ටර් ගේ සිංදු වලින් කැමතිම එක.... රම් බෝතලයක් හිස් කරලා ඉන්න කොට බොක්කෙන්ම බෝතලේට තට්ටුවක් දාන ගමන් කියන්න පුලුවන් සිංදුවක්.....

"කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ
ඇයි සරදම්.......
බලං කැඩපත සොඳුරියේ....
කුමන අරුමද
නරකෙසක් පැහිලා......"

video


14. ගිමන් හරින දියඹ දිගේ...

බාචි කියන්නෙත් අමුතුම ආර්ටීස් කෙනෙක්.....අහල බලන්න මේ සිංදුව....

"හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..................."

video



15. අපි කතා නොකර ඉමු.....

ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතය අහන හැම වෙලේම පේරාදෙණිය මතක් වෙනවා......සුන්දර වගේම අසුන්දරම මතක හිරවෙලා තියෙන්නේ එතන තමයි...

"අපි ළංව බලන් හිඳිනා
එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ.....
මල් පුසුඹ සිඹින්නට...
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ....."

video

16.  පුදසුනක නිසල බව....

දයාන් විතාරන ගායනා කරන මේ සිංදුව ඇහෙද්දිම සින්බෑඩ් ට ස්කොලේ කැඩෙට් ලයිෆ් එක මතක් වෙන්නේ ප්ලැටුන් එකේ හිටපු ජූනියර් කෙනෙක් ලස්සනට මේ සිංදුව ප්‍රසංගයක කියපූ අපූරුව......

"ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්......................"

video


*** මේ නම් එක සින්දුවක් නෙමෙයි...ඒත් රසවත් සිංදු කීපයක් ජනක ක්‍රිෂාන්ත ගේ හඩින්..... පාලු හුදකලා මොහොතක මේ එකතුව හිතට අගේටම වැදුන හින්දම ලිස්ට් එකට අදාල නැති උනත් මෙතනින් අමුණනවා.....

video

"අහස දම් ඇඳන් එන විට
මහ වැසි එන බව දනිම්......
පොළොව ඉරි තැලී එන විට
ඉඩෝරේ එන බව දනිම්...

ඔබ මුහුණ අඳුරු කරවයි.......................
කුමක් වේද මම නොදනිම්...
සිතා ගන්න මට බැරිවෙයි......"

තව සිංදු බුරුතු පිටින් ඔලුවට එන හින්දා මං ඇත්තටම අකමැතියි මේ චැලෙන්ජ් එක සිංදු දාසයකට සීමා වෙච්ච එක....තෝරගන්න අමාරු උන හැටියට අඩුම 20ක් වත් තිබුනනම් කියලා අන්තිමට හිතුනා...

Tuesday, August 2, 2016

තරු අතර සිතිවිලි....


අහස හොඳටම බලාගන්න පුලුවන් තැන කොතනද කියලා මං හුඟක් කල් ඉඳන් හෙව්වා.... හොයන්නාට හම්බ වේ කියලා කතාවක් තියෙනවනේ...එන්ජින් රූම් එකේ ඩියුටිය ඉවරවෙලා ඩෙක් එකට ආපු ගමන් රත්වෙලා තිබ්බ ඇඟ හීතල කරගෙන හූළඟ ඇඟේ වදිද්දි තමයි ඇඟ කිලිපොලා ගිහින් දෙයියනේ මං මුහුඳ මැද්දේනේ කියලා හිතෙන්නේ.... ඔය වෙලාවට තමයි ගාඩ් ග්‍රිල් එක අල්ලං ක්ෂිතිජය කොතනද කියලා බලන්න හිතේන්නේ. ඒ වෙලාවට රෑද දවල්ද කියලා වෙනසක් නෑ. තමන්ගේම සයිකෝ ලෝකයක තනිවෙන්න හොඳම වෙලාව.
.
යාන්තමට තරු එලියට අඳුරු පැහැ ගත්ත යෝධ රැලි උඩින් යන නැවේ ඉඳගෙන එහෙමත් එක්කෙනෙක් තමයි ඒ ජල කඳට යට තියෙන දේවල් ගැන හිතන්නේ.. මං නම් හුඟ වෙලාවට අහසෙන් ඇස් දෙක ගන්නේ නෑ...ඉස්සරහින් පිටිපස්සෙන් ස්ටාර් බෝඩ් සයිඩ් එකෙන් පෝට් සයිඩ් එකෙන් හැමතැනින්ම කෙලවරට යනකන්ම මුහුඳ විතරයි.ඒත් ඒ හැම දේකටම ඉහලින්.කොයි දේටත් වැඩියෙන් අහසම විතරයි...මං පහන් තරුව හොයන්න පටන් ගත්තා....එතකොටම දන්න කියන තරු රටා කීපයක්ම ෆුල් ෆෙඩප් එකේ මං දිහා බලනවා දැක්කත් මං නොදැක්කා වගේ හිටියා.. හැමදාම අපේ විකාර බල බල අහසේ එල්ලිලා ඉන්න එපා වෙනවත් ඇති.. කම්මැලි කමට උන් එෆ්.බී යන්නයැ....
කොහොම උනත් එක අහසේ හිටියත් තරු අතරෙත් පුදුම විරසකයක් තියෙන්නේ.රුවන් බන්දුජීවගේ කවියක් එක පාරටම ඔලුවට ආවා... හරියටම මතක නොතිබ්බත් මං ඒක මිමිණුවේ තරු වලට ඇහෙන්න....
.
නැවියෙකුට හෝ මගියෙකුට මිස
තමන්ගෙම එකෙකුට
පහන් තරුවක්
මග කියන් නැත ...
.
ගොඩබිම් පැත්ත මං ඉස්සරහින්ම ලාවට අඳුරු තීරුවක් වගේ කෙලවරටම වෙන්න හැංඟිලා...එයිනුත් කෙලවර අකුණු ගහන හැටි පේනවා..ඒ පැත්තට හයියෙන්ම වැස්සත් මං ඉන්න තැනට වැස්සක වගක්වත් නෑ... එතකොට තමයි මේ මුහුද මැද්දේ අපි කොච්චර පොඩිද කියලා කියලා හිතෙන්නේ...ඒ වැහි වළාකුළු උඩින් ඉඳගෙන දිලිසෙන තරු පවා මට පේනවා...එච්චරකට විශාල අවකාශයක හතර දිබ්බාගෙන්ම තියෙන එකම දේ මං ඉන්න නැව විතරයි.................
මේ පල් හැලි කියවලා වැඩක් නෑ...මේ අර අඳින්නේ අහස ගැන උනන්ඳු අයට විශ්ව න්‍යාක විද්‍යාව ගැන සින්බෑඩ් දන්න දේවල් කියලා දෙන්න...ඉතින් සින්බෑඩුත් ලොකු දෙයක් දන්නේ නෑ හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනේ දැනගන්න...සාමාන්‍යයෙන් නැවියෙක්ට අහස ගැන හොඳ දැනීමක් තියෙනවා කරුමෙට මට ඕක නෑ...ඒත් කියවලා තිබ්බ දේවල් වලින් මවා ගත්ත චිත්‍ර රූපේ හරි ලස්සන හින්දා ටිකක් අකුරු කරන්න හිතුවා..

ඇත්තටම ඒ හුඟක් කාලෙකට ඉස්සර.... හැම දෙයක්ම පටන් ගන්න ඉස්සර... ඔයයි මායි එක තිතක් ඇතුලේ හිරවෙලා හිටිය දවස් වල...පරමාණුවකටත් වඩා කුඩා තිතක් අස්සෙ තමයි ඔයයි මායි අනෙක් හැමෝමයි හිරවෙලා පැක්වෙලා හිටියේ...කොච්චර කල් අපි හිරවෙලා හිටියද,ඊට ඉස්සර මොකද වුනේ මොනවද තිබුනේ කියලා කවුරුත්ම දන්නේ නෑ...ඔය තිතට ආදිකල්පික පරමාණුව (Primeval atom) කියලාත් කියනවා..

හැම දෙයක්ම පටන් ගත්තේ තිත අස්සේ හිර වෙලා ඉඳිම එපා වුණ දවසේ ඉඳන්. හැබැයි ඒ අවුරුදු බිලියන 13.8 කට ඉස්සර... බැංකු ණයක පොලී අනූපාතය වගේ 13.8 ක් කීවට අවුරුදු බිලියන කියපුවම සෙල්ලම්ද... විශ්වය ගැන කතා කරද්දි ලොකුවට හිතන්න ඕනේ... හැබැයි පරමාණුවක් ඇතුලෙත් අපට හිතාගන්න බැරි තරම් විශාල විශ්වයක් තියෙනවා.ඒ වෙලාවට ඉලක්කම් බිංදු නොදැක්කා වගේ ඉන්නේ නැතුව මේවා ගැන හිතුවොත් ඔලුව අවුල් වෙනවා... බිලියනයකට බිංදු කීයද කියලවත් ඔලුවට එන්නේ නැති වෙලාවක් වුනත් මිනිහෙක් ජීවත් වෙන අවු 100 ක් උපරිමයක් එක්ක අවු බිලියන 13.8ක් කියන්නේ කල්පයකට විතර ඉස්සර තමයි....

කල්පයක් කියපුවම බෞද්ධ සාහිත්‍යයේ අර්ත දැක්වීම් කීපයක් තියෙනවා..එතනින් මං කැමතිම එක තමයි දහඅට රියනක් උස දහඅට රියනක් පළල දහඅට රියනක් දිග පෙට්ටගමක් ඇතුලේ කට ගාවට එනකන් අබ ඇට පුරවලා අවුරුද්දට එක ගානේ අබ ඇට අයින් කරපුවම අන්තිම අබ ඇටේ අයින් කරන්න යන කාලය කල්පයකට සමානයි හෝ අඩු වෙන්න පුලුවන් කියලා..එහෙම බලද්දි කීප වාරයක් අපි මේ තිත අස්සේ හිර වෙලා නිදහස් වෙලා අයේ හිර වෙලා ඉන්න ඇති....

හැබැයි ඒ හැම වරකම ඔයා තමයි මගේ ලඟින් ම හිටියේ.මට වැඩිපුරම දැනුනේ.... ඒත් අපි දන්න කියන කාලය හා අවකාශය කියන සංකල්ප දෙක පහළ වෙච්ච මොහොතේ තමයි අවසාන වතාවට මේ තිත පුපුරලා ගියේ.සමහරු කියයි අපි ඔක්කොම එක තිතක හිරකරගෙන ඉඳලා තිතටත් එපා වෙන්න ඇති කියලා.ඒත් අපි දෙන්නා එකට වෙලිලා ඉන්න එක දැකලා කාගේ හරි ඇස්වහක් වැදුනා.... සමහර විට පරීක්ශණ නලයක විශ්වයන් කෝටි ගානක තිත් තියාගෙන අණ්වීක්ශයකින් අපි දිහා බලාගෙන ඉන්න කාගේ හරි වෙන්න ඇති.

ඉතින් හිරවෙලා ඉඳිල්ල එපා වෙච්ච තිත මහ සද්දෙට පුපුරලා විශ්වයක උපත සිද්ද උනා.අපේ පරමාණු ඈතටම විහික් වුණා. හැබැයි නිතර නිතර අන්තර් ආකර්ශණ බල හින්දා ඇති වෙන චලිත උදව් කරගෙන එක ළඟට වෙන්න ඒවා උත්සහ දරන්න ඇති.ඒවා එකිනෙකට හොඳින් අඳුරනවා ඇති අපේ ස්වරූප වෙනස් උනත්... ඒවා එකිනෙකට ආදරේ කරන්න ඇති අපි නොදැණුණා වගේ හිටියත්...ඉස්සරහටත් එහෙම්ම වෙයි.... ඈතට ඈතට ගියපු දේවල් නැවත කවදා හරි තිතක් ඇතුලේ කොටු වෙනවමයි.. එදාට ආයෙත් හුඟ කාලෙකට මඟේ ළඟ ඉන්න පුලුවන් වෙයි...



ඉතින් කාලය කියන එක හටගත්තට පස්සේ හැමදේටම ජීවය ලැබුණා.කාලය තමයි උත්තරීතර. පළවෙනි මිලි තත්පරය විශ්වය තුල හට ගද්දිම කුඩා තිතක් වෙලා තිබ්බ විශ්වය අනන්ත අපරිමාණ විශාලත්වයකින් යුක්ත වෙන්න අරමුණක පැටලිලා කෙලවරක් දකින්න බැරි උනත් තවත් ප්‍රාසාරණය වෙනවා...අන්තර් අවකාශය වැඩි කරගන්නවා... හරියට ලංකාවේ මන්ත්‍රී ගොල්ල සල්ලි හම්බකරනවා වගේ..



එච්චරකට විශාලත්වයක් එක තිතක් තුල පුපුරා යාම මොනතරම් පුදුම සහගත දේවල් වල ආරම්භයක්ද කියලා ලාවට වගේ තේරිලා ආපු හින්ද අපේ මිනිස්සු මේ පිපිරීමට Big Bang කීවාද......? නෑ......මේ මතය ගෙන ආපු මිනිහට මඩ පාරක් ගහන්න තමයි සමහරු මේ තියරියට සමච්චලේට තමයි මහ පිපුරූම් වාදය කීවේ... කොහොම උනත් දැන් හැමදෙයක්ම තහවුරු කරගන්න අලුත් දේවල් හොයාගන්න මුලින්ම අඩිතාලම වෙච්ච කල්පිතය ජෝජ්ස් ලෙමාටර්ගේ මහ පිපුරුම් වාදය කියලා රන් අකුරෙන් ලියවිලා ඉවරයි... අර වතුර ජෝග්ගුව වගේ රූප සටහනේ ඇඟිල්ල තිය තිය බල රේඛා ලකුණු කර කර විස්තර කරන්න මට ඕනේ නෑ..මේ පොඩි කියවිල්ලක් විතරයි...

කොහොම උනත් අපේ පරමාණූ සී සීකඩ විසිකරපු බිග් බෑන්ග් එකෙන් ඉපදුනේ කාරණා 2 යි..

1. කාලය.

2. අවකාශය

කාලය කිසිම දෙයකින් යුක්ත වෙලා තිබුනේ නෑ.. පිරිලා තිබුනේ නෑ .හැබැයි තත්පර වලින් පිරෙන්න ගත්තා.. කාලය කියන්නේ හැමදේම. දෙවියන් කියලා කෙනෙක් ඉන්නවනම් ඒ තමයි කාලය.කාලය නිරපේක්ෂයි කියලා සම්මතයක් තිබුනත් අපි හැමෝම කාලය සාපේක්ශ කරගෙන වැඩ ටික කරගන්නවා...කාලය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.. නිව්ටෝනියානු කාලයේ ඉඳලා විශ්ව කාලීය කැලන්ඩරය... කාල නැම්ම...කාල ශෝධනය...කාල ප්‍රතිවර්තක..කාල තරණය..කලු කුහර...වගේ ලොකු කතා ගොඩාක් තියෙන හින්දා අපි අවකාශය ගැන මුලින්ම කතා කරලා ඉමු... ඇයි ඒක ටිකක් ලේසියෙන් කියන්න පුලුවන් දෙයක් හින්දා කාලයට සාපේක්ෂව..


ආදිකල්පික පරමාණූව නැත්තන් ඒ පුන්චි තිත අස්සේ තිබ්බ අවකාශය තමයි පුපුරලා ගියේ..ඒ අවකාශය අන්තරීක්ෂය ගින්නේන් දැවුණා විශ්වයේ ප්‍රසාරණය පටන්ගනිමින්....අපි දන්න සියලූම ශක්තීන්ට හා අපි අද දන්න කියන හැම දේටම උපත දෙමින්... ප්‍රසාරණයත් එක්කම විශ්වය සිසිල් වෙන්න පටන් ගත්තා...මුල්ම අවුරුදු මිලියන 200 ක් පහුවෙනකන්ම මේ අවකාශය පිරිලා තිබුනේ සියුම් සුදු පැහැති මීදුම් වලාවකින්...හයිඩ්‍රජන් ප්ලාස්මාවකින්.... අවකාශය සුදු පැහැති මීදුමකින් වෙලි තිබුනත් මේ කාල සීමාව විශ්වයේ අඳුරුම කාල සීමාව කියලයි හඳුන්වන්නේ....මේ අවුරුදු මිලියන 200 ඇතුලේදි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන එකතු වෙලා උදාසීන අංශු වන නියුට්‍රෝන සාදමින් වායු අංශු සෑදිමත් සමගම ගුරුත්වාකර්ශනය හා අන්තර් ආකර්ශණ බල උපයෝගී කරගෙන එකතු වු රත් වු වායු අංශු මඟින් විශ්වයේ මුල්ම තරුකා බිහිවුණා... ඒ තරුකා වල එකතුවීමෙන් මන්දාකිණි සෑදුණා...අපි දන්න කියන විශ්වය හටගත්තා... අපි ත් හැදිලා ඉන්නේ තරුකා වල අළු මතින් වගේම අපේ අළු මතින් කවදාහරි තරු බිහිවෙයි...... අනන්ත අප්‍රමාණ තරු තියන අවකාශයක් ගැන කතා කරද්දි විශ්ව න්‍යාක විද්‍යාවේ උපත ගැන කතා කරන්නේ නැතුව කොහොමද...?

විශ්ව න්‍යාක විද්‍යාව කියන්නේ මේ දේවල් ගැන බැරෑරුම්ව කතාකිරීම. විශ්ව න්‍යාක විද්‍යාව ආරම්භ වෙන්නේ එක සරල ප්‍රශ්නයකින්....ඒ තමයි 
"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"
කොහොම හරි ඒ ගැන මුහුණු පොතේම පළවෙච්ච රසවත් ලිපියක් මෙතන අමුණලා මං අදට මාරුවෙන්න යන්නේ.....කැමති අය කියවන්න...

ඊළඟදවසේ අනන්ත විශ්වයක් ගැන මුලින්ම ලෝකෙට කියලා අවුරුදු ගානක් හිරබත් කාලා ගිනි තියලා මැරුව ජෝර්දානෝ බෘනෝ ගැන කියන්නයි හිතාගෙන ඉන්නේ.

සේල්රුවා.
*****************************


"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"

උපුටාගැනීම Fans of Astronomy
විශ්ව න්‍යාය විද්‍යාව( Cosmology)
.
විශ්ව න්‍යාය විද්‍යාව යනු විශ්වයේ ස්වභාවය, එහි හැඩය, ව්‍යුහය හා පැවත්ම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයන කෙරෙන්නා වූ භෞතික විද්‍යාත්මක න්‍යායන් මත පදනම් වූ විෂයකි.නමුත් විශ්ව න්‍යාය විද්‍යාව ඇරඹෙන්නේ බැලූ බැල්මට නොවැදගත් යයි හැඟෙන්නා වූ එක් කුඩා පැනයකිනි. ක්‍රි.ව 1610 දී පමණ ජොහැන්ස් කෙප්ලර්ගේ අවධානයට යොමු වුනු මෙම ප්‍රශ්නය වඩාත් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවේ ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ හෙන් රිච් ඔල්බර්ස් විසිනි. එම පැනය " රාත්‍රී අහස අඳුරු ඇයි?" යන්නයි.

ඔල්බර්ස් විසින් විශ්වය විග්‍රහ කරනු ලැබුවේ අහඹු ලෙසින් තාරකා විසිරී පවත්නා පරිමිත (finite) අවකාශයක් ලෙසිනි. නිව්ටන් විසින් සිය ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් තාරකා අතර පවත්නා ගුරුත්වාකර්ෂණ බලයක් හේතු කොටගෙන කාලයත් සමඟ තාරකා සියල්ලම එකිනෙක මත වැටී එකම පදාර්ථ කොටසක් බවට පත්විය යුතු බව පෙන්වා දුන්නේය. නමුත් මෙය කිසිසේත් සිදු විය නොහැකිය. එබැවින් විශ්වය ස්ථිරවම පවත්නා අනන්ත ලෙස පැතිරුණු තාරකා වලින් සමන්විත විය යුතු යැයි නිව්ටන් යෝජනා කළේය. එසේ වීමට නම් විශ්වයේ පවතින තාරකා ඉතා පැරණි විය යුතු අතර ඒවා කැපී පෙනෙන වෙනස් කම් වලට බඳුන් නොවී දීර්ඝ කාලයක් පැවතිය යුතුය. නමුත් මෙබඳු ස්ථිර, අනන්ත විශ්වයක් පිළිබඳ සංකල්පය එක්තරා ප්‍රබල ගැටළුවක් මතු කරන බව ඔල්බර්ස් නිරීක්ෂණය කළේය.

තාරකා විසිරුණු අවකාශය අනන්ත ලෙස පැතිර තිබේනම් අපගේ ඇසට පෙනෙන සෑම ලක්ෂ්‍යක්ම අවසානයේ යම්කිසි තාරකාවක් කරා යොමු විය යුතුය. එනම් කුමන දිශාවකින් රාත්‍රී අහස දෙස බැලුවද අපට තාරකාවක් දිස් විය යුතුය. එසේ නම් රාත්‍රී අහස ද සූර්යයා හෝ පෘථිවිය මෙන් බබලන එකම ආලෝකයක් ලෙසින් දිස් විය යුතුය. නමුත් ගැටළුව නම් රාත්‍රී අහස සැබවින්ම අඳුරු වීමයි. මෙම ගැටළුව ඔල්බර්ස්ගේ විසංවාදය (Olber's paradox) ලෙසින් හැඳින්වේ.

ඔල්බර්ස් ගේ විසංවාදය අනුව නිව්ටන් විසින් විස්තර කරණු ලැබූ පරිදි විශ්වය ස්ථිර, අවකාශයක් විය නොහැකිය. අපට නිව්ටෝනීය විශ්වය තලයක නිරූපනය කළ හැක. ( පෘථිවිය ත්‍රිමාන වස්තුවක් වුවද ලෝක සිතියමක් කඩදාසියක නිරූපනය කළ හැක.) මෙම ආකෘතිය නිව්ටෝනීය කාලය සමඟ සැසඳේ. නිව්ටෝනියානු කාලය නිරපේක්ෂය. විශ්වයේ කවර ස්ථානයක් වුවද කාලය ගතවන්නේ එකම වේගයකිනි.නමුත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව විශ්වයේ සෑම ස්ථානයකම කාලය ගත වන්නේ එකම වේගයකින් නොවේ. එය නිරීක්ෂකයා මතත්, චලිත ස්වභාවය මතත් රඳා පවතී. සාපේක්ෂතාවාදය අනුව ගුරුත්වාකර්ෂණය නිසා කාලය හා අවකාශය නැමීමකට ලක්වේ. ඒ අනුව අප විශ්වය නිරූපණය කිරීමට යොදා ගන්නා තලයේ ඇතැම් ස්ථාන වල නැමීම් සහ කඩතොළු වීම් ඇති වේ.

1915 දී අයින්ස්ටයින් සිය සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන තෙක් විශ්වය සැලකුනේ නිව්ටන් ප්‍රකාශ කළ පරිදි ස්තිථික, පරිමිත අවකාශයක් ලෙසිනි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ගණනය කිරීම් වලට අනුව විශ්වය ප්‍රසාරණය වෙමින් හෝ සංකෝචනය වෙමින් පැවතිය යුතු බව පෙන්නුම් කෙරුණ ද ඒ වන විට ස්තිථික විශ්වය පිළිබඳ සංකල්පය තරයේ විශ්වාස කරමින් සිටි අයින්ස්ටයින් සිය සමීකරණ වලට විශ්ව නියතය(Cosmological constant)[Ω] එක් කරමින් විශ්ව ස්තිථික අවකාශයක් බව දැක්වෙන පරිද්දෙන් එම සමීකරණ නැවත සකස් කළේය.විශ්ව නියතය මගින් දැක්වෙනුයේ විශ්වය ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය වන්නා වූ පීඩනයයි. අයිස්ටයින්ගේ අදහස වූයේ එම පීඩනය ගුරුත්වාකර්ෂණ බලයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් විශ්වය සංකෝචනය වීමට ඉඩ නොදී ස්ථායිව පවත්වාගෙන සිටින බවයි. මෙම සංකල්පමය අදහස හැරුණුකොට යන්නට වෙනත් කිසිදු භෞතික විද්‍යාත්මක පදනමක් නැත. නමුත් අයින්ස්ටයින්ගේ මෙම විශ්වාසය ඔහුට නව සොයා ගැනීමක් කිරීමට තිබූ අවස්ථාව අහිමි කරන ලදී.එම විශ්වාසය නොවන්නට විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම ප්‍රකාශ කිරීමට අයින්ස්ටයින්ට හැකියාව තිබුණි. ඉන් ටික කාලයකට පසුව එඩ්වින් හබල් විසින් විශ්ව ප්‍රකාශන සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම "විශ්ව නියතය" තම ජීවිතයේ ඉතා විශාලම වැරදීමක් බව අයින්ස්ටයින් විසින් පිළිගන්නා ලදී.

ඔල්බර්ස්ගේ විසංවාදය සඳහා විවිධ පැහැදිලි කිරීම් මුලදී ඉදිරිපත් වුනි. තරු අතර පවතින දුවිලි මෙයට හේතු විය හැකි බව ප්‍රකාශ විය. නමුත් මෙය අසත්‍යයකි. එම වායු සහ දූවිලි අයණීකරණය වී නැවතත් ශක්තිය විමෝචනය කරන නිසා මෙය පිළිගත නොහැකිය. එසේම තරු වලට ඇති දුර වැඩිවත්ම එයින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය 1/r^2 කින් අඩු වන නිසා මෙසේ දිස්වන බව සමහරෙකුට සිතුනත් දුර වැඩිවත්ම අපට පෙනෙන අහස් ගෝලයේ වර්ගඵලය r^2 ගුණයකින් වැඩි වන නිසා එමගින් මෙම පැනයට කිසිදු පිළිතුරක් ලබා නොදෙයි.

අවසානයේ ඔල්බර්ස්ගේ විසංවාදය එනම් "රාත්‍රී අහස අඳුරු ඇයි" යන පැනයට පිළිතුර නම්

01. අප ජීවත්වන්නේ ප්‍රසාරණය වන විශ්වයක බවයි. එනම් විශ්වය ස්ථිතික නොවේ.මෙනිසා ඩොප්ලර් ආචරණය මගින් ඈත පිහිටි තාරකා වල ආලෝකය දිගු තරංග ආයාම දෙසට නැඹුරු වන අතර එම නිසා පෘථිවියට ලඟා වන විට එහි තරංග ආයාමය වර්ණාවලියේ දෘෂ්‍ය ප්‍රදේශයේ නොපිහිටයි.

02. අප විශ්වය යම් කිසි කාලයකට පෙර ආරම්භ වී ඇත. එනම් පෘථිවියේ වයසට වඩා ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි තාරකා වලින් තවමත් ආලෝකය ලැබී නොමැත. එනම් අපට පෙනෙන විශ්වය නැතහොත් නිරීක්ෂණාත්මක විශ්වය පරිමිත බවයි. නමුත් විශ්වය තවමත් අපරිමිත විය හැකිය. නිරීක්ෂණාත්මක විශ්වයේ සීමාව cosmic particle horizon ලෙස හැඳින්වේ.

විශ්වය පිළිබඳ ආකෘති තැනීමේදී කරනු ලබන ප්‍රධාන උපකල්පන

♣ සර්ව දිශ්‍ය (Isotropic)
♣ සමජාතීය (homogeneuos)
♣ විශ්වීය (Universality)

• සර්ව දිශ්‍ය (Isotropic)

විශාල පරිමාණ වලදී විශ්වය සෑම දිශාවකින්ම එකම ආකාරයකින් දිස් වේ.

• සමජාතීය (homogeneuos)

විශාල පරිමාණ වලදී විශ්වයේ සෑම තැනම එකම භෞතික ලක්ෂණ ඇත.

• විශ්වීය (Universality)

භෞතික විද්‍යාත්මක නියම විශ්වයේ සෑම තැනකටම සත්‍ය වේ.


************************************************

Tuesday, July 26, 2016

ටොම් සෝයර්ගේ විදෙස් සංචාරය


"මාස්ටර් ටොම් දන්නේ නෑ ඔය චිත්‍ර ශිල්පියොයි කියන මෝඩයන්ගේ හැටි. මං හොඳට දන්නවා ඒ ගොල්ලෝ ගැන. දවසක්දා මං දැක්කා එක්කෙනෙක් හැන්ක් විල්සන්ලගෙ පිටිපස්සේ ඉඩමේ ඉඳගෙන චිත්‍රයක් අඳිනවා. මං ළඟට ගියා බලන්න. මිනිහා ඇඳ ඇඳ හිටියේ නාකි රතු එළදෙන අර අඟකුත් කැඩුණු එකී. ටොම්ට මතකනේ ඌව. ඉතිං මං මිනිහගෙන් ඇහුවා ඇයි ඒකීව අඳින්නේ කියලා. මිනිහා කීව්වා ඒක ඇඳලා ඩොලර් සීයකට කාටදෝ විකුණන්න පුළුවන් කියලා. අපරාදෙනේ මාස්ටර් ටොම්...... ඒ චිත්‍රෙ ගන්න කෙනාට ඩොලර් පහළොවකට එළදෙනවම සල්ලි වලට ගන්න පුළුවන්. මං ඒ විත්තිය මිනිහට කිව්වා. මිනිහ කළේ ඔළුව හොළවපු එක විතරයි. ඔන්න චිත්‍ර ශිල්පියොයි කියන අයගේ හැටි. උන් දන්න ඉටි ගෙඩියක් නෑ........"


*************************************
"මං හිතන විදිහට අපේ බැලුම තියෙන තැන කොහෙද කියලා දැන් හොයාගන්න පුළුවන් ටොම්. අර පේන ඉර මේ සිතියමේ ඇඳලා තියෙන දේශාංශද මොකක්ද කියන රේඛාවක් වෙන්න ඇති. අපි පහළට බැහැලා එකේ නොම්මරේ දැනගෙන...."
"අනේ මෙහෙමත් බූරුවෙක් ! හක් උඹ හිතනවද දේශාංශ රේඛා ඇත්තටම පොළවේ ඇඳලා තියෙනවා කියලා ?"
"ඇයි ටොම් උඹ හොඳටම දන්නවනේ ඒවා මේ සිතියමේ ඇඳලා තියෙන විත්තිය "
"හරි.......... ඒවා සිතියමේ තියෙනවා තමයි තමා. ඒත් පොළවේ නෑ......"
"ටොම්........... උඹ හොදටම දන්නවද නෑ කියලා?"
"නෑ තමා !"
" සිතියම ආයෙත් සැරයක් බොරු කළා. මගේ ජිවිතේට දැකලා නෑ සිතියම් තරම් බොරු තියෙන දෙයක්."


*************************************
"මේවා සහරා කාන්තාරයේ වැලි කියලා දැනගත්තහම මිනිස්සු වැල නොකැඩි එයි මෙයින් ටිකක් ගන්න සිහිවටනයක් විදිහට. උන් ඒක කුප්පියක දාලා ලේබලයකුත් අලවලා කැබිනට් වල ප්‍රදර්ශනය කරයි. අපිට කරන්න තියෙන්නේ මේ වැලි පුන්චි ලස්සන කුප්පි වල දාලා ඇමරිකාව පුරාම බෙදාහරින එකයි. එකක් සත දහය ගානේ. එහෙම කළොත් මේ අට්ටාලේ තියෙන වැලි වලින් විතරක් ඩොලර් දහදාහක් විතර හොයා ගන්න පුළුවන්."
ජිම්ට හා මට ප්‍රීතිය උසුලාගත නොහැකිය. අප සිටියේ එක තැන නටමින.
"අපිට පුළුවන් මේ වැලි ටික ඉවර උනහම සැරින් සැරේ ඇවිත් ආයේමත් වැලි අරගෙන යන්න. ඔය විදිහට අපිට මේ මුළු කාන්තාරෙම විකුණලා දාන්න පුලුවනි. කාටවත් අපි එක්ක තරඟ කරන්න හම්බවෙන්නේ නෑ. අපි මේකට පේටන්ට් එකක් ගන්න නිසා."
"දෙයියෝ සාක්කි ටොම්! මේ වැඩෙන් අපිට කෝටිපතියෝ වෙන්න පුළුවන්නේ."
"මාස්ටර් ටොම්.. මේ කාන්තාරේ විකුණලා අපිට කීයක් විතර හම්බකරගන්න පුළුවන් වෙයිද?"
"මට හරියටම කියන්න බෑ ඒක. ගණන් හදලා බලන්නේ නැතුව. සත දහයේ කුප්පියකට දාන්න මෙහෙ වර්ග සැතැප්ම මිලියන හතරකට වඩා වැලි තියෙනවා. ලේසි වැඩක් නෙමේ."
" මාස්ටර් ටොම්.මං හිතන්නේ නෑ අපිට මේ සේරම විකුණන්න පුළුවන් වෙයි කියලා. අපි මුළු කාන්තාරෙම විකුණන එක අතඇරලා දාන එක හොඳා. නැත්තම් කුප්පි හිඟයක් ඇතිවෙලා ඒකට හේතුව අපියි කියලා අත් අඩංගුවට ගනීවී!"


*******************************


නූතන ඇමරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් විසින් ලියනු ලැබු තෙවන ටොම් සෝයර් කතා පුවතවූ Tom Sawyer Abroad පොත පාදක වී ඇත්තේ ටොම් හක් හා ජීම් බැලුමක නැඟි කරන වීර සංචාරයකි. මාක් ට්වේන් විසින් ටොම් සෝයර් චරිතය අලලා පොත් හතරක් රචනා කර ඇති අතර මුල් ටොම් සෝයර් පොත හැරුණු කොට අනෙක් තුනෙහිම කතාව දිවයන්නේ හක් ගේ සිතුම් පැතුම් ඔස්සේය.... මේ පොත් හතරම මේ වන විට සිංහලයට පරිවර්තනය වී ඇති අතර මුල් පොත් දෙකට සාපේක්ෂව කුඩා පොතක් උවද සියුම් උපහාසයන් වලින් අනූන රසවත් පොතක් ලෙස සැලකිය හැක.
.
ටොම් සෝයර්ගේ විදෙස් සංචාරය.
පරිවර්තන තුෂාරි ජයවර්ධන
පිටු 136
මිල රු 130
.
පොත බාගන්න...

Wednesday, July 20, 2016

රන් දහඩිය




හැත්තෑ තුනේ නිකන් දෙන හාල් සේරුව ගන්නට පෝලිමේ රැඳෙමින් දහස් ගණන් ආණ්ඩුවට බනිමින් සිටිද්දි උගත් තරුණයන් පිරිසක් සෝමාවතිය ටත් ඒහා වල් අලි රජ කරන මහ මූකලාන තඩි ගැසීමට සිතුවෝය.....

" උඹ නම් කියයි. මං කවදාවත් බඩගින්නේ හිටපු මිනිහෙක් නෙවෙයි. ජීවිතේටම මේ වගේ වැඩ කරපු දවසක් මට මතක නෑ....."

"වරුවක් බඩගින්නේ ඉන්න බෑ උඹලාට. ඒ වුණාට උඹ කිව්වේ කොහොමද..? මට නිකන් ඉන්න බෑ, පොඩි වැඩක් කරන්නත් බෑ, එක්කෝ පොළව අනිත් පැත්ත හරවන්න ඕනෑ. නැත්තන් ආණ්ඩුව පෙරළන්න ඕනෑ. උඹ මාත් එක්ක ඔහොම කිව්වේ නැද්ද එතකොට...?"

********

ජයසේන ජයකොඩි කතුවරයාගේ මම ඉතාමත් ප්‍රිය කරන පොතක් මෙන්ම වැඩිම සැරයක් කියවපු පොතක්... අට වසරෙදි මුලින්ම කියෙව්වට පස්සේ සිය පාරක් විතර කියේව්වත් තාමත් කියවන්න ආස කරන පොතක්.... ඒකට හේතුව සරල බස් වහරකින් අලංකෘත ඒ වගේම ඇඟ කිලිපොලා යන තරුණ ජවයන් ඉස්මතු කරන උද්වේගකර පොතක් හින්දයි...




"හොඳයි නොවැස්සොත් මොකද කරන්නේ..."

"කරන්න වැඩ තියෙනවා"

"මොකක්ද ? දෙයියන්ට කියන එකද, ආණ්ඩුවට කියලා සහනාධාරයක් ඉල්ලන එකද?"

"මං දෙයියන්ටත් ආණ්ඩුවටවත් කියන්නේ නෑ"

"එහෙනම් මොකද කරන්නේ ? "

"වැසි නොලැබුණොත් ගඟ හරස් කරලා ඇලක් කපලා ගොවිපලට වතුර කැන්දන් එමු"

" පණ යයි..."

**********

නිහාල් කේන්තියෙන් පිපිරෙන්නට වුයේය. ඔහු හිතින් පමණක් කුණුහරප ගොඩක් කීය. අල්ලපු කඩයේ ගුවන් විදුලියේ, අල්ලක් වපුරා මල්ලක් නෙලා ගන්නා ලෙස කරන ලද නිවේදනය ඇසු ඔහුට යකා නැග්ගේය. කොච්චර කේන්ති ආවත් ඒ කේන්තිය පිටකරගන්නට ඔහුට නොහැකිය. ඔහු නළලේ නැගී තිබුණු දහඩිය පිට අල්ලෙන් වැරයේ හුරා දැම්මේ ය. එවිටම මොහොතකට පෙර බීපු රතු සීනි දැමු තේ එක උගුරට ආවේය. කඩයෙන් එළියට ආ හේ කාරා කාණුවට කෙළගැසුවේය.

වික්‍රම රුපියල් පණස් පහක් ගෙවා උදලු තල මිලදිගත්තේ ය.තව රුපියල් දා හතක් ඔහුගේ අතේ ඉතිරි වීය.

............................... " පොළවට එක උදලු තලයක් කොටලා තියෙන මිනිස්සු අපිට වගාකරන්න කියලා කියනවා නම් ඉවසන්න පුළුවන්. කිඹුලා උදැල්ලකයි ලංකා උදැල්ලකයි වෙනස දන්නේ පොළව කොටන එකෙක්. රුපියල් පණස් ගණනකට කිඹුලා උදලු තල නොදි රෙපියල් දහයකට දොලහකට දෙනවා නම් වගා කයියට රුපියල් කෝටි ගණන් වියදම් කරනවාට වැඩිය නරකද?.................."

********

තරුණයෝ විනෝද වටය නවතා කන් දුන්හ. මොහොතින් ගඟ පැත්තෙන් දඬු වැට කිට්ටුවෙනම් කන් බිහිරි කරවන ගර්ජනාව නැගිණි. ඒ බලගතු අභියෝග හඬකි.මහ වනය පෙරළෙයි. අලි ගෙරවිලි හඩින් බයට පත් දහසක් සත්තු මර හඩ නගති.

"උන් හරියට අපිත් එක්ක සටනට ආව වගෙයි. ආවේ මහ නරක් වෙලාවක. වැට බින්දොත් අපි කඹුරපුව සුං! එක පැයයි මුළු ගොවිපලම සුං...."

*******

"අපේ ගෑනු ළමයි දෙන්නා ගැන ඒ ගොල්ලන්ගේ කවුරු හරි උනනදු වෙන පාටක් නන්දාවතීට නිකම් දැනිලහෙම නැද්ද...?"

"............. ඒ මහත්වරු කට පුරෝලා නංගියේ කියලා අපේ ළමයින්ට කතාකරනවා........."

"රන් පවුම් හතක් තියෙන තැනින් කොයි පවුම තොරාගත්තත් එකයි......"

********

නවකාතාවේ මා සිත්ගත්ම කොටස වූ කලී තරුණයන් එක සිතින් අත සිත දී උදව් කරන සීඩින් මුදලාලි පනස් හතේ මහ ගංවතුරෙන් අට්ටාලයක් මත නැඟී දිවි බේරාගත් සැටි කියන කොටස කොටසය කොතෙක් වර කියවා තිබුවත් ඒ පිටු කීපය නැවත් කියවන විට ඇඟ කිලිපොලා යන අයුරට හැඩ ගස්වා තිබීම කතුවරයා සතු සුවිශේෂීම දස්කමක් බව ඉඳුරාම කිව යුතුය.....




"........ අපි දවස් හයක් අට්ටාලය උඩ හිටියා. අපිට කන්න තිබුණේ පාන් ගෙඩි දෙකක් විතරයි.එ පාන් ගෙඩි දෙකත් මැස්සට නගිනකොට තෙමුණා. එක පාන් ගෙඩියක් ලොකු දුව අතින් වතුරට වැටුණා."

"ඉතිං මොනවද කෑවේ..?"

"දවස් දෙකක් යනකන් මොකුත් නෑ. අහසින් වැටිච්ච වැහි වතුර විතරයි."

"එතකොට ළමයි දෙන්නා.."

......................." මගේ ඔය ඉන්න ලොකු දුවට දවස් දෙකක් පිළුණු පෙඟිච්ච පාන් කැවේව්වා. වතුර පෙව්වා. පොඩි දුව අම්මගේ තනේ පාන්කඩේ වෙනක්ල් ඉරුවා. ඊට පස්සෙ එයාගෙ බඩට කෑමක් නැති හින්දා කිරි එරුණේ නෑ. මහත්තයලට ඒ වගේ ජල ගැලිමක් නෙවෙයි. ඊට වැඩිය ලොකු ගැලීමක් ඇතිවුණත් එහෙම දුක් විඳින්න ලැබෙන්නේ නෑ. තාත්තා කෙනෙකුටත්, අම්මා කෙනෙකුටත්,තමන්ගේ ලේ කැටි දරුවෝ හීතලේ ගැහි ගැහි හයින් හාගතේ දුක් විඳිනවා බලාඉන්න බෑ. මහ රෑ මගේ ලොකු දුව කලාන්තේ දාලා වැටිලා ඉන්නකොට මං එයාගේ අම්මටත් හොරෙන් මගේ ඇඟිල්ල කපල එයාට උරන්න දුන්නා......."

********

"මං කලුවරේම මිදුලේ අඬනකොට වයිට කෙඳිරි ගගා ඉව කර කර ඇවිල්ලා මගේ කකුල් දෙක ලෙවකෑවා.ම වයිටත් එක්ක කැලේ පාරෙ ඇළ ළඟට ඇවිල්ලා ඒදන්ඩෙන් එගොඩ වුණා. ඒදන්ඩෙන් එගොඩ වෙන්න බැරිව වයිටා කෙඳිරි ගෑවා. කෑ ගහන්න පටන්ගත්තා. මං ඌට කිව්වා ගෙදර යන්න කියලා මට පස්සෙයි අම්මේ කල්පනා වුණේ ඌටවත් අපිටවත් ගෙදරක් නැති බව....."

********

"මං අයියේ, මගේ මැරිච්ච අයියත් එක්ක බෝම්බ හැදුව! මං අයියේ ඒ බෝම්බ මල්ලක දාගෙන මහ රෑ තනියම හැතැම්ම ගාණක් ඈත කැලේ ගිහිල්ලා හැංඟුවා....... අයියයි මායි ඒවා හදනකොට මං හිතාගෙන හිටියේ දිව්‍ය ලෝකේ වගේ රටක් හදන්න පුළුවන් වෙන්නේ බෝම්බ වලිනුයි කියලා.ඒවා දිව්‍ය ලෝකේ හදන ගඩොල් කියලයි අයියේ............අපේ අයියත් හිටියා නම් කොච්චර හොඳද ? මං එහෙනම් අයියත් එක්ක මේ ඇළ කපනවා. මගේ අයියා නැති හින්දා අයියේ, මං තනියම ඇළ කපනවා.... අයියගේ හරියත් එක්ක කපනවා. අපිට මොකක්ද වැරදුණා අයියෙ. තුවක්කුයි බෝම්බයි නැතුවට රටක් හදන්න පුලුවන් නේ ද අයියේ ? ........."

********

රන් දහඩිය

ජයසේන ජයකොඩි

දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්

පිටු 143

මිල රු 180

Tuesday, July 12, 2016

ඇට මැස්සා



" මං හිතුවා ශාන්ත කැතරිනා පල්ලියට යන්න. ඒ කියන්නේ පශ්චත් තාප වෙන හුඟ දෙනෙක් බුරුතු පිටින් එතැන පියතුමන්ලට කරදර කරන්නේ නැතිනම්....."

"ඇයි.. මං ළඟට එන්න අකමැති ද....?"


*****************************************

"ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි........"

*****************************************

"අවජාතකයෙක් කොහොමද අපේ පවුලේ කෙනෙක් වෙන්නේ එයාගේ අම්මගේ කැරැට්ටුව එයා දැන්වත් දැන ගන්න එක හොඳයි .පුජකයෙකුගේ හොර ප්‍රේමවන්තියෙක්ගේ දරුවෙක් අපි මොකටද කරට ගන්නේ........."


****************************************

" ෆිලිෆ් රිවාරෙස් හෙවත් ඇට මැස්සා වයස 30 ක් පමණ ය. උපන් ස්තානය හෝ දෙමව්නොපියන් හෝ අවිනිශ්නීචිත ය. දකුණු ඇමරිකාව විය හැකිය. වෘත්තිය පුවත් පත් කලාවේදීයයි.. මිටිය, කළු කොණ්ඩය, කළු රැවුළ. පැහැපත් සම. නිල් ඇස්. පුළුල් හතරැස් නළල,නහය කට නිකට. ආ මේ තියේන්නේ විශේෂ සලකුණු. දකුණු කකුල නොන්ඩිය. වමත ඇඹරී ඇත. වමතේ ඇඟිලි දෙකක් නැත. කඩු පාරකින් ඇති වුණ අලුත් තුවාල කැළලක් මුහුණේ වෙයි. ගොත ගසයි. ආ මේ තියෙන්නේ තව සටහනක්... අති දක්ශ වෙඩික්කරුවෙකි, ඉලක්කකාරයෙකි. සිර භාරයට ගැනිමේදි පරිස්සම් වෙනු......"

................................................"ජේසු නිකායිකයින් එක්ක සටන් වදිනවා කියලා දැන ගත්තොත් ඇති ඔහු එක පයින් කැමති වෙයි. මට ඒක සහතිකයි. පුජකයෝ මිනිහත වහ කඳුරු වගේ තිත්තයි. ඔය ප්‍රශ්නෙදි මිනිහා පිස්සු බල්ලෙක් වගේ........"

***************************************

"ඔව් පුදුම දහුරියක්. ඊයේ රෑ වේදනාව විඳ ගන්න බැරිව සන්නියකට හැරෙනකන් පුදුමාකාර විදිහට සංසුන්ව හිටියා. ඒත් අවසාන භාගේ වෙනකොට මම ඉහ ගැහුවේ පුදුම අමාරුවකින් ඔහු මේ වේදනාව කොච්චර දවසක් දරාගෙන හිටිය යි කියලද හීතන්නේ. රාත්‍රි පහක් පුරා... දවස් පහක්ම......."

***************************************

"ලොකුම බධාව වුනේ මම නිතර නිතර අසනීපෙන් වැටුනු නිසා සෙල්ලම් පාන්න බැරි වීම. පෙළක් දවස් වලට ලොක්කා කෝපයෙන් ඉන්න් දවස්වල මේ වේදනාව මැද්දේම ඔහු මාව පිටියට දානවා. ඒ වගේ දවස් වලට මිනිස්සු වැඩියෙන්ම සතුටු වෙනවා. වරක් මට මතකයි මෙහෙම සෙල්ලම් පාද්දි මට සිහි නැතුව ඇදගෙන වැටුනා. මා නැවතත් සිහි ලබන කොට ප්‍රේකශකයු මා වටකරගෙන හූ කියනවා . ඔල්වරසන් දෙනවා. කෙසෙල් ලෙලි.............."

"එපා තවත් ඔය ගැන කතා කියන්න එපා... මට අහං ඉන්න බෑ දෙයියන්ගේ නාමෙට ඕක නවත්තන්න......................................... ඇයි ඔබ බොටුව කපා නොගත්තේ......"

"මම ඔබගෙන් ඔය ප්‍රශ්නේ බලාපොරොත්තු උනේ නෑ..... එතකොට මගේ කටයුතු කාරණා ? මං වෙනුවෙන් කවුද ඒවා කරන්නේ....?"

****************************************

"............. වෙඩි හඩට මගේ අශ්වයා පොඩ්ඩක් කුලප්පු වුණ නිසා අන්තිමට නැග්ගේ මමයි. මං හැරිලා බැලුවා ඔහුට කරදරයක් නැද්ද කියලා. ඔහුට ලේසියෙන්ම බේරිලා එන්න තිවුනා. අර කාදිනල් නිසා නොවෙන්න....................................... ඔව් ඒ කාලකන්නියා පැන්නා නේ පිස්තෝලය ඉස්සරහට."

****************************************

"මේ මනුස්සයා හරියට කොඩිවිනකාරයෙක් වගේ ඒ හැම කෙනෙක්ම වශී කරගෙන. ඔය පහු ගිය සති තුනට මං සිවු වතාවක් ම මුර කණ්ඩායම් වෙනස් කලා. සොල්දාදුවන්ට දඬුවම් දීල මට දැන් ඇති වෙලා.. කිසිම පලක් නෑ............"

****************************************
යකඩ පොලු අටක්. සවිමත් යකඩ පොලු අටක් තව කොපමණ පීරි ගෑ යුතුද.එතරම් සංඛාවක් විය නොහේ. ඔහු නොනවතී හෝරා කීපයක්ම පීරි ගාන්නට ඇත. අත රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති, පුදුම කැක්කුමක් . ඇට මිඳුලු හාරවමින් කකියයි.....එහෙත් ඇලපත රිදුම් දෙන්නේ ඒ නිසා විය නොහේ............................ ඔහු තිගැස්සි නැංගේය. ඔහු පීරි ගා නැත. ඔහු ඇස් විවෘත කරගෙනම සිහින දැක ඇත. ඔහු මෙතෙක් පීරි ගා ඇත්තේ සිහිනයෙනි. දැන් සිහිනය සැබැ කල යුතුව තිබේ. අතවත් නොතැබු දැඩි ශක්තිමත් ජනෙල් පොලු හතරක් කවුළුව හරස් කරයි....... ඈත ඔරලෝසුවේ දහයේ කනිසම නාද විය. පීර අතට ගත යුතුය................................................................... රෑ එකයි. පැය තුනක් ම දිගටම එහි නිරත වු ඔහු හය පොලක් ම පීරි ගා අවසන් කර තිබුණි. තව ඇත්තේ දෙපොළකි. ඊළඟට කවුළුවෙන් පිටතට බහින්න....................... මීට පෙර මේ භායානක රෝගයට ගොදුරු අවස්තා ගැන ඔහු සිතන්නට වුවේ ය. අන්තිම වරට ඔහු රෝගාතුර වුයේ පහු ගිය අවුරුද්දේය. එසේ ගෙවුණු දවස් පහ ගැන සිහි වෙත්ම ඔහුගේ ඇඟ කිලිපොළා ගියේ ය. එහෙත් එවර මෙතරම් හදිස්සියෙන් රෝගය ඉස්මතු නොවීය. කවදාවත් මෙතරම් හදිස්සියෙන් තමා ඔත්පල වනු ඔහු මතකයේ නැත.
ඔහු පීර බිම අත හැර අනපේක්ශිත දෑත් විහිදා ගෙන අනාත වුයේ අදේවාදියකු වීමෙන්, පසු ප්‍රතම වරට යාඥා කරන්නට වුයේය. ඕනෑ දෙයකට ශුනයත්වයට සියල්ලටම යාඥා කරන්නට වුයේය.
"අද රෝගය මා ගොදුරු කරගන්න එපා. හෙට හෙට මා ඕනෑම වේදනාවක් ඉවසන්නම් අද රෑ නම් බෑ.........."

********************************************

"දැන් ඔබතුමා මට ආදරේලු. කොපමණ ආදරේද? මං වෙනුවෙන් ඔබතුමාගේ දෙවියන් වහන්සේ අත අරින්න තරම්. මේ සදාකාලික ජේසුස් මොනවාද ඔඅබතුමාට කර තිබෙන යහපත. ඔබතුමා වෙනුවෙන් කොහෙද උන් වහන්සේ දුක් විඳලා තියෙන්නේ. මට වඩා උන් වහන්සේට ආදරේ කරන්න තරම්. ඔබතුමා ජේසුස්ට ඒ තරම් ආදරේ ඒ තුවාල වු දෑත් නිසාද? මගේ දිහා බලන්න. බලන්න මෙතන..ඊළඟට මෙතන...මෙන්න මෙතන .............................................................................
දස වද වින්දත් මම මරණය වැළද ගත්තේ නෑ. මම ඒ සියල්ල ඉවසා දරාගෙන හිටියා. ඉවසා දරාගෙන මගේ ප්‍රාණය රැකගත්තා, මන්ද ? ආපසු පැමිණ ඔබතුමාගේ මේ දෙවියන් සමඟ සටන් කරන්න.... දැන් ආපසු පැමිණි මා දකින්නේ කුමක්ද ? ඔහු තාමත් මගේ තැන අල්ලගෙන සැබවින්ම පැය හයක් කුරුසයේ ඇණ ගසා තිබු යළි මළවුන්ගෙන් නැඟි සිටි මේ ව්‍යාජ බිල්ල මගේ තැන අල්ලගෙන. පාදරේ මම අවුරුදු පහක් කුරුසයේ ඇණ ගසණු ලැබ සිටියා. මාත් මළවුන්ගෙන් නැගිට්ටා....
............................................"මම කොහොමද උඹ ව අතහරින්නේ ආතර්...? මම කොහොමද උඹව අත හරින්නේ ?"
"එහෙම නම් ඔහු අත හරින්න. ඔබතුමාට ඇත්තේ අප අතරින් තෝරා ගැනීමක්. ඔබතුමා ඔබතුමාගේ ආදරයෙන් අඩක් මටත් අනෙක් අඩ ඔඅය දෙවියන් වහන්සේ කියන යක්ෂයාටත් දෙනවා ද? ඔහු ගේ ඉඳුල් මම කන්නේ නැහැ. ඔබතුමා ඔහුගේ නම් ඔබතුමා මගේ නෙවේ......................................................................................"පුජකයන් සමඟ සටන් කරනවා ඇරෙන්න මට මගේ ජිවිතයෙන් ප්‍රයෝජනයක් නෑ... මම මිනිහෙක් නෙමේ කිනිස්සක්. ම්ට ජිවත් වෙන්න ඉඩ දුන්නොත් ඔබතුමා කිනිසි අනුමත කරනවා....."

මොන්ටිනෙල්ලි කුරුස සුරුවම දෙසට හැරුණේ ය.

" දෙවියනි.... කන්දෙන්න මේ........."

ඔහුගේ කටහඩ කිසිඳු හෝ අනුකූලතාවයක් නොමැතිව පාළු නිහඬතාව මැද වියකී ගියේ ය.
අවදි වු යේ.ඇට මැස්සා තුල ජීවත් වන සමච්චලයේ යක්ෂයා පමණ ය.

"ටිකක් හයියෙන් කෑ ගහලා කතා කරනවා. බාග වෙලාවට ඔහුට නින්ද ගොහිල්ලා ඇති..........."

*******************************************************
*******************************************************

අයිරිෂ් ජාතික වොයිනික් විසින් 1897 රචනා කරන ලද ඇට මැස්සා (The Gadfly) වූ කලී ප්‍රේම වෘත්තාන්තයක් ද....?
මුල් පිටු කීපයෙන් අනතුරුව මට මැවිලම පෙනුනේ එද්මොන් දාන්තේ ව... පාවාදීමකින් හිත් රිදීමකින් හා විශ්වාසය කඩ කිරීමෙන් පලා යන ආතර් අවුරුදු දතුනකට පස්සේ පලිගැනීමේ චේතනාවෙන් මුසපත් වෙලා යැයි මම හිතුවේ..... ඒත් විසිරුණු ප්‍රේමණීය බව... අසම්පුර්ණ විප්ලවය හා චරිත වල සරල බව හින්දම අවසාන මොහොත වෙනකන් හිතා ගන්නත් බැරි වුනා මේ පලිගැනීම ගැන..... අති සරලව සමාජ සංස්කෘතයන් ඇට මැස්සාගේ උපහාසය තුලින් දෙදරා දූවිලි වෙන අන්දම කතුවරයා අපුරූවට ගලපලා යම්කිසි වක් කියවන්නාගේ අභ්‍යන්තරය තුල ඉතිරිකර තැබීමට ගත් උත්සහය කොයි තරම් ලස්සනද කියලා අන්තිමට හිතා ගන්නත් බැරි වුණා..... ඇට මැස්සා ඈතටම පියඹා ගියද තැබු මතකයින් ප්‍රේමයකට වඩා විශාල බැව් මගේ හැඟිමයි.....

"එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සේක් මි. "

Wednesday, May 25, 2016

"හදිස්සියේ මං මැරුනොත් පලයං මගේ කාමරේට........"


වෙසක් එකට ඉස්කෝප්පයා ගෙදර ඇවිත්...ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිහව හම්බවෙන්නේ ඉඳහිට. සින්බෑඩ් ටුත් මේ දවස් වල ගොඩබිමනේ... ඉතින් වෙසක් එක ගැන...ආගිය කතා ගැන කතා කරන්න දෙන්නා හැමදාම සෙට් වෙන සුපුරුදු තැනටම සෙට් උනා... සින්බෑඩ් ට හොදටම සෙට් වෙන චරිතේ තමයි ඉස්කෝප්පයයි හාරතය යි..දැන් හාරතයා ගෙවල් අතහැරලා නුවර ගොහින් හන්දා ෆට්ටම පාලුවේ හිටපු සින්බෑඩ් ට මේ තත්පර ගාන මහ ලොකුවට වැදගත්...රුවිතයා හිටියට වැඩක් නෑනේ... සින්බෑඩ් නම් කොහොමත් කලා බර නේ....ඉතින් බංකුවක් බිත්තියට හේත්තු කරන් දෙන්නා කතාව පටන් ගත්තා...ඔය අතරේ නිල් පාට දුම් කැරළි දෙන්නව වහගද්දි ඉස්කෝප්පයා සාක්කුවෙන් සිගරට් පෙට්ටියක් එලියට ඇදලා ගත්තා...

"ෂි.... බලප තව පෙට්ටි 2 ක 3ක් ගෙදර තියනවා.. විසික් කරන්න මතක් වෙන්නෙම නෑනේ..."

මගේ ඇස් උඩ ගියා...

"හිස් ඒවද...."

"ම්... ඔව් බං..."

ඉස්කෝප්පයා පොඩ්ඩක් කල්පනා කරලා ආයේ කතා කරන්න පටන් ගත්තා...

"මේ හදිස්සියෙවත් මං මැරුනෝත් උඹ ඉක්මනට අපේ ගෙදර පලයං...කාමරේට..."

මූ ඉතින් ආතල් ම ලෝකයක්නේ... ඉතින් මාත් ගහගෙන හිටපු මනෝ පාර කඩන් මූ කියන එක ඇහුවා...

"ගිහින්...."

ඔන්න මන් හූ මිට්ටකුත් තිබ්බා...

"ඇද යට කෙලවරේ තියෙනවා සුට්කේස් එකක්....ගනින් ඕක ඇඳ උඩට...මෙහෙම ඇරපන්...."

මූ අතින් අරින හැටිත් පෙන්නනවා...

"ඇරලා ඒකේ ඇති හිස් බියර් බෝතලයක්.... ටින් දෙකක් ... හිස් සිගරට් පෙට්ටි දෙක තුනක්... හංගලා..."

"යකෝ විසික් කරන්න එපැයි ඕවා...."

"හැමදාම අමතක වෙනවා බං...හොරෙන් බීලා එලියට දාන්න බැරිව හංඟනවා... පස්සේ අමතක වෙනවා...මේ මතක් උන වෙලාවේ අහගනින් .... උඹ මං මැරුනොත් එහෙම ඉක්මනට ගිහින් ඕවා ටික අස්කරලා දාපන්.... අම්මට අහුවුනොත් එහෙම පෙට්ටියේ ඉන්නකොට උනත් ගුටි කන්න වෙනවා..."

ඔය අතරේ සින්බෑඩ් ටත් මතක් උනා හදිස්සියේ මං මැරුනොත් හංගන්න මොනවද තියෙන්නේ කියලා....

"හරි උඹේ වැඩේ මං කරන්නම්...හැබැයි මටත් උදව්වක් කරන්න ඕනේ...."

"ඇයි උඹේ කාමරේ මොනවද තියෙන්නේ මිසින් කරන්න..."

"මං මැරුනොත් පලයං කාමරේට...මගේ අර පලු දෙක උඩට අරින පරණ මේසේ තියෙන්නේ.."

"ඔව්....."

"ඒකේ වම් පැත්ත ඇරපන්....එකේ ඇති කලු ටියුලිප් කවර දෙකක දාලා ලියපු කඩදහි මහ ගොඩක්..."

"ලියපුවා.... ලව් ලෙටර්ද....?"

"නෑ බන්...ලව් ලෙටර් ඔක්කොම පිච්චුවා....ලියපු අනං මනං වල් පල්... ඒ ටික අරගනින්..උඹ කියවන්නත් එපා....ගෙනිහිං පුච්චපං...."

"මොනවද ඒකේ තියෙන්නේ...."

"ඔව්...ඉතින් තොට කියවන්න එපා කීවට අහයිද ඕවා.... අරූට කෑල්ල උඹ අතේ එවපු ලියුම හොරෙන් කියවලා මං ගැන ලියලා තියෙන දේවල් සෙට් එකේ හැමෝටම කියපු ඩයල් එකනේ "

ඉස්කෝප්පයා බඩ අල්ලං හිනා වෙන්න ගත්තා....ඒ පරණ කතාවක්...රස කතාවක්...

"ඉතින් දැම්ම මං කියන්නම් ඒකේ තියෙන්නේ අපි ඔක්කොම කෙලපු පිස්සු....ඔක්කොම නම් ගම් වාසගමුත් එක්ක..අවස්තා සම්බන්දය දාලා එලටම ලියලා තියෙයි...ඕවා කවුරු හරි කියෙව්වොත් මැරුණු මං එක්කම තොපිටත් මැරෙන්න තමයි වෙන්නේ...."

"මලා...... තෝ මැරෙනකං ඉන්න ඕනේ නෑ.... යමං අදම පුච්චමු......"

"මරනවා තෝව.....අදම පුච්චන්න....මං මැරුනහම උඹ ඒ වැඩේ කරහං.... ඕනේම නං උඹ කියවහකෝ...හැබැයි උඹ විතරයි....වෙන එවුන්ට දුන්නොත් හොල්මනක් වෙලා ඇවිත් තෝත් එක්කම පවුල් කනවා....."

ඉස්කෝප්පයයි මායි...අපි දෙන්නගේ බොළද කතාවට බොක්කෙන්ම හීනා වුනා ටික වෙලාවක් යනකං....

"මාත් ලීවනේ ඩයරියක්....ඔය වගේ....."

"නෑ.... කොයි කාලෙද...."

"දැන් අවුරුදු 2 ක් ඇති..."

"ඉතින්........."

"කාටවත් කියවන්න බැරි වෙන්න මට විතරක් කියවන්න කියලා බැඳි අකුරු වලින් තමයි ලීවේ......"

"ඉතින්... ඉතින්..."

"මේ ලඟදි මොකක් හරි මතක් කරගන්න ඕන වෙලා...පැය ගානක් ඩයරිය පෙරළගෙන හෙව්වා හෙව්වා....වැඩක් උනේ නෑ..."

"ඇයියේ...."

"මං ලියපුවා මටම හොයාගන්න බැරි උනා.....
ආයේ ඩයිරි ලියන්න ඕනේ නෑ කියලා හිතුනා......"

"හරි හරි එහෙනම් ඒක පුච්චන්න ඕනේ නෑ....උඹ බයවෙන්න එපා...."

හිනාව අතරින් මම කීවා....

Sunday, April 24, 2016

දූපත...

මුලින්ම දැනුන සුළං පාර මාව හිරිවැට්ටුවා.....
මොහොතක් නතරවෙච්චි මං ඇස් ගෙඩි දෙක කරකවලා එක බැල්මට මුලු වෙරළ දිහාම බැලුවා... කවුරුත්ම නෑ... පට්ටම පාලුයි... මං වැල්ලේ ඉඳගත්තා..සපත්තු දෙක ගැලෙව්වා.. මේස් දෙකත් ගලවලා සපත්තු අස්සේම ඔබලා හිරිවැටිලා තිබුන ඇඟිලි තුඩු වලින් වැල්ල පෑගුවා...මාපට ඇඟිලි දෙකෙන් බිම හෑරුවා.....
තාමත් මං දෙගිඩියාවෙන්...
ඉර අව්ව සැර නෑ... ගෙවල් පැත්තෙ නම් මේ අව්වට කියන්නේ රාස්සිගේ අව්ව කියලා...මේ පැත්තෙනම් මොකක් කියනවද දන්නේ නෑ... හැබැයි මේ වෙරළ නුපුරුදු තැනක් නම් නෙවෙයි...කී වාරයක්නම් මෙතන ඇන තියාන ඈත තියෙන දුපත දිහා බලන් ඉන්න එන්න ඇතිද...?
මම ටී ෂර්ට් එක ගැලෙව්වා ඒ අතරවාරේ ඔහේ වැනි වැනි තිබ්බ ඩෝග් ටැග් එකත් මාලෙත් එක්කම ගලවලා අරන් ටී ෂර්ට් එකත් එක්කම වැල්ල උඩටම විසිකරලා දැම්මා... පුලුවන් තරම් දුරට එක්කං ආපු රැල්ල වෙරලේ අතහැරලා දාපු ලුණුරස සුළඟ සීතලටම නැතත් මගේ හිරිගඩු පිපිලා තිබ්බ ඇගේ හැප්පිලා මාව බය කරන්නද මංදා හැදුවා... කොච්චර හිත හදාගෙන ආවත් හැමදාම මෙතනදි මගේ හිත වෙනස් වෙනවා...
ලොකු හුස්මක් අරගත්ත මම ඈත පෙනෙන දූපත දිහා බලලා තත්පරයක් දෙකක් ක්ෂය කරලා දැම්ම.....
"අද නම් මේක ඉවරයක් කරනවමයි...."
මම මටම කෙඳිරුවා.. නැගිටලා රැල්ල දිහාට පියවර මෑනුවා....
නිරුවත් දෙපා වල වැදිලා පෙණපිඩු විහික් වෙද්දි සීතලට දැනුනත් මං දන්නවා තව ටිකකින් වතුරේ උණුහුම මාව වැළඳ ගන්නවා කියලා... මම තව ටිකක් ඉස්සරහට පය ගෑටුවේ පොඩ්ඩක් අමාරුවෙන්... දැන් දණහිස ගාවට වතුර තිබුනත් රැළි වලට සරුවාංගේම තෙමිලා... මහා හිස් බවක් මාව වෙලාගත්තේ හරියට පාලු වෙරළම වගේ... අහසේ උනත් බස්නාහිරක් පෙනුනේ නෑ... වක ගැහිච්ච වෙරළට බස්නාහිර අහස මුවා වෙලා....ඉස්සරහින් උනත් ක්ෂිතිජයක් පෙනුන් නැත්තේ මගේ මුලු ලෝකෙම අර හුදකලා දූපතෙන් ගිණිකන වැටිලා තිබුන හින්දා වෙන්නැති...
මුලින්ම මාව රිදවලා අධෛර්‍යමත් කරපු සීතල දැං නෑ... දැන් යාන්තමට පය වදින සීමාවේ මන් ඉන්නේ...
එකපාරටම මට මතක් උනා ගිලිලා නැතිවෙච්චි මගේ හොදම යලුවෙක්ව.. හීනෙන්වත් හිතපු නැති විදිහට ඒ දේ උනේ.... ඇත්තටම මිනිහෙක්ට මැරෙන්න හොදම නැති විදිහ මේක වෙන්නැති.... වතුර පෙවිලා ...පෙණහලු වල පිරිලා... හුස්ම ගන්න බැරිව දඟලන නාඳුනන රූපයක් මගේ ඔලුවට ආපු හින්දා මම යාන්තමට පය ගහන්න පුලුවන් තැනම නැවතුනා....ඊලඟට ආපු ලොකු රැලි දෙක තුනත් එක්කම උඩ පාත ගිය මං ආයේත් පොඩ්ඩක් පිටිපස්සට ආවේ ඒ රැලි වලට පින් සිද්දවෙන්න....
රැල්ල බලන්නෙම ආපහු මාව හරවලා යවන්න.... පොරිසාද හිත ඉතින් කවුරුත් කියන එක අහන් නෑනේ... ඊලඟට මට මතක් උනේ මම එකපාරක් ගිලෙන්න ගිය හැටි.. ගමේ ඇලේ පැනලා අතපය ගහලා එහා ඉවුරට පැනගත්තට මට ප්‍රෝෆිශනල් මට්ටමේ ස්විමින් බැරි හින්දයි ඒ ඇබැද්දිය උනේ... වතුරට පනිනකොට මීටර් කීයක් පීනනවද කියලා හිතාගෙන පනින මම ඊට වඩා එක මීටරයක්වත් පීනන්නේ නෑ... දවසක් එහෙම කරන්න ගිහින් හුස්ම හිරවුනා... පීනන එක පැත්තක දාලා අතපය ගසා දාලා කෑ ගහනකොට වතුර කාරිය පෙවිලා මාව යට යන්න ගත්තා.... අන්තීම වීරියත් දාලා උඩ ආපු මං යාන්තමට දැක්ක මාව බේරගන්න කෙනෙක් වතුරට පනිනවා...
ඕනෑම වෙලාවක ඇස් දෙක වහපු ගමන් ඒ මොහොත මට මතක් කර ගන්න පුලුවන්...
නිල්පාට වතුර මැද්දේ මගේ අත පය එහා මෙහා උනේ හරීම හිමිට ... මුලු ලෝකේම ස්ලෝමෝෂන් වෙලා... කටින් එලියට පැනපු හුලං බෝලයක් නිල්පාට වතුරේ කොලපාටට මට පෙනුනා... ඒ බෝලේ පැත්තකට ඉර එලිය වැටිලා දිලිසුනා... ඇස් අගිස්සෙන් ඒ බෝලේ පාවෙලා ගියේ හරිම හිමිට... සෙන්ටිමීටරයික් එහා මෙහා වෙන්න පැයක් විතර ගියා... ඒ හැම තත්පරේම මගේ පපුව පුපුරන්න වගේ වේදනාවක් හුස්ම ගන්න බැරිව මට දැනුනේ... හැබැයි මට කව්දෝ කොඳුරනවා ඇහුනා...උඹ මැරෙන්නේ නෑ...උඹව බේරගනියි.... බේරගනියි...කියලා..... ඒ සද්දෙම එකදිගට දෝංකාර දෙද්දි කල්පෙකට විතර පස්සේ මාව වතුරෙන් ගොඩට් ඇදලා ගත්තා... නාහෙන් කටින් වතුර දාගෙන අමාරුවෙන් ජීවත් වෙන්න හුස්ම අල්ලන කොට මෙච්චර වෙලා ඉබි ගමනින් ගියපු තත්පරේ පුරුදු වේගෙට ආපු විත්තිය මට දැනුනා....
ඉතින් මං ඒ සිහිකල්පනාවෙන් මිදිලා පියවි ලෝකෙට ඇවිත් හොද ගැම්මක් අරගෙන ඊලඟට ආපු රැල්ල යටින් ගැඹුරු මුහුදට රිංගුවා...කකුල දෙපාරක් විතර ගහද්දි රිද්මෙකට වගේ ආවත් තාමත් හොල්මන් කරන්නේ මං මැරෙන්න ගියපු තත්පර දෙක තුන.... මගේ මේ වෑයම මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න...මං එක පිට එක එන රැලි අතරින් ඉස්සරහින් පේන දුපත දිහාට පීනුවා... තාමත් හිතේ දෙගිඩියාව...
"මට ඒ දූපතටම පීනන්න පුලුවන් වෙයිද...?"
"හතිය අල්ලයිද...?"
මගේ අරමුණ අර දුපතට පය ගහන් එක.....
"මට හොදටම පීනන්න පුලුවන්ද....?" ....ඔව් ඒත්....මට හතිය තියනවා.....හරියට හුස්ම අල්ලං පීනුවේ නැත්තං මට හතිය වැඩිවෙනවා...එතකොට ඉතින් ඩේවි ජෝන්ස් ගේ ලොකර් එකේ තමයි සදාකාලිකව සැතපෙන්න වෙන්නේ...
"ඉතින් හතිය තියාගෙන උඹ පීනන්නේ....?" හතියට තියෙන හොදම බෙහෙත තමයි ස්විමින්...
"එහෙම කියලා මේ පාලු වෙරලේ ඇයි අර දුපතටම උඹ පීනන්නේ...?" ඒකට හේතුව නම් මම දන්නේ නෑ ..ඒත් මේ වෙරළට ආපු මුල් දවසේ ඉඳන් මගේ හීනයක් උනා ඔය දුපතට පීනන එක...
"ඉතින් ඒ වගේ හිතලුවක් හින්දා ඇයි ජීවිතේ අවදානමේ දා ගන්නේ...?" ...ජීවත් වෙනවා කියන්නේ ඒකට වෙන්න ඇති....
"අනේ බං උඹත් මල විකාර...."
හිත අස්සේ හිත් දෙකක් ප්‍රශ්න උත්තර යුද්දෙක... මං හිමි හිමීට ඉස්සරහට් පීනනවා....ඉස්සරහට යන්න යන්න රැලි වලින් පිටිපස්සට අදින එක අඩු වෙනවා.... ඒත් තාම රිද්මයක් තියාගන්න තරම් ඉස්පාසුවක් මුහුද මට දෙන්නේ නෑ.... පපුව ටික ටික බරවෙනවා මට තේරෙනවා... ටිකක් නැවතිලා ලොකු හුස්මක් ගන්නම තමයි හිත කියන්නේ... ඒත් එහෙම කර ගමන් හතිය අල්ලනවා කියලා මම අත්දැකිමේන් දන්නවා....තාම පටන් ගත්තා විතරයි තව කොච්චර දුර යන්න තියේද.....? ආපහු හැරියං....ආපහු හැරියං....උඹට මේක කරගන්න බැරි වෙයි.... කව්දෝ කනටම කොඳුරනවා..එහෙම වෙයිද....? මටත් හිතෙනවා.... නෑ තාම පටන් ගත්තා විතරනේ.... බාගයක් පීනලා බෑයි කියලා හිතුනොත් ආපහු හැරෙනවා....මං හිත රවට්ටගත්තා.... අතපය යාන්ත්‍රිකව වැඩ කරන්න දාලා මං හුස්ම ගන්න එක ගැන විතරක් හිතුවා.....
හුස්ම ගත්තා....... හුස්ම පිටකරා.....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....
මේකත් එක්තරා භාවනාවක් වගේ ... මට හිතුනා...අයාලේ දුවන හිත එක තැනක නවත්ත ගත්තනන් ...මේ හුස්ම ගන්න එක ගැනම හිතුවනං...දූපතට යන එක මහ කජ්ජක් නෙමෙයි....
දැන්නම් සෑහෙන දුරක් පීනලා ... මං හීමිට ඔලුව හරවලා බැලුවා ආපු වෙරළ දුර ඈත ඉදන් මට අත වනනවා... එක පාරටම මට ආපහු හැරෙන්න හිතුනා...
"දැං ඇති පිස්සු නැටුවා....ඇඟපතේ පණ තියෙන වෙලාවේ ආපහු පලයං..."
අර කටහඩ ආයෙමත් කෙඳිරුවා.... ඒ හින්දම මට තරහත් ගියා... මෙතන ඉදන් දෙපැත්තටම එකම දුරනම් ඇයි ආපහු හැරෙන්නේ... දුපතටම පීනනවනේ...නොසන්ඩාල හිතම එහෙම කියද්දි පොඩි ගැම්මකුත් ආවා... ඒ අතරවාරේ රිද්මේ වෙනස් වුන හින්දා පොඩ්ඩක් කලබල වෙලා වතුර ගොඩකුත් ගිලුනා.... ලුණු රස සැරේට දැනුනේ නෑ...හැබැයි බඩේ අන්තිම කෙලවරටම ඒ වතුර ඩිංග යනවානම් හොදටම දැනුනා...හරිම අමාරුවෙන් මං සංසුන් උනා.... අයේමත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව පීනන්න පටන් ගත්තා........
ටික ටික දුපත ලං වෙනවා වගේ දැනෙද්දි ෆිට් එකක් ඇඟට ආවා.....
උරහිස් කකුල් එහෙම ටික ටික ස්ලෝ වෙනවා කියලා මට දැනුනේ මුලු දුරෙන් තුන් කාලක්ම ඉවර කරලා තියෙද්දි....
ඊට පස්සේ මට මහ අමුතු කල්පනාවක් ආවා....
හදිස්සියේ මං දැන් ගිලිලා මැරුනොත්.....හපොයි.... මිනිහෙක් මැරුනට පස්සේ හදවත ලේ පොම්ප කරන් එක නැවැතුවහම මොලේ මැරෙන්න විනාඩි අටක් යනවා කියලා කවුරුහරි කීයලා තිබ්බා මතකෙට ආවා...ඒ විනාඩි අටට ස්නයු වලින් දෙන සියලුම සංවේදන මොලේට දැනෙනවලු.... තත්පරයක් කල්පයක් වගේ වෙන විනාඩි අටට මිනිහෙක් මැරිලත් කල්ප ගානක දුක් විදිනවා ඇති නේද.....? එකපාරටම මැරෙන්න වෙන කවදාටවත් නැති බයක් හිතට ආවා.... දැම්ම නම් මැරෙන්න බෑ...මට හිතුනා... ඔය ටිකට මේ වෙනකන් ලස්සනට වැඩ කරපු අතපය පිස්සුවෙන් වගේ දඟලන්න ගත්තා... පපුවත් රිදෙන්න ගත්තා.... හුස්ම අල්ලං ඉන්නද පිටකරන්නද ...ඇතුලට ගන්නද මොකක් කරන්න ඕනෙද කියලා පැටලුනා... හිත සී සීකඩ වෙච්චි අහසක් වගේ උනා.... මුලු ලෝකෙම අන්ධකාර වෙලා මුහුදු පතුලෙන් මාව අදිනවා වගේ දැනුනා....
මං ගිලෙන්න යන්නේ.... මං ගිලෙන්න යන්නේ... අදනම් මාව බේරගන්න කවුරුත් නෑ කියලා හිතෙද්දිම ... පිස්සුවෙන් වගේ දඟලනකොටම... රතුපාට වෙලා තිබ්බ අහස කෙලවර විශාලෙට මං හැමදාමත් බලං හිටපු දුපත මගේ දෘෂ්ටිවිතානයට අහුවුනා... මහ ගුප්ත නිහඩියාවක් එතන තිබ්බේ...මගේ අරමුණ ඒ දුපතට පය ගහන එක.... මහ අමුතු හැඟිමක් එක්ක පුදුම ශක්තියක් ඇඟට ආවා.... හිරකරගෙන හිටපු හුස්ම පොද මං වේගෙන් මුහුදටම දමලා ගැහුවා... අත් දෙකෙන් වැර යොදලා උඩට ඇවිත් පපුව පුරා හුස්මක් ගත්ත මං ආයෙමත් අත පය ඉදිරියට ගැහුවේ මං මැරෙනවනම් තව එක අඩියක් හරි ඒ දූපතට ලං වෙලා තමයි මැරෙන්නේ කියලා හිතාගෙන.... සීතල කපාගෙන ඒ හැඟිම ඇඟ පුරා ඔඩු දිව්වා...... එතකොටම මහ අමුතු දෙයක් සිද්ද උනා.....
යෝද රැල්ලක් මාව ඉහලටම අරගත්තා.... ඒ රැල්ලේත් ගමනාන්තය උනේ ඒ වෙරළම තමයි.... එකපාරටම පුංචි ගල් පර දෙක තුනක යාන්තමට කකුල වදින හැටි දැනුනත් මං පීනන එක නතර කලේ නෑ..... අන්තිමට මට උදව් කලේ පුන්චි පුන්චි වෙච්ච මුහුදු රැලි..... ඒවා මාව නිකන්ම මේ වෙරළට කැන්දන් ආවා...මේ රැළිම අර වෙරළේදි මගේ ගමන වලක්වන්න හදපු හැටි මට මතක් නොවුනා නෙමෙයි.... ඒත් ඒ රැලි වල හැටිනේ... ඉතින් මං ඒවට හිතෙන් පින් දුන්නා...
යානතමට පය ගහගෙන වතුරෙන් ගොඩට එද්දි මම එහෙට මෙහෙට විසිවුනා... වැටෙන්නත් ගියා.... මහන්සියටද...? නෑ සන්තෝසෙට... මට නිදහසේ හුස්මක් ගන්න පුලුවන්....
එහා වෙරළේ වගේ නෙමෙයි මේ වෙරළ හැදිලා තිබුනේ පුන්චි පුන්චි රවුම් ගල් වලින්... පුදුම ලස්සනක් තිබුනත් ඒවා උඩ වැතිරෙද්දි අමුතු අපහසුවක් දැනුනේ... හීනි වැල්ලක සුවදායක බව තිබුනේ නෑ.... මං ඔහේ කැරලි ගැහිලා තිබුන රතුපාට වලාකුළු දිහා බලාගෙන මහ හයියෙන් හුස්ම ගත්තා... හිතපු තරම් හතියක් තිබුනේ නෑ...
මං එකපාරම නැගිට්ටා...වෙරළ කෙලවර තිබුන පඳුරු යාය අතරින් අන්ධකාරය එබිලා බලනවා... තව ටිකකින් ගිලුනු ඉර අන්තිම කිරණත් අරන් යයි.... ඒත් ඈත අර වෙරළ කෙලවර ඇන තියාන මමම බලන් ඉන්න හැටි මට දබර කරන රැලි අතරින් මවාගත්තා.... කොච්චර සැක සංකා තියාගෙනද මීට පැය දෙකකට ඉස්සර මං එතන හිටියේ.... ඇග පත හීතල කරලා ගැහෙන්න ගත්තේ අඳුර ගෙනාපු සීතල සුළඟට...ඒත් ඒකට මගේ හිතේ උණුහුමත් එක්ක හැරෙන්නවත් බෑ... ඒත ඒ හුළඟ මට එක දෙයක් මතක් කරා.... ඒ ආවා වගේම දුරක් යන්න තියෙනවා කියන එකයි... ඒත් පොඩ්ඩක් මහන්සි ඇරගන්න ගමන් පහු කරපු විනාඩි තත්පර ගාන මතක් කරන එක මහ ලොකු පරක්කුවක් නම් නෙවෙයි... මං හීමිට ඒ දෙවල් ගලපන්න පටන් ගත්තා... මොකද ආපහු ගමනට ඒ දේවල් ලොකු උදව්වක් වෙයි.... හැබැයි එක දෙය මං දන්නවා අයේ කවදාවත්ම ඒ වෙරළයි මේ වෙරළයි අතරේ මං ගිලෙන්නේනම් නැති විත්තිය.... ඒ දේ රෑ ද දාවලද කියලා වෙනසක් නෑ කියලා මගේ හිත කීවා............................

මරීනයි මායි...

මරීනයි මායි...