Wednesday, January 27, 2016

And Then There Were None....




And Then There Were None....
.
හරිම පුදුම විදිහට කවදාවත් අහලවත් නැති කෙනෙක්ගෙන් ආගන්තුක සත්කාර ලබන්න...පුන්චි දුපතක නිවාඩුවක් ගත්කරන්න..ආරාධනයක් ලැබුනොත්...ඔබ මොකද කරන්නේ..?.. හැබැයි හොඳ නිවාඩුවක් වේවි කියලා ඒත්තු ගන්නවනම් අනිවාර්යෙන් යනවා....එහෙම නොව්නත් මේ කවදාවත් දැකලා නැති දන්නේ නැති අමුත්තන් අට දෙනා සොල්දාදු දුපතට යන්නේ තම තමන්ගේ අමුතුම හිතුම් පැතුම් එක්ක... දූපත මැද තියෙන මහ විසාල මන්දිරේ ඉන්නේත් සේවකයෝ දෙන්නෙක් විතරමයි....හැමෝම රෑ කෑම වේලට ලෑස්ති වෙනවා...

මේ සුවිසල් මන්දිරේ හැමතැනකම පුන්චි සොල්දාදුවන් දහ දෙනෙක් ගැන කවියක් බිත්තිවල ගහල තියෙනවා... හරි අපූරු කවිය... හැමොටම නිකන්ම මේක කටපාඩම්....ඇයි කෑම මේසේ මැද පුන්චි පිලිම 10 කුත් තියෙයි..මේ සොල්දාදුවො මතක්වෙන්න...
.
ඉතින් ඉන්න සේවක ජෝඩුව හරිම අත්භූතයි....හැබැයි රෑ කෑම නම් පංකාදු පහයි.....
එකපාරටම ග්‍රැමෆෝන් එකකින් සද්දයක් එනවා....ඒකේන් කියවෙන විදිහට මෙතන ඉන්න 10 දෙනාම...සේවක ජෝඩුවත් එක්කම.... මීනිමරුවෝ.
.
ඉතින්...හැමොම කියන්නේ ඒ ග්‍රැමෆෝන් සද්දේන් තම තමාට එල්ල කරපු චෝදනා වලට තමන් අහින්සකයි කියලා...හැබැයි එක්කෙනෙක්.... මිනිස්සු 21 මැරුවාට චෝදනා ලබන එක්කෙනෙක්...විතරමයි තමන් වැරදි කරු කියලා පිලිගන්නේ..
.
එකපාරටම දහදෙනාගෙන් තව කෙනෙක් කතාකකර ඉන්න ගමන් මැරිලා වැටෙනවා....
තව කෙනෙක් ඊට පහුවැනිදා මැරෙනව....හරියටම අර සොල්දාදුවන් ගැන තියන කවියේ වගේ...කෙනෙක් මැරෙන්න මැරෙන්න අත්භූත විදිහට අර පුන්චි පිලිම ගාන අඩු වෙනවා....මොකක්ද මේ වෙන්නේ....මිනිමරුවෝ අට දෙනයි ඉතුරුවෙලා ඉන්නේ...දූපතේ වෙන කවුරුත්ම නෑ...මොකක්ද ඊලඟට වෙන්නේ..... තව කව්ද මැරෙන්නේ....කව්ද මේ මිනිමරුවන්ව මරන්නේ.....ඒත් අන්තිමේදි කවියේ විදිහට අන්තිමේදි ඔක්කොම මැරෙන්න ඕනේ....
.
හපොයි...මොකක්ද මේ...හොල්මන් කතාවක්ද...? නෑ.....රහස් පරීක්ෂණයක්ද...?නෑ.....රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැදින්වෙන අගතා ක්‍රිස්ටි ගෙ අත්භූත කතාවක් ඔස්සේ ගහපු මිනි ටිවි සිරීස් එකක්....කොටස් 3 යි තියෙන්නේ...හරිම අපූරු කුතුහලයක් ගේන කතාවක්...2004 ආපු Mindhunter ෆිල්ම් එක බලපු කවුරුත් ඉන්නවනම්..මේ රසය අඳුරනවා...නැතිනම් මේක බලන්නම ඕනේ...ඇයි..කුතුහලය කියන එක හොදටම විඳගන්න ආසයි නම් මේන්න සලරුව......

බූට්…..

බූට්…..
.
මේක නම් හිතේ අමාරුවට ම ලියන සටහනක්…හිත රිදුනම හදාගන්න වෙන දෙයක් ගැන හිතුවම හරියනවලු…ඒක හින්දම තමයි බූට් ගැන ලියන්න හිතුනේ….කොල්ලෝ කෙල්ල්ලෝ නම් ඉතින් බූට් කිව්වම නොදන්න එකක් යැ…මම දන්න විදිහට හා අහලා තියෙන විදිහට කෙල්ලො තමයි වැඩිපුර බූට් තියන්නේ…හැබැයි මන් නම් කියන්න යන්නේ ඒ බූට් ගැනනම් නෙමෙයි…හමුදාවේ හිටපු කොල්ලෙක් හැටියට මට නම් බූට් කියපුවම ඔලුවට එන්නේ ඔය කොල්ලෝ කෙල්ලෙන්ටත්….කෙල්ලෝ කොල්ලන්ටත් තියන බූට් නෙමෙයි…. කකුල් දෙකට දාන බූට් දෙක….. ඕකත් මාරම කේස් එකක් තමයි ..මං හිතන හැටිය ඒ බූට් ගැන ලියන පලවෙනියම මම ද කොහෙද…
.
සමාන්යෙන් සිවිල් ජිවිතෙදි කකුල් දෙකට දාන්නේ එක්කො සපත්තු…නැත්තන් සෙරෙප්පු…ඒත් හමුදාවෙදි ඔය කකුල් දෙකට දාන ගොඩාක් දේවල් තියෙනවා…ඒවා අතරින් කකුල් දෙකට දාගෙන ඉන්න අමාරුම එක තමයි බූට්…හමුදාවට ගියපු ගමන් තමන්ටම කියලා දෙන සබ්බ සකලමනාවම තියෙන පතරංග බෑග් එකේ තියෙන නානාප්රකාර සපත්තු ජෝඩු අතරේ ඔය හම්බවෙන බූට් දෙක තමයි traning කාලේ තමන්ගේ මාරයා වෙන්නේ කියලා ඕක මුලින්ම අතට ගන්නකොට නම් හාංකවිසියක්වත් හිතෙන්නේ නෑ…ඉතින් මටත් ගියපු ගමන්ම කිරි කිරි ටොයියෝ වගේ අලුත්ම කලු පාට බූට් 2ක් හම්බවුනා…ඉතින් අපිත් අලුතෙන්ම පොලිස් ටින්,පුලුන් පැකට්, පොලිස් බ්රස් එහෙම අරන් ලෑස්ති උනා……මොකටද…බූට් පොලිස් කරන්න….
.
“ප්රතමයෙන්..ඔය අලුත් බූට් දෙක සතියක් පමන වතුරේ දමා පෙඟෙන්නට හල යුතුය…එසේ මෙලෙක් වීමෙන් අනතුරුව වතුර වියලෙන තුරු කට්ට අව්වේ තැබීමෙන් පසුව පොලිස් කිරිම ඇරැඹිය යුතුය… පලමුව අලුත්ම පොලිස් ටින් එකක් බූට් දෙකේ ගෑ යුතුය..වැඩි ප්රමාණය ටෝ එකේය…ටෝ එක යනු ඉදිරියෙන් ඇති රවුම් අඩාකාර වෙන්කර ඇති කොටසය…අනෙක් ටික සිහින් කට්ට රටාවක් ඇති සපත්තුව වටේ ගෑ යුතුය…අනතුරුව පැයක් දෙකක් පමණ අව්වේ තබා පොලිස් බ්රස් එකකින් සිහින් කට්ට රටාවක් ඇති වටේ ප්රදේසය දීප්තිමත් වනතුරු පොලිස් කල යුතුය… වටේ පොලිස් කර අවසන් වු පසු වතුරින් පොඟා ගත් පුලුන් කැබැල්ලකින් සෙමෙන් ටෝ එක මත ඇති පොලිස් මත තවරමින් කවාකාරව කැරකිය යුතුය…එක පැත්ත්කට විතරක් රවුමට පුලුන් කැබැල්ල කරකවමින් ටෝ එක මතින් මුහුණ පෙනෙනා තරමට එය ඔප දැමිය යුතුය…අනතුරුව බූට් දෙකේ අඩියද පොලිස් ගා පොලිස් කල යුතුය…අවසානයේ දිගු ලේස් එකේ ද පොලිස් ගා දීප්තිමත් වනතුරු මැදිය යුතුය….” පුහුණුකරුවන්ගේ උපදෙස්…………………………
ඉතින් අපිත් කලා ….හප්පේ ඔය ප්රොෆිසනල් ඇඩ්වයිස් ඒ විදිහටම පිලිපැදලා බූට් දෙක ගොඩ දා ගැනිම තමයි අපේ මුලික අරමුණ වුනේ….නැත්තන් ඉතින් කොසු පොලු පාරනේ…ඒත් ඕක කියන තරම් ලේසි වැඩකුත් නෙමෙයි…මුලින් මුලින් අඩුම ගානේ දවසට පැය හතරක් පහක්ම බූට් දෙකට වැය කරන්න ඕනේ…එකතැනක බිම ඇණ තියාන හිමිට ටෝ එක ඔප දමන්න පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ… මට නම් නැත්තෙම ඕක..විනාඩි පහකට වඩා බූට් එක අල්ලන් ඉන්න බැරි හින්දා ඕක පැත්තකින් තියලා ගිහින් වටයක් දාලා වෙන වැඩක් එහෙම කරලා ඇවිත් ආයේ අතට ගන්නවා….ඔහොම තමයි traning කාලේ මුල් දවස්… මට මතකයි අපි සම්පුර්ණයෙන්ම ඉරිදා දවසක් ඔය වැඩේට කැපකරා… ඒත ඕකටත් අත් ගුනේ තියෙන්නෙ ඕනේ….මුලින්ම අරමුණ වුනේ ටෝ එක කණ්ණාඩියක් වගේ කරගන්න එක තමයි…ඉතින් පලවෙනි දවසෙම පැය ගානක මහන්සිය හින්දම බූට් සැහෙන මට්ටමකට පොලිස් වෙලා තිබුනා ..බැජ් එකේ කොල්ලො ඉතින් අනුන්ගේ බූට් බලාගෙන ඊට වඩා හොදට පොලිස් කරගන්න ටෝ එක අල්ලන්න …දත කාගෙන මහන්සි වුනා…
.
ඉතින් මූණ පේන්න තරමේ දීප්තියක් තියෙන විදිහට පොලිස් කරපු බූට් දෙක දාගෙන පහුවදා උදේ යන්න ඕනේ සරඹ පිටියට බූට් දෙක කකුල් දෙකට දැම්මට පස්සේ හරි අමාරුයි…බූට් එක එක සයිස් වලින් ආවට ඔක්කොම එකම හැඩයටනේ…ඉතින් අපේ කකුල් එහෙමයෑ….එක එක්කෙනාගේ කකුල් එක එක හැඩ…සතියක් වතුරේ දාලා මෙලෙක් කරන්න හැදුවත් එතකොටත් ගල් වගේ හයියයි…ඒකනේ බූට් කියන්නේ…කිටි කිටියේ ලේස් දාලා තදකරහම අම්මේ….කකුල් දෙකට ලාඩම් ගැහුවා වගෙයි…ඇවිදින්නේ කොරවක්කෝ නෙලුම් කොලේ උඩ යන ගානට…ඊට අමතරව ඇන්ග්ලට් කියලා සුදු පාට ටස්ක් ගාන පත බෙල්ට් වගේ දෙකකුත් ගාංචු දාලා වලලුකරෙන් උඩට තියෙන බූට් කොටස කවර් වෙන්න බඳිනවා…ඒක වෙනම වදකාර පුරාණයක්…ඉතින් ඔහොම පයින්ම යන්න ඔනේ කිලොමිටරයක් දෙකක් සරඹ පිටියට සපත්තුවේ ඕපේ නැති නොකරගෙන…සරබ පිටියෙදි උදෙන්ම කරන්නේ නිල ඇදුම් වල පිරිසිදු තාවය හා නීට් එක…ඔතනිනුත් වැඩි සැලකිල්ල ඔපය තියාගන්න අමාරු බූට් දෙක ගැන තමයි…ඔය වෙන්කොට දුවිලි ටිකක් වැදිලා මඩ ටිකක් වැදිලා එහෙමත් නැත්තන් හොදට දිලිසෙන මට්ටමට බූට් දෙක තිබුනේ නැත්තන්….ඒ චෙක් කරන නිලධාරියා පනිශ්මන්ට් විදිහට ෆුට්බෝල් පිට්ටනියක් වගේ විශාලෙට තියෙන සරඹ පිටිය වටේ රවුම් පහක් දහයක් දුවන්න කියනවා …ඇවිදින්නත් අමාරු තරමට හිරට තියෙන බූට් දාගෙන ඔය කියන රවුම් ගාන කොල්ලෝ දුවන්නේ කුණුහරප ශබ්දකෝශ හිතෙන් කියව කියව…දුවලා ඉවරවෙද්දි ගන්ඩ සන්සාරයක් නෑ….පාං කියන්න පණ නෑ…ඇයි එතකොට අර දිලිසි දිලිසි තිබ්බ බූට් දෙක…. ඒකෙත් ගන්ඩ දෙයක් නෑ…ඔතනින් පටන් ගන්න දවස කන්න තියෙන හැම පනිශ්මන්ට් එකක්ම කාලා බඩගාලා…පෙරලිලා රෝල්වෙලා ….අන්තිමට දවස අන්තිමෙදි බුට් දෙක වෙලක හාන්න දැම්මා වගේ…. ඇයි…බූට් ගලවනකොට කොල්ලන්ට අම්මා තාත්තා මතක් වෙනවා….ඇයි දෙයියනේ අපිව මේ ලෝකෙට ජාතක කලේ කියලා…..
.
ඉතින් බූට් දාපු ගමන් 90% කගෙම බූට් කට් එනවා… බූට් කට් කියන්නේ බූට් එකේ ඇතුලේ වැඩිපුර හිරට තියෙන කොටස් කකුලේ තුවාල වීම හා වැඩිපුර ලිහිල්ව තියෙන තැන් ගැටිමත් එක්ක හම යාම…දිය පට්ටා ඒම…කරන්න දෙයක් නෑ…ඔවා එක්කකම ඊලඟ දවසෙත් අර සෙල්ලමම තමයි…..ඉතින් එදා රෑටත් පොලිස් කරන්න ඕනේ…මඩ ගල් වල්ට හීරුණ තැන් පිලිසකර කරලා ආයේ දිලිසෙන්න පොලිස් කරන්න ඕනේ…මට මතකයි මුල් කාලේ කොල්ලෝ එලිවෙනකන් බූට් පොලිස් කරනවා…කොහොමත් මාසයක් දෙකක් යනකන් ඔය බූට් කෙරුවාව හින්දා කොල්ලො නිදා ගනිද්දි දෙකත් පනිනවා අයේ හතර හමාරට ඇහැරෙනවා…සමහරු කොට්ටේ වෙනුවට බූට් එක තියාගෙන පොලිස් කරනවා රෑට…උන්ට එහෙම්ම බූට් බදාගෙන නින්ද යනවා…සමහරු නිදිමතේ උඩ ඇදේ එකාගේ බූට් එක පොලිස් කරනවා…සමහරු එක බූට් එකම දෙපාරක් පොලිස් කරනවා…උදේට තමයි මැරෙන්න හිතෙන්නේ…ඔය කාලෙට බූට් කාලා හිටපු උන්ට කෙල්ලෝ මතක් වෙලා ඌරු ජුවල් නගිනවා…
ඇත්තටම දවල්ට කන්න දෙන පුන්චි වෙලාවේ දඩි බිඩිගලා කාලා ඇවිත් කොල්ලො තියෙන පුන්චි පුන්චි වැඩ ඉවරකර ගන්නේ සම්පුර්ණ රාත්රියම සර්ව රාත්රික බූට් කෙරුවාවට… නොකරත් බෑනේ…එතකොට තට්ටම් අඩනවා පොලු පාරවල් වලට… ඔහොම කාලයක් යද්දි බූට් පොලිස් කිරිම ඇඟට පත්තියන් වෙනවා…සමහරුන්ගේ බූට් අත තියද්දි දීප්තිය එනවා…සමහරුන්ට කොච්චර කලත් නෑ… උන් ගුටි කෑමේ මනා පලපුරුද්දක් ලබනවා…කාලයක් යද්දී බූට් කකුල් වලට හුරු වෙනවා…ඇඟේම කෑල්ලක් වෙනවා …බූට් පොලිස් කිරිමේ ශිල්පීය ක්රම හොයා ගන්නවා… ගින්දරෙන් පුච්චලා…ඉටිපන්දම් කිරි වලින් ඔප දාලා…යකඩ හැදි වලින් තවලා …සමහරු බූට් දෙකට දෙවියන්ට වගේ සලකනවා…සමහරු බූට් දෙකට ආදරේ කරන්න පටන් ගන්නවා...තනියම බූට් දෙක එක්ක කතා කරනවා..ටෝ එක දිහා බලාන රෑ තනියෙන් හිනා වෙනවා...කනට ගැහුවත් හිනා වෙන කොල්ලෝ බූට් එක පොඩ්ඩක් හීරුනොත් යක්ශාවෙශවෙලා මරාගන්න හදනවා...රෑට නිදා ගද්දී, උදේට ඇහුරුනු ගමන් බූට් දෙක හොදට තියනවද බලනවා... සාක්කුවේ පුලුන් කෑල්ලක් අරන් ගිහින් දුවිලි ටිකක් වැදුනු ගමන් දෙකට නැමිලා පිහදානවා...කලාතුරකින් නිමාඩුවක් හම්බවුනාම උදේ ඉදන් බූට් දෙකට සාත්තු කරනවා...හැම කොල්ලෙක් ගාවම බූට් පොලිස් කරන ආම්පන්න තියෙන පොඩි පෙට්ටියක් තියනවා...ඕකේ පොලිස් ටින්,පුලුන් පැකට්,ඉටිපන්දම්,ගිනිපෙට්ටි, කතුරු,පේපර් කටර්,දත් බුරුසු,කොට්න් බට්,පොලිස් ගාන බ්‍රස්,පොලිස් කරන බ්‍රස්,...වගේ නානාප්‍රකාර බූට් පොලිස් කරන්න අවශ්‍ය කරන අයිටම් තියාගෙන ඉන්නේ...ඒ අතරේ ඔය මුකුත් නැති..වටේ ඉන්න කොල්ලන්ගෙන් වතුර ටික පවා ඉල්ලගෙන ගේම ගහන චරිතත් ඉන්නවා...කැම්ප් එකේ කැන්ටිමේ බල නැවි අඩුවට පොලිස් ටින් ගෙනත්ම ගෙදරට ටයිල් ටික අල්ලගත්තා මට මතක විදිහට.....කොහොම නමුත් අවු තුනහමාරක් අපේ කොර්ස් කාලේ ඉවරවෙනකොට බූට් ගැන වෙනම ඩිග්රියක් අපි හැමොටම ලැබුනා….ආගිය කතා කිය කිය කොල්ලෝ තැන් තැන් වල ආසාවෙන් බූට් පොලිස් කරණ කාලෙකුත් එනවා….ඔය අතරේ ඉන්නවා මොනවා කරත් බූට් දෙක ගොඩ දා ගන්න බැරි වුන්…. මේ මන් වගේ….ඇයි බූට් දෙකට ආදරයෙන් සලකන හැටියට තමයි….ඒක හින්දා ප්රොෆිසනල් මට්ටමේ බූට් පොලිස් කරන කොල්ලෙක් අල්ලගෙන මුරුංගා අත්තේ තියලා ඌට පගවට බිස්කට් පැකට් එකක් එහෙම අරන් දීලා සතියකට වරක්වත් හොද සාත්තුවක් බූට් දෙකට දීලා ජාම බේරගත්ත මන් වගේ කීපදෙනෙකුත් බැජ් එකේ ඉන්නවා….ඔය අතරෙම අපි වගේ වුන් හින්දා මුලු බැජ් එකම සමහර වෙලවට සරබ පිටියේ දන ගහගෙන ගිනි අව්වේ බූට් පොලිස් කරනවා පනිශ්මන්ට් එකට….
.
අන්තිම අන්තිම වෙද්දි කොලන්ගේ බූට් ගින්දර වගේ…උදෙට රැවුල කපන්න කන්නාඩි ඕනේ නෑ…බූට් එකෙන් බලාගෙන කපන්න පුලුවන්….බූට් ගැනනම් තව දාහක් කතන්දර කියන්න පුලුවන්…ඒත් දැන්නම් අහලම ඇති වගේ නේ….ඇත්තටම හමුදා ජිවිතේ හම්බ වෙච්චි ලොකුම ඇණේ තමයි ඕක,,,, ඔය බූට් දෙකනම් මට මහ වේදනාවක්…දුකක්… කරුමයක්…හැබැයි ඇත්තම කතාව ඕක නෙමෙයි…අර ඔය ගොල්ලො කියන …අර කෙල්ලෝ තියන “බූට්” කාපූ එකෙක් විදිහට වැඩිය වේදනාව තියෙන්නේ කකුල් වලට දාන ඒ බූට් වලනම් නෙමෙයි කියලා සහතික වශයෙන් කියන්න පුලුවන් මට……

වෘකයාගේ දවස....The Day of the Jackal

වෘකයාගේ දවස..{the day of the jackal}

මේ තමයි මගේ කියවීමේ ඉතිහාසය වෙනස් කරපු පොත..එතකොට මං අවු 14ක් වෙච්ච පොඩි කොල්ලෙක්..ඉතින් අවු 10කට පස්සේ මේ පොත ගැන කියන්න හිතුනේ... මේක කියවපු අය ගොඩාක් හිටියත් කවුරුත් මේ පොත ගැන කතා නොකල එකයි..
ඉතින් පොඩි කමට පුස්තකාලේ පොත් තෝර තෝර හිටපු මම හැමදාම අතට අරන් ආයේ තියෙන පොත් කීපයකින් එකක් වෙලා තිබුනා මේක...ඒකට මුලික හේතුව මේ පොතේ පිටකවරය හා පසු වදන..ඇයි පුන්චි කොල්ලෙක්ගේ හිත ගන්න කිසිම දෙයක් ඒ දෙකේම තිබුනේ නෑ..ඉතින් අවසානයේ මට කියවන්න පොතක් නැතුවම තිබුන දවසක අහම්බෙන් තමයි මේ පොත අරන් අවේ...ඉතින් මන් මේ පොත කියවන්න ට්‍රයි කලා...හැබැයි ඒක හරිම අමාරුයි...පස්සේ තමයි තේරුම් ගත්තේ ඒ තමයි Fedric Forsyth ගේ style එක කියලා..කොහොම හරි මන් මේක කියවගෙන යද්දි පුටුවේ වාඩි වෙලා හිටපු මන් මෙසේ උඩ නැගගෙන ...මට හිතා ගන්න බැරි උනා..එච්චරකට මාවලස්...
ඉතින් කතාව ගැන කිවොත් ඒක පටන් ගන්නේ 1963 දි පැරිසියේ බලකොටුවකදි හමුදාවෙන් ලුතිනන් කර්නල් කෙනෙක්ට වෙඩි තියලා මරන සීන් එකකින්...ඒ ජනාධිපති ඩි ගොල් ඝාතනය කරන්න හැදුවට.එත් නියම කුමන්ත්‍රණය පටන් ගන්නේ එතන ඉදන් පියවරෙන් පියවර මේ කතුවරයා ජීවමාන ලොකයකට ඔබව ගෙනියනවා...
කුමන්ත්‍රණකාරයො හැමතැනින්ම හිර වෙලා ඉන්නේ... එකම විසදුම ජනාධිපතිව ඝාතනයකිරිම උනත් ඔවුන් ගන්නා හැම පියවරක්ම අසාර්ථක වෙනවා.. පස්සේ මේ වැඩේට ලොකේ ඉන්න හොදම මිනිස් දඩයක්කාරයා නැත්තන් දේශපාලන මිනිමරුවා ගෙන්නගන්න තිරණය කරනවා..හැබැයි මේ මිනිහා අවතාරයක්... කිසිම තැනක සඳහනක් නැති මේ ඉංග්‍රීසි කාරයාට දෙන රහස් නාමය තමයි "වෘකයා".
වෘකයා තනියම වැඩ කරන යක්ශයෙක්..කොහොම උනත් මගේ වීරයා උනේ මිනිහා තමයි...පියවරෙන් පියවර මිනිහා නූලට ප්ලැන් කරනවා..ඒ කාලේ ලොකේ වැඩියෙන්ම මරණ තර්ජන තිබුන ප්‍රංශ ජනාදිපති ගාවට මැස්සෙක්ටවත් යන්න බැරි තත්වයක් තියෙනකොට කොහොමද වෘකයා තුවක්කුවකුත් අරගෙන මේ වැඩේට යන්නේ.. ඉතින් මිනිහා ලොකේ ඉන්න හොදම හොර ගිනි අවි හදන මිනිහා ගාවට ගිහින් අමුතුම විදියේ ආයුදයක් හදා ගන්නව..ඒක රහසක්..
ඔය අතරේ වෘකයාට මේවැඩේ බාරදෙන පැත්තෙන් චුටී දේකින් ප්‍රංශ පොලිසියට වැඩේ ලීක් වෙනවා..රටවල් ගානක කට්ටිය එකතු වෙලත් අන්තිමට පොලිසියට දැනගන්න පුලුවන් වෙන්නේ "වෘකයා" කියන නම විතරයි...ඉතින් කෝමද කිසිම දෙයක් නොදැන මිනිහව අල්ලන්නේ... ඉතින් ඔය වෙලවට තමයි රටේ ඉන්න හොදම රහස් පරික්ෂකයා ගෙන්නනේ..මිනිහා මහ අමුතුම ඩයල් එකක්...කොටින්ම කිවොත් අපේ හොම්ස් මහත්තයා වගේ තමයි... ඉතින් මේ වෘකයායි රහස් පරික්ෂක ලෙබෙල් අතර පටන් ගන්නේ සීතල යුද්දයක්... සත්තයි පොතනම් බිම තියන්න හිතෙන්නේ නෑ...
ඔය ගොල්ලා බනිනවා ඇති කතවෙන් බාගයක්ම මන් කියපු එකට....නෑ... මන් පොතෙන් සීයට එකයි කීවේ....සෙල් ෆෝන් ,ඉන්ටර්නෙට්,කම්පියුටර්, නැති ඒ කාලේ යුගයේ පහල වු කෲරතරම මිනිමරුවා... ගැන ලියවුණු සුපිරි පොතක් කියලා කියන්න පුලුවන්...
කතුවරයා ගැන කිවොත් මෙතුමාගේ පොත් වල මන් දැක්ක දෙයක් තමයි මුල් පිටු තුලින් කාතව තුලට රිංගිමට හරිම අමාරුයි...හැබැයි විසිවැනි සියවසේ ත්‍රසජනක රහස් පරික්ශක කතා රජු විදිහට හදුන්වන්න පුලුවන්...මෙතුමාගේ එක පොතක් වත් කියවලා තියෙන කෙනෙක් ඉනනවනම් ඒවගේ වටිනාකම හොදටම දන්නවා ඇති...හොදම දේ ඒ මුල් පිටු කිපය මහත් වැයමින් කියවන්නේ නැතුව කියවන එකයි...
පරිවර්තනය කරලා තියෙන්නේ අභය හේවාවසම් මහත්තයා..එතුමන්ගේ පරිවර්තනයන් අතිවිශිෂ්ටයි ...තවත් Fedric Forsyth ගේ පොත් කීපයක්ම පරිවර්තනය කරලා තියෙනවා මෙතුමා..කොහොම නමුත් ලාංකික ජනතාවට මුලින්ම Fedric Forsyth හඳුන්වලා දුන්න ගව්‍රරවය මෙතුමාට හිමිවෙන්න ඕනේ...
ඉතින්...මට මුලින්ම මේ පොත් කියවද්දි මහ අවාසනාවන්ත සිද්දියක් උනේ... ඒ පුස්තකාල පොතේ අන්තිම පිටු 2 ක කව්දො කාලකන්නියෙක් ඉරලා ... පොතේ අවසානය දන්නෑතුව මන් අවු 2ක් හිටියා...මොකද ඒ කාලේ මේ පොතේ පිටපතක් කොහොවත් තිබුනේ නැති එකයි... හුගාක් රස්තියාදු උනා...අන්තිමෙදි පොත හොයා ගත්ත මම Fedric Forsyth ගේ හොඳ රසිකයෙක් උනා...
අවසාන වසයෙන් මගේ ප්‍රියතම පිටුවකින් මේ ලිපිය හමාර කිරිමට බලාපොරොත්තු වෙමි..

########################################################
....."එත් ඔබ තුන්දෙනා මා මෙහි කැදෙව්වේ දේශපාලන ඝාතනයක් සිදුකිරිමේ සමාන්‍ය තත්වය පිලිබඳ සාකච්ඡා කරන්න නො වෙයි නේ. ඒ වගේම තුවක්කුවක් හසුරවන්න කෙනෙක් මෙහේ හොයා ගන්න බැරි කමටත් නොවෙයිනේ ? මා මෙහි කැඳ වුයේ ඔබ ගෙ රහස් සංවිධානය මේ මෑතක සිට ප්‍රංශ රහස් ඔත්තු සේවය මගින් විනි විඳ දැක ඇති නිසාත් , ඔබ ගන්නා යම් තිරණයක් රහසිගත ව වැඩි කලක් නොපවතින නිසාත්, ඔබ සංවිධානයේ සියලු දෙනා ගේ ම රූප ප්‍රංශයේ ඉන්න සෑම පොලිස් නිලධාරියෙකු ගේ ම මනසේ සටහන් වී තිබෙන නිසාත් නොවෙයි ද? ඒ නිසා ඔබට පිටස්තරයෙකු අවශ්‍ය වෙනවා.ඒ වගේ ම ඔබ ගේ තිරණය හරියටම හරි. මේ වැඩය කරන්න ඕනිනම් එය කල යුත්තේ පිටස්තරයකු විසින් ම යි. ඔබට තියෙන එකම ප්‍රශ්නය කීයක් දීලද මේ වැඩය කරවාගන්නේ කියන එක යි. දැන් මහත්වරුනි, ඔබ මිල දි ගන්නා භාණ්ඩය පරික්ශා කිරිමට ඕනි හැටිය කල් ගත්තා ,එහෙම නේ ද?"
රොඩින් මොන්ට්ක්ලෙයර් දෙස බැලු අතර මොන්ටික්ලෙයර්ගෙ ඇස් බැම ඉහල ගියෙ ය. කසන් ද බලාගෙන සිටියේ ය. සුද්දා කිසි උද්යෝගයක් නොමැතිව කවුලුවෙන් පිටත බලාගෙන සිටියේ ය.
"ඔබ ඩි ගොල් ව මරනවා ද?" රොඩින් අවසානයේ දි ඇසුවේ ය.
ඔහු ගේ කටහඩ පහත් වූව ද ඒ ප්‍රශ්නයෙන් මුලු කාමරයම පිරි ගියේ ය. සුද්දාගේ බැල්ම නැවත රොඩින් වෙත එල්ල විය.
"ඔව්, ඒත් ඒකට මුදල් හූගක් වියදම් වෙයි."
"කොපමණ ද?"
"ඔබ තෙරුම් ගන්න ඕනි මේක මගේ ජිවිතයට ම කෙරෙන අවසාන ඝාතනය වන බව. මේ වගේ වැඩක් කරන මිනිහට එයින් පසුව එ වන් වැඩක් කරන්න ආය අවස්තාව නැති ව යනවා. අහුවෙන්නේ නැතිව පමණක් නෙවෙයි හදුනාගන්නේ නැති ව පව සිටිමේ අවස්තාව බොහොම අඩුයි. මේ වගේ වැඩක් කරන තැනැත්තා තමන් ගේ ඉතුරු කාලය සුව පහසුව ජීවත් වීමට මුදලක් ලබා ගත යුතුවාක් මෙන් ම ඩි ගෝල් වාදින් ගේ පලිගැනිමට විරුද්ද ව ආරක්ශා සංවිධාන ඇති කර ගැනිමටත් මුදල් වැය කල යුතුයි."
"ප්‍රංශය අප ගේ අතට ආවයින් පස්සේ ප්‍රශ්නයක් නැහැ." කසන් කීවේ ය.
"මුදල්.."ඉංග්‍රීසි ජාතිකයා කිවේය ." අඩක් අත්තිකාරම් වශයෙන් අනිත් අඩ වැඩය නිමකලායින් පසු."........................
@වෘකයාගේ දවස/67 පිටුව.

උකුසු දඩයම......



උකුසු දඩයම......


කව්ද දන්නෙ 2 ලොක යුද්දෙ ගැන.....වැරදුනා... කව්ද නොදන්නේ...නේද..? එත් ඔය කවුරු කවුරුත්..හොරෙන්ම තමතමන්ගෙන්ම අහලා බැලුවොත් හොදයි නේද එවා ගැන ඇතතටම තමන් දන්නේ මොනවද කියලා... ඉතින් මන් ඒ පාර දිගේ යන්න කල්පනාවක් නැ... මන් කියන්න යන්නේ පොඩි කතන්දරයක් ලොකු කතාවක් ගැන මේ කතන්දරයෙ අපේ වීරයෝ තමයි ජර්මානූ පැරුශුට් බටයෝ.
.“නාසි..උන් මොන වීරයෝද? උන් මීනිමරුවෝ...."
"හැමෝම කියන්නේ ඕක තමයි... ඇයි උන් මීනිමරුවො කියන්නේ...?"
"ඇයි මල්ලී දන්නේ නැද්ද..උන්ගේ කෙරුවාවල්.... ඔය පාහර හැතිකරේ...යුදෙව්වෝ විතරක් ලක්ශ 60ක් මැරුවා කියලා වධකාගාරවල විතරක්...ජර්මන්...හිට්ලර්... නාසි,SS...,ලෝක ඉතිහාසයේ ලොකුම ලොකු කලු පැල්ලම් විතරයි...."
"තව විස්තර ටිකක් කියන්න බැයිද...?"
"ඕක ගැන කියන්න ගත්තෝත් සති ගානක් කතන්දර කියතැහැකි...."
"1 ක් 2ක් කියනවකෝ... දැන ගන්නත් එක්ක..."
"හිට්ලර් කියන්නේ 1 වැනි ලෝක යුද්දේ කාලේ ජර්මානු කාලතුවක්කු හමුදාවේ කෝප්‍ර්ල් කෙනෙක්... කොහොම හරී 2 වැනි ලොක යුද්දේ දි ජර්මනියේ පාලකයා.....පාලකයා උනාට පස්සේ මෑන් කිවා යුදෙව්වොන්ට ඔය ගොල්ලන්ගේ පොරන්දු වු දේශය මන් ලබාදෙන්නම් නික්ම යන්න ලෑස්ති වෙන්න කියලා..."
"මේ මොකක්ද පොරොන්දු වු දේශය...එතකොට නික්මයාම...."
"ඔය යුදෙව්වො...අවුරුදු දාස් ගානක් හොයපු...තම ජාතියේ නිදහස උරුම තාඩන පීඩන නැතී දෙවියන්වහන්සේ විසින් ලබාදෙන්නට නියමිතව තිබුනු දේශයක්....ඉතින් මේ හිටලර් ජර්මනිය හා යටත් විජිත වල හිටිය යුදෙව්වොන්ට කිවා මම මේ දේශය දෙන්නම්...තමන්ගේ බඩු ඔක්කොම කිලො 50කට සීමා කරලා ලගම දුම්රිය පොලට යන්න කියලා...."
"ඉතින් ඉතින්....."
"යුදෙව්වො කියන්නේ යුරෝපයේ හිටපු සල්ලි කාරයෝ....බිස්නස් කාරයෝ... ගිනී පොලී කාරයෝ...."
"මේ මිනිස්සු එකතු වෙලා..තියෙන වටිනා කියන දේවල් ඕක්කොම රත්තරන් වලට හරවාගෙන බඩු මල්ල ලැස්ති කරගෙන ගියා කෝච්චියට නගින්න ඔතනින් තමයි හිට්ලර්ගේ හමුදාවේ සය ආකාරයේ සුරා කෑම පටන් ගත්තේ.....මේක අදියර හයකට ක්‍රියාතමක කලා....
1-ඉඩකඩම් අතහැරලා දාලා එන මිනිස්සුන්ගේ ගේ දොර ඉඩකඩම් අල්ලාගැනිම...
.2- දුම්රිය පොලේදී අර වටිනා බැග් එක බලේන් පැහැරගෙන ඒ මිනිස්සුව පොල්ලෙලි පටවනවා වගේ දාස් ගානක් කොච්චි පෙට්ටි වල පැක් කරා...
ඔය කොච්චි නොකඩවා ධාවනය උනේ රට වටේ තිබුන වධකාගාරවලට....එකක් දවස් 18ක් එක දිගට ගිහින්...දාස් ගනන් මිනිස්සු තැලිලා පොඩිවෙලා.... අර පෙට්ටී අස්සේ එකා උඩ එකා වැටිලා මල මුත්‍රා නාලා අඩියෙම හිටපු අය මැරිලා කුනු වෙලත් එක්ක.....ඉතින් දවස් ගානකට පස්සෙ මෙවා අරිද්දී වැටුනු ඉර එලියට මල මිනී මැද හිටපු එ කාලකන්නි පන තිබුන මිනිස්සුන්ගේ ඇස් පිච්ච්උනාලු.....
හිටපු හැමොගෙම ඇදුම් පැලඩුම් ආභරණ ගලවාගෙන ... අර මැරිච්ච් අයගෙ පවා...
එ තම්යි 3 වැනි සුරාකැම....
මැරුනුමිනිස්සුන්ගේ හිසකෙස් ඔක්කොම සපත්තු හදන්න ගත්තලු.... ලක්ශ ගනන් සපත්තු සොල්දාදුවන්ට... මල මිනිවලට විතරක් නෙමේ ජිවත් වෙන අයව පාවා අමු අමුවෙ මෙඩිකල් රිසර්ජ් වලට අරගෙන...ඒ සිතල නොවැම්බරයේ වධකාගාරවල ගිනි උදුන් නොකඩවා දැලුවුනාලු....දර වලින් නෙමෙයි...මලමිනීවලින්....ඒ දුමෙනුයි ගදෙනුයි...මුලු ජර්මනියම වැහිලා ගියාලු.....ඉතිරිඋනු අලු පොහොර වශයෙන් ගත්තලු....
ඒ තමයි පස් වෙනි හා හයවෙනි සුරාකැම..."
"එතකොට 4 වැනි එක..."
"හ්.. එක තමා බයානකම එක ශ්‍රමය සුරාකැම....ජිවත් වෙලා හිටපු මිනිස්සුන්ගේ වහල්ලු වගෙ වැඩ ගත්තා ….මිනිහෙකුට දෙන්න පුලුවන් අඩුම කැම සලාකෙයි වැඩිම කස පාරවල් ගානයි උන් හොදටම දැනගෙන හිටියා…බඩට කැමක් නැතුව …සීතලට ඇදුමක් නැතුව ….සත්තුන්ටත් අනන්ත දුක් විඳලා අවුරුදු ගානක් මිනිස්සු මෙ වධකාගාරවල මැරී මැරී දුක් වින්දා ….ඒ තමයි ලොක ඉතිහාසයේ දරුනුතම වධකාගාර… මිනිහෙක්ට දවසට බොන වතුර බිංදු වලට වැඩිය කස පාර හම්බවුණා….මිනිස්සු මැස්සෝ වගේ මැරිලා ගියා.. වැඩකරලා …ඒ මිනිස්සුන්ව අමු අමුවේ කපලා උන් පරේශන .කරා….ඇයි උන් හෙව්වා ..මිනිහෙක් මරන්න යන අඩුම වියදම ක්‍රමය මොකක්ද කියලා තියුනු තල මොට්ට උනා බෙලි කපලම…ඒවා මුවහත් කරන්න යන වියදම පාවා උහුලන්න බැරි උනා දව්ස් ගනන් නාන්න නොදී එකපාරටම බත්‍රොඔම් වලට දැම්මහම මිනිස්සු අසාවෙන් කරාම ඇරියම ආවේ වතුර නෙමේ ගැස් … ලක්ශ ගානක් ගැස් ගහලම මැරුවා …එත්… වියදම වැඩියි…එක මිනිහෙක් මරන්න යන වියදම සත දසම ගනන් වලට අවට පස්සේ… සාර්තකම විසඩුම ආවා …මොකක්ද?
තොන්ඩුව … එත් දවසින් කඹ කැඩුනා……. තැන් තැන්වල තොන්ඩු හදලා තිබුනා …ඕන කෙනෙක්ට ඕන වෙලාවක එල්ලිලා මැරෙන්න …යුදෙව්වො මේ වධකාගාරවලදි විතරක් ලක්ශ 60 ක් මැරුව’’
“ඇයි ඉතින් මෙච්චර සංහාරයක් …. ඇයි..යුදෙව්වන් එක්ක මෙච්චර තරහක්…?’’
“ ඒක ලොකු කතාවක් … නිදහස් වෙලවක Hitler- the rise of the evil කියන ෆිල්ම් එක බලනවා … එකේ තියෙනවා ඌ බලයට අවේ කොහොමද? ඇයි මේ තරහා කියලා …
.”ඉතින් කොහොම හරි හිට්ලර් පැරදුනා නේ.’’
“ඔව් එත් ම්ං කීවොත් හිට්ලර් දිනන්න හිටියේ කියලා…..”
“ඒ ඇයි ….?”
හිට්ලර් පරදින්න හිටියේ නෑ… ලොක ඉතිහසයේ හැන්ගිලා තිබුන රහස තමයි ඒ… අර සමලිංගික ගණිතඥඥායා 1942 දී ….CRISTOPER කියන ලොව ප්‍රථම පරිගණකය හැදුවේ නැතතම් හිට්ලර් ඔය හැම රටක්ම පරද්දනවා …කොහොම උනත් මැතක් වනතුරුම ජර්මනියවත් දන්නෙ නැ… ඇත්තටම 2 වැනි ලොක යුද්ධය ඔවුන් පැරදුනේ අර පිස්සු ගණිතඥඥායා හින්දා කියලා…වැඩක් නෑ… ඒ මනුස්සයටත් අධිකරණයන් දඩුවම් දුන්නා …. පස්සේ මිනිහා සියදිවි හානි කරගත්තා ….”
“ මේ මොකක්ද ඒ කතාව…. කව්ද එ ඩයල් එක…”
“ඒ සීන් එක මං ලඟදි දන්නේ අර the imitation game කියලා ෆිල්ම් එකක්අවේ….ඒ ගැන….. හරි හරි ..දැං ඔයගේ කතාව කියන්නකො…”
“අයියා මෙච්චර වෙලා කීවේ ss හමුදාව ගැනනේ ..මං කියන්නේ පැරශුට් භටයෝ ගැන….”
“උන් ඔක්කෝම එකයි ….”
“නෑ… ම්ං කියනවට මෙක කියවලා බලන්නකො… වෘර්ක්‍යාගේ දවස ට පස්සේ මං කියවපු හොදම පොත…ඉන්නකො මං පොඩ්ඩක් කියනකං ..මේ කතාව පටන් ගන්නේ යුද්දේ අවසාන කාලේ ….. දිගට හරහට ජර්මනිය පරදිනවා මේ අතර මිත්‍ර පාර්ශිකයන් විසින් හිට්ලර්ගේ දකුනු අත වගේ හිටපු ඉතාලියෙ අඥඥාදායකයා වෙච්චි මුසලොනිව අල්ලාගන්නවා…”
“ ඉතින්”
“ හිට්ලර්ගේ හොදම වැඩ්ඩො ටිකක් කමාණ්ඩො ගේමක් දීලා මුසලොනිව බෙරගන්නවා… අන්න එතනින් තමයි අපේ කතාව පටන්ගත්තේ….”
“ඉතින් ඉතින් ”
“මෙකෙන් උද්දාමයට පත්වෙච්ච හිට්ලර් කියනවා ඔනෙනම් අපායේ යක්ශයව උනත් පැහැරගෙන එන්න පුලුවන්නේ…කියලා..එ හින්දා අපි චර්චිල්වත් මෙහෙම උස්සමු කියලා ….”
“චර්චිල්….චර්චිල් කියන්නේ…වින්ස්ටට් චර්චිල් ද?”
“ ඔව්..ඔව්.. ඒකලේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති”
“අරූ පිස්සෙක්නෙ…ඌ කිවනේ උස්සන්න කියලා… ඉතින් උස්සන්නම වෙනවා,,,ඉතින් කොහොම හරි කැටේ පාත්වෙන්නේ යුද්දෙන් හෙම්බත් වෙලා ඉන්න අද්මිරාල් කෙනෙකුට …..
“ඉතින් ජර්මනිය පීරලා මෙකට සුපිරි වැඩ්ඩෙක් හොයනවා…අන්තිමෙදී හොයගන්නේ ලෙෆ්ටිනන් කර්නල් ස්ටයින්….පැර්ශුට් රෙජිමන්ට් එකේ පුරාවෘතයක් ….නාහෙට අහන්නේ නැති හින්දා සු සයිඩ් මිශන් එකකට යවලා ඒ රෙජිමන්ට් එකම …එතකොටම පණස් ගානක් හිටපු රෙජිමන්ට් එකේ ඉන්නේ විසිගානයි….”
“මෙයා තමයි අපේ කතානායකයා …මිනිහවයි ඒ කොල්ලො ටිකයි මේ පිස්සු මිශන් එක බාරගන්නවා…”
ඇයි උදව්වට IRA එකේ සුපිරිම වැඩ්ඩෙක් ගෙනවා…ඩිලන් කියලා ….”
“ඉතින් චර්චිල්ව උස්සනවද?...”
“කියවන්නකො ….ගේම ගහනවා…සුපිරියටම…මං කියවලා තියෙන සුපිරිම සුපිරි පොතක්..ඇත්ත කතාවක්….”
“ම්… උකුසු දඩයම…කියවලම බලන්න ඔනේ….එහෙනම් thank u..”

ආයෙත් සැරයක්.......

ආයෙත් සැරයක්.......
.
computer එකේ එල්ලිලා TV series එකක් බලබලා ඉද්දි current එක ගිය හින්දා ඔලුව උස්සලා වටපිට බලද්දී හුඟ කාලෙකින් අතට ගත්තේ නැති පෑනයි කටු කොල වගේකුයි මෙසේ උඩ ඉදන් ලාවට හිනා වෙනවා යාන්තමට දැක්කා...ඇත්තටම නෙට් එකෙයි.. 4ne එකයි නැතුවට මහ සන්තොසයෙන් ගෙවිලා ගිය කාලයක් ඉස්සර තිබුනා කියලා හිතට එද්දි අමුතු සාන්කාවක් ආපු හින්දම අකුරු ටිකක් අමුණන්න හිතුනා...ඇත්තටම අලුත් අවුරුද්දකුත් ආපු එකේමම හිතුවේ මගේ ආසාවල් ගැන මිසක් වෙන මොනවද..කවදාවත් කරගන්න බැරි වුන දෙවල් නෙමෙයි...කරලා සුවඳ තැවරුණු මතකයන් ආයෙත් අලුත් කරගන්න ඇත්නම්...අනන්තය උසට බලාපොරොත්තු බුරුතු පිටින් තිබුණු වර්තමානයට සුවඳ ගෙනෙන්නේ හැමදාමත් අතීතය විතරයි.. ඉතින් ඒ සුවඳ අලුත් කරගන්න ආයෙත් සැරයක් මේ දේවල් කරගන්න පුලුවන්නම් ජිවිතය කියන්නේ ඒක වෙන්න ඇති....
ආයෙත් සැරයක් මම ආසයි තනියම ගමේ පන්සලේ චෛත්‍යය ගාව වාඩි වෙලා පැයක් දෙකක් කල්පනා කර කර ඉන්න....බුදු කුටියේ සීතල ටයිල් පොලවේ සනිපෙට වැතිරිලා ඉන්න... පන්සලේ ලිදට පැනලා නාන්න... ලොකු හාමුදුරුවෝන්ගෙන් ටොකු කාලා ආවාස ගෙයි තියෙන කැවිලි වර්ග කන්න...පුස් සයිකලේ නැගලා දන්සැල් වදින්න යන්න..ගමේ ගිහින් පීල්ලෙන් නාන්න... චුටි චුටි දිය පරවල් වල ගහගෙන යන්න...කෙලින් ඉන්න පන නැති වෙනකන් කමතේ පිදුරු ගොඩේ නටන්න....පිනුම් ගහන්න...ආයෙත් සැරයක් වෙලේ මඩේ එරි එරි... එල්ලේ ගහන්න... පැයක් දෙකක් නැතිවෙච්ච බොලේ හොයන්න... වෙලේ සරුංගල් යවන්න..සන් නුලෙන් තන්ගුස් නුලට වෙට්ටුවක් දාලා එහා ගමේ උන්ගේ සරුංගල් කඩන් එවා පස්සෙන් වැටි වැටි දුවන්න...හන්දියේ පෙට්ටි කඩෙන් උනු උනු උඳු වඩේ ගොඩාක් අරගෙන රේල් පාරේ ඉදගෙන ඒවා කන්න... රුපියල දෙක කොච්චියට තියෙලා ඒවා තැලෙන් හැටි බලන්න...රේල් පිල්ලේ වැනි වැනි නොවැටි කඩල ඇට උඩ දදා කකා යන්න....කොච්චිය බිං ගෙයෙන් එනකන් හුසම අල්ලන් ඉන්න....ඉර බහින වෙලාවට වෙලේ ඇනිකට් එකෙ වාඩි වෙලා රතු පාට අහස දිහා බලන් ඉන්න...බිලි කොක්කක් දාලා මොඩ මාලුවෙක් ඒක කනකන් බලාන් ඉන්න..... ආයෙත් සැරයක් ඇල ගාව කොට්ටම්බා ගහේ හදපු මැස්සේ වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද ඉන්න...හොරෙන් රඹුටන් වත්ත්ට පැනලා පැනි බේරෙන රඹුටන් වලු පිටින් කඩන් කන්න...පැහිලාවත් නැති අඹ ගැට වලට පොලු ගහලා ගල් ගහලා අහල පහල ගෙවල් වලින් කුණුහරප බැනුම් අහන්න්...පත්තර කඩදාසිය ලුණු කැට අහුරක් අරන් ඇවිත් ජම්බොල...ජම්බු..අඹ... කෑබරන්කා ..දත් හිරිවට්ටගෙන කන්න...ඇල වෙච්චි පොල් ගහේ බාගයක් නැගලා කරණම් ගහගෙන ඇලට පනින්න...ඇස් රතු වෙනකන් නාන්න...රතිඤ්ඤා වලින් වෙඩි බෙහෙත් අරගෙන වෙඩිල්ලක් හදලා....දාලා...මාලු අල්ලන්න... ඒවා ගිනි මැලයක් ගහලා පුච්චන් කන්න.....ලන්සීට් වලින් පැර්ශුට් හදලා රැට පත්තුකරලා අහසට අරින්න......ආයෙත් සැරයක් දුරියන් කාලෙට දුරියන් පැලේ නයිටක් ගහන්න....ගෙඩියක් වැටෙන්කොට කොල්ලොත් එක්ක පොරකාගෙන ඒක හොයන්න....රුපියල් පහ දහය එකතු කරලා බිඩි මිටියක් ගෙනත් කැහැ කැහැ බිඩි බොන්න...කණාමැදිරියො අල්ලන් ජැම් බොතල් වල දලා රැට බලන්න...ආයෙත් සැරයක් පරෙයියෝ ඇතිකරන්න .... උන් උඩ කොඩේ ගහන්න... මදු ගහලා ගිරව් අල්ලන්න....අහල පහල කඳු උඩ ගල් තලා උඩ නැගලා ගම දිහා බලාන ඉන්න.... ආයෙත් සැරයක් රැට ගිනි මැලයක් ගහගෙන කොල්ලොත් එක්ක හොල්මන් කතාකිය කිය ඉන්න...හැලි අරක්කු ටිකක් බීලා ගෙදර යන්න බැරුව කෝහේ හරි ගලක් උඩ නැඟගෙන කොල්ලොත් එක්ක ඩොල්කියක් ගහ ගහ වෙරි හිදෙනකන් සින්දු කියන්න....ඔව් ඇත්තටම ආසයි...මල ගෙදරක නයිටක් ගහන්න....එලි වෙනකන් ඔමි ගහන්න..නිදන් ඉන්න එව්න්ගේ මුනේ සිග්නල් ගාන්න... රා ටිකක් බීලා කයිවාරු ගහන්න......අම්මගෙන් ටොක්කක් කන්න....තාත්තගෙන් බැනුමක් අහන්න...අයෙත් සැරයක් ආසයි......
ඒත් ඔර්ලොසුවත් එක්ක පට්ටම ෆයිට් එකක් කරන අපි දැන් හම්බෙන පුන්චි නිමාඩුවත් 4ne එකටයි computer එකටයි හිර වෙලා...එදා පිස්සු කෙලපු යාලුවෝ බේතකටවත් හොයන්න නෑ...දුකයි....ඉතින් ඔය සොදුරු මතකයන් ආයෙත් සැරයක් විදගන්න...මේ අවුරුද්දේ ලැබේවා කියලා මන් මටම පතා ගන්නව.... ඇත්තටම ජිවිතය කියන්නේ ඒ සුවදට...
.......................................හපොයි current එක අවා.. අයේ ඉතුරු ටික බලන්න එපැයි.....

හතරවෙනි තට්ටුව


"චංචල අදහස් වලට බෑ
කොටු පවුර බිදින්න........"


මොකක්........ ඔව්....පෙරදින රාත්‍රියේ මම "හතරවෙනි තට්ටුව" කියෙව්වෙමි.... දහ අට වැනි සියවසේ අගබාගයෙදි දකුනු අප්‍රිකාවේ වර්ණවාදී ආකල්ප වලට එරෙහිව ආරම්බ උන විප්ලවයේ මුලික අඩිතාලම ගැන කියවෙන පොතකි....
එයින් මාගේ සිතුවිලි විසිර ගොසිනි.... හිතේ තෙරපෙන අදහස් විවිදාකාරය....එහි වු අකුරක් අකුරක් පසා මගේ මනසේ හොල්මන් කරයි....
මටත් වුවමනාය විප්ලවයක් කරන්න...... එහෙත් කුමක් නම් කරන්නද?.... මා තවමත් විසිවියෙහි වුන් දේශපාලනය යන්තම් දිවගාවත් රස බලා නැත්තෙකි....... එහෙත් මම එකක් දනිමි අපි විදිනා මේ නිදහස..... ආශ්චර්‍යමත් ජීවන රටාව කෙලින්ම කාගෙන් හෝ ත්‍යාග බන්දේසියක තබා අපට නොලැබුන බවයි.... බොහෝ මිනිසුන්ගේ ලේ කදුලු දහඩිය මත අපි.... ඔවුන්.... විරාජමානව සිටියි... අතීතයේ රුදිරයෙන් තම අනාගතය අඳුරු කරගත්තෝ ගැන අප නොදනිනි............... එහෙත්... දිවි බේරාගත්තො අදුරු අතීතයේ..යෝද පර්වත වැනි මිනිසුන් ගැන කොදුරන විට සිහින් සිතලක් ශරීරය පුරා දිවගොස්..රොම කුප අවදි කරන්නේ මන්ද.... ඔව් සමහර විට තාරුණ්‍යයේ නියම ශක්තිය එය වන්නට පුලුවන් එහෙත්...එය තවම නිදොරොපගතද...?
ඔව් බොහෝ ඈයෝ තමන්ගේ හෘද සාක්ශියට අනුව කටයුතු කරයි.... වැරදිමක් වුනොත් දුක් වෙයි.... ඔබ විශ්වාස කරනවාද..... පාවාදුන්නෝද හිතට එකගව එය කර ඇති බව...සෑම දෙයකටම පැති කීපයක් ඇත... සමහරු බොහො පැති ගැන සිතයි ... සමහරු තනි මතයට කාරණා ඉටුකරයි.... තීරණයක් නොගැනිමේද තිරණයක් ඇති බව මම දැන් දනිමි.
ඔබ සිතනවාද පාවා දුන්නෝ කිසි දිනක පසු තැවිලි වෙනවා කියා...එසේ නොවෙයි... සමහරු මුදලට පාවාදෙයි..සමහරු ජීවිත අසාවට පාවාදෙයි.. පලිගැනිමට පාවාදෙයි..ආදරය වෙනුවන් පාවාදෙයි.. වේදනාවට බියෙන් පාවාදෙයි..නමුත් සමහර ශෛලමය ආරක්කු බඳු චරිත විකල්පයක් නොමැති වීමෙන් පාවාදෙයිද.... මිය යාමට පාවා නොහැකි වු තැන කරණා පාවා දීම ගැන ඔබ සිතා ඇත්ද....මානව අයිතිවාසිකමේ උග්‍රතම අග්‍රඵලය වූ මරණය පවා තමන්ට අහිමි වු ඒ සහෝදරයන්ට සියල්ලොම ක්ශමා කරත්වා.......
කියවන්න.....ඒ කතාව.... සත්තයි ඔබ පුදුම වෙයි......
" චංචල අදහස් වලට බෑ
කොටු පවුර බිදින්න
මන් කිසිදිනක
විස්වාස කලේ නෑ
අයතන බිදින්න ....
හැකි නියාව
පෑනෙන් විතරක්....."

එසෙක්ස් නෞකාවේ කථාව ........"In the Heart of the Sea"





"එසෙක්ස් නෞකාවේ කථාව
මිනුස්සු දෙන්නෙකුගේ කථාවක්...
කපිතාන් ජෝජ් පොලාඩ්,,,,සහ ඔහුගේ පලමු අත්උදවු කරුවා, ඕවන් චේස්......."
කතාව පටන් ගන්නේ ඔන්න ඔහොම....
මිනිත්තු එකසිය දහයක්...මාව අතීතයේ සේල්රුවන් අතර අතරමං කල සලරුවක්....

.
පුන්චි කාලේ කියවපු මොබි ඩික් පොත මා තුල අමුතු හැගිමක් ජනිත කලේ නැති බව නම් ඉදුරා කිව යුතුය..ඒ පරිවර්තනේ අඩු පාඩුවක් යැයි මම සිතමි..නමුත් විලාඩ් ප්‍රයිස් ගේ "Whale Adventure" කියැවු මොහොතේ සිට රැවල් නෞකාවක නැගී මුහුදු ගොස් කුඩා ලෑලි බොට්ටු කිහිපයක නැගී මෙලොව වසන විශාලම සත්වයන් වන මහා කඳු වැනි තල්මසුන් දඩයම් කිරිමට සිහින දුටුවෙමි...නමුත් මහ සයුරේ මයිල දස දහස් ගනන් ඈත තෙල් බැරල් කීපයක් සඳහා හාපුන් ගසන සටන් කරන තල් මසුන් දඩයක්කාරයන් සිටි යුගය නිමා වී සියවස කීපයක් ගෙවී යාමෙන් අනතුරුව නැවත ඒ තුල ජිවත් වන්නන්ට උරුම කෙරු සිනමා සිත්තමකි..."In the Heart of the Sea"
.
අපේ විරුවා ඕවන් චේස්...තල්මසුන් දඩයමටම උපන් අයෙකි... කලහකාරයෙකි.. වැඩකරුවෙකි...මුහුදු ගමන් ගොඩකට පසු ඔහුගේ අසාව දඩයම් නැවක කපිතාන් වීමයි...ඊට උවමනාවටත් වඩා සුදුසුකම් ඔහු සතුව ඇතත්...සමාගමේ තීරණය මත කිසිදා මුහුදු නොගිය රදල පව්ලක උපන් ජෝජ් පොලාඩ් හට කපිතාන් තනතුර හිමිවෙයි...නමුත් ඕවන් චේස් ගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන කපිතාන් හා ඔහු අතර සීතල යුද්දයක් ඇර්බෙන්නේ මහ සයුර මැදදීයි...
.
"ඒ දෙන්නා අලුත බැඳපු ජොඩුවක් වගේ ....අලුත බැඳපු ජොඩු නම් දෙන්නට දෙන්නා ඉවසනවා..ඒත් අලුත බැඳපු ජොඩුවකට පුලුවන් නැවක් ගිල්ලන්න...."
කතාව අපට කියන ඒ නැවේ ගිය පුන්චි කොලුවා එසේ රචකයාට පවසයි....
.
නමුත් ඔවුන් එක්ව තමන්ගේ අරමුණ සඳහාම එක්වී මහ සයුරේ කවුරුත් නොගිය දුර යයි...ඔව් අවසානයේ තල්මසුන් රංචු පිටින් සිටිනා ඉසව්වකට ඔවුන් ලඟා වෙන්නේ අවුරුද්කට විතර පසුවය...ප්‍රීතියෙන් පිනා යන නාවිකයෝ දඩයමට සුදානම් වෙයි... නමුත් ක්ශිරපායින් විසින් ක්ශිරපායින් දඩයම් කරන කල මරන්නා හා මැරෙන්නා අතර මැරතන් තරගය වෙනස් කිරිමට එහි එක් යෝධ ධවල තල්මහෙක් තීරණය කරයි...ඌ තල්මස් රැලේ ආරක්ෂකයාද...? කෙසේ නමුත් ඌ පලිගැනිමට තීරණය කරයි...
.
කතාව ඔය අකාරයෙන් තමයි..හුඟ කාලෙකින් බලපු හොඳ ෆිලම් එකක්...කොල්ලට ඉන්නේත් කොයි කවුරුත් දන්න Chris Hemsworth (තෝර්).මෝබි ඩික් පොතට වඩා ෆිල්ම් එක සාර්තකයි කියලා කියන්න පුලුවන්...කොහොම නමුත් අමුතුම ලොවකට ඔබ රැගෙන යාමට හැකි සලරුවක් කියාත් කියන්න පුලුවන්...තල්මසුන් දඩයම් ගැන තවත් උනන්දු වෙන අයට "Whale Adventure" කියන්නේ හොදම නවකතාවක් එකත් කියේව්වොත් මුහුද මැද්දේ කැරැල්ලකටත් සහබාගි වෙන්න පුලුවන්...

නැවියෙක් නොකියපු කතාවක්...



නැවියෙක් නොකියපු කතාවක්...

.

මන් මහ පුදුම අදහස් තියෙන කොල්ලෙක්..පුන්චි කාලේ ඉදන් මගේ හීනේ වුනේ නාවිකයෙක් වෙන්න ...රුවල් නැවක නැගලා ලොකේ හතරකොනටම යාත්‍රා කරන්න..නොදන්න දේශ දිග්බාග හොයා ගන්න..එතකොටත් මම ගමේ වෙලේ සරුංගල් ඇරපු...මා ඔයට වඩා ලොකු වතුර පාරක් නොදැක්ක කොල්ලෙක්...පුන්චි කොල්ලෙක්..මට මතකයි මන් මුලින්ම මුහුද දැක්ක හැටි..මුලින්ම ගෝල් ෆේස් එකේ රැල්ල පාගන කොටත් මට අවුරුදු දහයක් ඇති වැඩිම උනොත්...ඒ තරම් ලොකු වතුර කන්දරාවක් දැකලා මම පුදුම වුනා ... හුස්ම ගන්නත් අමතක උනා...රැල්ල පාගලා හෙම්බත් වෙලා වැල්ලේ වාඩිවෙලා හිටපු මන් ඈත අහසයි මුහුදයි එකතුවෙන තැනින් ඉර ගිලෙන හැටි දැකලා පුදුමත් වුනා...ඒ අතරින් පතරින් තිබ්බ දුම් බෝට්ටු මාලු බෝට්ටු මන් ගනන් කලා...ඒ සයුර මැද්දේ එක නාවිකයෙක් වෙන්න තිබ්බ අසාව ඔඩු දිව්වේ ඔය වෙලාවේ තමයි....ඉතින් ඔය ලොකු හීනේ පුන්චි හදවතේ තියාගෙන මම ලොකු වුනා...කවදාවත් ඒ හීන වල බරපතලකම නොතේරුනු හින්දා ඒ මත්තේම ජීවත් උනා..මට බදාකරන්න කවුරුත් අවේ නෑ....

.

ඉතිං රුවල් නැව් නැති වෙච්චි ලොකයක දුම් නැවක නාවිකයෙක් වෙන්න මට පුලුවන් වුනා...දැන් මම නැවියෙක්..ලොකේ කෙලවරවල් ගානේ වතුර ටොන් බිලියන ගානක් උඩින් යකඩ වලින් මුට්ටු දාලා ඇත්තු වගේ ලොකු ඩීසල් බොන එන්ජින් වලින් පන ගත්තු ටවුන් එක වගේ විශාල නැවක...ගොඩබිම් යා කරන්න ලැසි ගමනින් ලිස්සලා යන නැවක නාවිකයෙක්... මෙච්චර කල් මන් පෙම් කරපු මුහුද මහ හිතක් පපුවක් නැතිව හැසිරෙන හැටි දැකලා මුලින්ම මට පිස්සු හැදුනා...නිල් පාට විතරක් තියෙන අහසකුයි මුහුදකුයි විතරක් තියෙන ලොකෙක මාස ගානක් යාත්‍රා කරනකොට කොල්ලෙකුට තමන් ගැන දැනගන්න තියෙන හැම දේම දැනගන්න ලැබෙනවා....මාස දෙකක් යද්දි කෙලිලොල් ඉලන්දාරියා මැරෙනවා...හැඩි දැඩි පිරිමියෙක් උපදිනවා...කාශ්ටක අව්ව හෙවනක් නැති සාගරයේ ඉන්න හොදම යාලුවා උනා....ලුණු වතුරෙන් පෙඟිච්චි අලි බඳින තේඩා වලටත් වඩා මහ කඹ

වලට අත් රලු වුනා....බ්‍රිජ් එකට ගහන යෝධ රැලි වලින් බිඳෙන පුන්චි හිම වගේ ලුණු වාශ්ප හුස්ම වුනා....තෙරක් නොපෙනෙන සයුරේ ගොඩබිම් හොයලම අව්වට ගිනිකම වැටිලම ඇස් හීන් වුනා..රලු පරලුවට කෑ ගහලම කටහඩ රලු වුනා...හීන හෙමිහිට බොඳ වුනා...අරමුණක් නැතිවුනා.... හොයාගන්න තිබ්බ ගොඩබිම් ඔක්කොම හොයාගෙන.... ඉතින් මන් ආයේ ගෙදර ගැන හීන මවන්න පටන් ගත්තා ....වෙල් එලිය ගැන ...අල ගල්ල ගැන...රේල් පාර ගැන ...කවි ලියන්න පටන් ගත්තා...ගමේ යාලුවන්ගේ හිනාවට ආදරේ කලා...ගෙදර එන්න ඇඟිලි ගැන්නා................

.

ඉතින් මන් ගෙදර ආවා...පුදුම සතුටකින්...හිතේ හැටියට සතුටු වුනා.............ගමේ කරක් ගැහුවා....කාලය ගෙව්නා......ටික කාලයයි...අතේ තිබ්බ සල්ලි ටික දිය වෙලාම ගියා....ගේ කෑල්ලේ වැඩ ඉතුරුයි...ඉදහිට අත්මාරුවකුත් ගත්තා...ආයෙත් රෑ හීනෙන්..මහ මුහුද අඬගහනවා ඇහුනා...වෙල් සිපලා එන සුලං රැලි වල මන් ලුණු රස හෙව්වා...වෙන දේකට අත හුරුකරගන්න හිතුනෙම නෑ..මහ උද්දච්ච ලීලාවක් මට තිබුනේ...ඒ නාවිකයන්ගේ හැටි...ඒක මගේ ලේ වලට ත් බැහැලා මට දැනුනා...කාටවත් ඔලුව නැමුවේ නැති හින්දා ආයේත් මුහුදු යන්න හිතුනා...එන සතියේ නැවට ගොඩවෙන්න තිබුනා........ඔය අතරේ හෙණ ගැහුවා වගේ ඔයාව දැක්කා............

.

මහ මුහුද මට අමතක වුන....ගමේ වෙල් එලිය අමතක වුනා...මුහුදටත් ගමටත් පායන එකම හද එලිය මට අමතක වුනා....ඒච්චරකට සුන්දර වුනා මගේ ලෝකය.... හැබැයි ඔබ දන්නේ නෑ...මම හිතෙන් විතරක් පෙම් කෙරුවා....හීන මැව්වා...ඒත්..නොකිව ආදරයක් හිතේ තියාගෙන මට මුහුදට යන්න වුනා.....මාස අටක්..මගේ හිතේ දුක තිබුනේ නොකිව ආදරක් ගැන විතරයි...හැබැයි මම හිටියේ සතුටින් ඒ මම ආදරේ කරන්න පටන් ගත්තු හින්දයි...තෙරක් නොපෙන්න යෝධ රැලි ඇති නිල් පාට සාගරයක් තනි වුනත් හිත තිබ්බේ ඔබ ලඟ...අව්වේ සැර මට දැනුනේ නෑ...කන පැලෙන්න මුහුද වදිනකොට මට දැනුනේ නෑ...ලොග් අවුට් ඩියුටි ගහනවා මට තෙරුනේ නෑ...මට දැනුනා මන් ඇත්තටම ජීවත් වෙනවා කියලා...රලු මුහුදට මන් ආදරේ කලා හැබැයි ඔයාට අඩුවෙන්...මම ලුණු රස ගේන සුලඟට....යෝධ මාලුන්ට...පෙණ නගින රැලි වලට...රටා මවන වලාකුලු වලට.....ඔයා ගැන කීවා...බොලාර්ඩ් එකක ඉඳගෙන ඉර බහින හැටි බලාන ඔයා ගැන හිතුවා...හඳ මහ ලොකුවට පායපු දවස් වලට මන් ඔයා ගේ විස්තර හඳෙන් ඇහුවා...අමුතු රටවල් වල අපි ගොඩ බැස්සා ...අමුතු ලොකයක් දැක්කා...අමුතු කෑම කෑවා....අමුතු අද්දැකිම් ගත්තා...ජීවිතය වින්ඳා....හැබැයි හිත හැම වෙලාවෙම ඔයා ගැන හිතුවා.....ඉතින්....ආයේ ගෙදර යන්න දින ගනින්න ..කැලෙන්ඩරේ කොටු කපන්න පටන් ගත්තා....

.

ඒ මාස අට ගෙවලා මන් කුරුල්ලා වගේ ගෙදර අවා..ඒත් ගම ඉහත්තාවෙන් කලු වලාකුලක් තිබ්බා මන් එද්දි..අකලට වහින වැහි ගැන අපේ අත්තලා මුත්තලා වගේම මමත් පුන්චි කාලේ ඉදන්ම බයයි... කොකටත් මම විපරම් කරලා බැලුවා....මගේ කැදැල්ලට ගේන්න හිටපු කිරිල්ලි කාටදෝ සින්නක්කරම අයිති වෙන්න යන්නේ..හදිස්සියේම දෙතොලට නුහුරු ලුණු රසක් දැනුනා...මන් හිත ගල් කරගත්තා...සේලරුවෝ දරඳඩුයි....මුහුදේ ලුණු රස විතරක් මේ දෙතොල දැනගත්තහම ඇති....ඔයා සතුටින් හිනා වෙන හැටි දැකලා මගේ දුක බාගයක් හිඳුනා....ඉඳහිට පාර තොටේදි මං හොරෙන් ඔයා දිහා බැලුවා...සතුටු වුනා...දුක් වුනා...කාලය ගෙව්නා...ඇත්තටම ඔයා වාසනාවන්තයි....සොල්දාදුවෙක් ගාව නවතිනවටත් වඩා කිරිල්ලියක් සේලරුවෙක් ගාව නවතින්න බය වෙන්න ඕනේ...මහ මුහුදත් එක්ක අපේ ජීවිත ගැන වග කියන්න බැරි එකයි....හුදකලාවයි එක්ක තනිවෙන්න ඔය ඇස් පව් කරලා නෑ....ඉතින් මන් හිත හදා ගත්තා.....

.

ඉතින්.....මට ආයෙත් මට මුහුද මතක් වෙනවා...රැලි වැදෙන සද්දේ මට ඇහෙනවා....කාලෙකදි වයිර කරත් හිතක් පපුවක් නැති මුහුදට මන් ආදරෙයි..මන් ඉපදුනේ මේකට....ආයෙත් මුහුදේ තනිවෙද්දි....ලුණු රස ගේන සුලඟ....යෝධ මාලු...පෙණ නගින රැලි...රටා මවන වලාකුලු.....ඔයා ගැන අසාවී....මගෙන්......සිනහවක් මුවට නඟා ඔබ සතුටින් යැයි මට ඔවුන්ට කිව හැක...මුහුද අකාරුණික වු විට....යෝධ රැලි නැව් බඳට පහර දී ගිලගන්න තනන විට...වැසිදිය ඩෙක් එක හිල් කරන්නට හදන විට...සුලඟ ඉවක් බවක් නැතිව සැඩ වෙන විට..... කුණාටු නැව ගිලගන්න තනන විට....කදුලු නොවටුනු දෙනෙතක කෙලවර ඔබ සැමදිනම සතුටින් සිටින නිසා...මට සිනහ විය හැක....උහුලාගන්න බැරි මොහොතක විස්කි බොතලයක් තුරුල් කරන් කැබින් එකේ ලෑලි මේසයට තාලයට ගසමින් ඔබ ගැන කවියක් කීමට මට හැකි වෙනු ඇත..... මන්ද මා තනිවම මහ මුහුද මැද ඉන්නා සේලරුවෙක් නිසා...............................

මරීනයි මායි...

මරීනයි මායි...