Monday, August 7, 2017

තිරුවාණ ගල්...



එයා ආදරේ කලේ කුරුලු පිහාටු වලට... අහම්බෙන් හම්බෙලා එයා කුරුලු පිහාටු වලට කැමතියි කියනකොට මට පුදුම සන්තෝෂයක් ආවේ මටත් ඒ වගේ පිස්සුවක් තිබ්බ හින්දා...එයා එයාගේ දිග කොණ්ඩේ හැමදාම එක එක විදිහට අමුතු විදිහට හදාගෙන තමයි මාව හම්බවෙන්න ආවේ...ඒත් හැමදාම එක එක වර්ගයේ පාට පාට කුරුලු පිහාටුවක් කොණ්ඩේ ගහගෙන එන්න එයා අමතක කලේ නෑ...මටත් ඒ වගේම පිස්සුවක් තියෙන බව අහලා එයාට ඇත්තටම පිස්සු හැදුණා... ඒත් එයා ටිකක් නපුරුයි කියලා හම්බවෙච්ච දවසෙම මට හිතුණත් මම ඒ ගැන අමතක කලේ මට වගේ පිස්සුවක් තිබිච්ච මට හම්බුණ පළවෙනි එක්කෙනා එයා හින්දමයි.... හම්බවෙලා දවස් දෙකක් යන්නත් ඉස්සර මම එයාගේ කුරුලු පිහාටු එකතුව බලන්න ගියා.... බයිබලයටත් වඩා ලොකු පොතක තමයි එයා එයාගේ කුරුලු පිහාටු එකතුව අමුණලා තිබුණේ.... දාස් ගණන් කුරුලු වර්ග වල පිහාටු හරි ලස්සනට ඒකේ අමුණලා තිබුණා.... ඒක හරිම ලස්සනයි වචනෙයෙන් විස්තර කරන්න බැරි තරම්.... මම ඒ කුරුලු පිහාටු එකතුව බලලා අන්තිමට තිබ්බ ලොකු කෑ දෑත්තෙක්ගේ පිහාටුවක් ඉඹලා බලපුවම එයාගේ මුණත් රතුවුණා...ටික වෙලාවක් ගල් ගැහිලා හිටපු එයා මගේ කණට මෙහෙම කෙඳුරුවා....

"ඔයා හරි හොඳයි.... මම ඔයාට ආදරෙයි........."

."ම්ම්ම්ම්.....ඒත්......."

"ඇයි......ඒත් කියන්නේ......"

එයා ඇහුවේ එකපාරටම පුදුම වෙලා......

" මම කැමති තිරුවාණා ගල් වලට........"

"තිරුවාණා ගල්........"

"ඔව්......තිරුවාණා ගල්..... ඒවා තමයි ලෝකෙන්ම තියෙන ලස්සනම ගල්.... එහෙම තමයි අපේ තාත්තා කීවේ......."

"ඉතින්...................."

"මම තිරුවාණා ගල් එකතු කරනවා...... ඔයා කැමතිද ඒවා බලන්න......"

මම ඇහුවේ බලාපොරොත්තු පොදි බැඳගෙන....

"එතකොට ඔයා කැමති නැද්ද කුරුලු පිහාටු එකතු කරන්න......"

එයා එකපාර එහෙම ඇහුවේ බයවෙලා......

"කුරුලු පිහාටුත් ලස්සනයි.......ඒත් මම පොඩි කාලේ ඉඳන්ම එකතු කලේ තිරුවාණා ගල්..... මං ගාව ලස්සන එකතුවක් තියෙනවා.... ඔයා කැමතිද ඒක බලන්න....."

මම ඇහුවේ බලාපොරොත්තු පොදි බැඳගෙන.....

"ම්ම්ම්ම්..... මං එන්නම්කෝ ඒවා බලන්න......."

"අපේ තාත්තත් එක්ක ඉස්සර මම ඔයට යනවා නාන්න.... බයිසිකලේ ලැගේජ් එකට නැඟලා හරිම ආසාවෙන් මම යන්නේ.....ඒ යන හැමදාම දොල පාරේ තියෙන ලස්සනම තිරුවාණා ගල මම හොයාගෙන ගෙදර අරන් එනවා......."

මම ඇස් දෙක වහගෙන ඒ සොඳුරු අතීතේ මතක් කලේ පුදුම සතුටකින්.....

"අපේ තාත්තා නම් දඩයක්කාරයෙක්............."

එයා එකපාර කීවේ මගේ සිහින ගොඩ එකපාර සුණු විසුණු කරමින්......එත පහුවදාම එයා ආව හින්දා මගේ තිරුවාණා ගල් එකතුව බලන්න මම එයාට එක හිතින්ම සමාව දුන්නා....

"අම්මේ..... මෙච්ච්ර ලස්සන තිරුවාණා ගල්.....මෙච්චර ගොඩාක්......."
පරණ ලෑලි පෙට්ටගමක් මම පිළිවෙළට අහුරලා තිබ්බ එක එක පාට තිරුවාණා ගල් ගොඩ දැකලා එයා පුදුමයෙන් කෑ ගැහුවා.....
මම ආඩම්බරයෙන් හුස්මක් ගත්තේ එතකොට....

"ඇයි මේ තිරුවාණා ගල මේ හැඩේ....?"
"ඇයි මේක කොළපාට වෙලා තියෙන්නේ....?"
"මේ බලන්නකෝ මේ ගලේ මකුළු දැලක් වගේ ඉරිතලලා....".
"මේ මේක....හරිම සිනිදුයි......"
ඊළඟ පැය බාගේම එයා කතා කලේ තිරුවාණා ගල් ගැන විතරයි....
එතන තිබ්බේ මම ජිවිත කාලේම එකතු කරපු මට තිබුණ එකම සම්පත විතරයි... ඉතින් කෙනෙක් ඒ ගැන මෙච්චර ආසාවෙන් කතා කරපුවාම එයත් එක්ක ආදරෙන් බැඳෙන්න වෙන දේවල් ඕනේද....මම මගේ හිතෙන් එහෙම්ම ඇහුවා....

"ඔයා දැකලා තියෙන ලස්සනම තිරුවාණා ගල කෝකද....."

මම එහෙම ඇහුවේ හිතේ බලාපොරොත්තු පොදි බැඳගෙන... මගේ එකතුවේ තිබුණ ලස්සනම් තිරුවාණා ගල තමයි අවුරුදු සිය ගානක් දිය සෙවළ බැඳිලා කොළ මැණික් කැටයක් වගේ දිලිසෙන එකක්.... ඒක දෙතුන් පාරක් අතට අරගෙන බැලුව එයා කීවේ වෙනම ම කතාවක්....

."මෙතන පුදුම හිතෙන ලස්සන තිරුවාණා ගල් තියෙනවා....ඒත් මේ ඔක්කොටම වඩා ලස්සන ගලක් මං දැකලා තියෙනවා......"

ඊළඟ මිනිත්තු භාගයම මම හිටියේ හුස්ම අල්ලන්න බැරි තරම් පුදුම වෙලා......

"කොහෙදි ද..... අනේ මට කියන්න....."

මම එහෙම ඇහුවේ හිතාගන්නවත් බැරි නොඉවසිල්ලෙන්...

"මම දන්න ගල් ගුහාවක් තියෙනවා.... ඒකේ ලස්සන දිය උල්පතක් තියෙනවා.....එතන තියෙනවා හදවතක හැඩය ගත්ත තිරුවාණා ගලක්.....ඒක මැණික් ගලකටත් වඩා ලස්සනයි..."

එයා ඒක කියද්දි මට උහුලාගන්න බැරි උණා....

"අනේ..... මාව එතනට එක්ක යන්න..... මං ඔයා කියන ඕන දෙයක් කරන්නම්......."

"අපෝ.....මට එතනට යන්න බෑ....ආයේ.... කැලේ මැද්දෙන් ගොඩක් දුර යන්න තියෙනවා......"

එයා අදිමදි කලේ හිනා වෙවිම.... ඒ වෙලාවෙදි තමයි එයාගේ නපුරු ගතිය මම ඉස්සෙල්ලාම දැක්කේ.....

"ගන්න.... මේ තියෙන ඔක්කොම තිරුවාණා ගල් ඔයා තියාගන්න...මාව එතන්ට එක්ක ගියොත් මම මේ ඔක්කොම ඒවා ඔයාට දෙනවා....."

"මට මොකටද තිරුවාණා ගල්.... මං එකතු කරන්නේ කුරුළු පිහාටුනේ....."

"ඔයාට දෙන්න කුරුළු පිහාටු එකක්වත් මං ළඟ නෑ නේ......."

මම එහෙම කීවේ ඉවසගන්න බැරි දුකකින්......

.
" මං කියන්නද..... ඔයාට ඔච්චරම ඕනේනම් මට පුලුවන් ඒක අරගෙන එන්න..... හැබැයි ඔයත් මට දෙයක් ගෙනල්ලා දෙන්න ඕනේ....."

ඒ පාර එයා කීවේ මගේ ඇස් දෙකට එබීගෙන....
ඒ ඇස් ඇතුලේ දුඹුරු පාට විශ්වයක්ම තියෙනවා මට පෙනුණා..... මං මොහොතකට එතන අතරමං වුණත් හරි ඉක්මනට සිහි එළවා ගත්තා.......

"මොනවද......ඕන දෙයක් මම ගෙනත් දෙන්නම්....."

"මට ඕනේ සුදු උකුසු පිහාටුවක්.........................."

"සුදු උකුසු පිහාටුවක්..............!!!!"

"ඔව්........."

"කොහෙන්ද මම සුදු උකුසු පිහාටුවක් හොයන්නේ.........."
මම නිරුත්තර වෙලා ඇහුවා......

"හොඳයි.....මම කියන්නම්කෝ.....කාටවත් කියන්න එපා මම දැක්කා සුදු උකුස්සෙක් දැං කීප සැරයක්ම වගුරු බිම පැත්තේ......"

"වගුරු බිම.............."
මම පොඩි වෙලාවක් නිශ්ශබ්දව කල්පනා කරා.......

"ඉතින්........................."

"මම කියන්නේ ඔයා මට සුදු උකුසු පිහාටුවක් ගෙනත් දුන්නොත් මමත් අර ගල් ගුහාවට ගිහින් මම කියපු හදවත් හැඩේට තියෙන තිරුවාණා ගල ඔයාට ගෙනත් දෙන්නම්............."

"හොදයි මම අදම එහෙනම් වගුරු බිම පැත්තට යනවා..... සුදු උකුසු පිහාටුවක් හොයාගෙන මිසක් ආයේ ඔයා හම්බවෙන්න එන්නේ නෑ.............."

මම එහෙම කීවේ හදවත් හැඩේට තියෙන තිරුවාණා ගල කොහොම හරි අයිති කරගන්න හිතාගෙන....ඒත් මම වගුරු බිම ගැන අහලා තිබ්බ කතා වල හැටියට මේක සෙල්ලම් වැඩක් නෙමෙයි කියලා මට හිතුණා...


##########################################

"ඊයේ.. මහ මූසල දවසක්.......මන්දාරම් ගතිය උදේ ඉඳන් තිබුණත්.....දවල් වෙද්දි පායන්න ගත්තේ ගණ සැරේට, උහුලාගන්න බැරි තරමට රස්නයක් තිබ්බේ....වැට අයිනේ හැමදාම ඉරට හිනාවීගෙන හිටපු සුරියකානතත් අඩපණ වෙලා මැලවෙනවා දැක්ක මට පුදුම හිතුණා....ඒ වෙලාවේ තමයි මම ඔය සුදු උකුස්සව පළවෙනි පාරට දැක්කේ.... ඌ සෑහෙන ලොකුයි... අහසේ ඉඳන් ඊතලයක් වගේ පාත් වෙලා කටු අනෝදා ගහේ හිටපු ලේන් පැංචෙක් ඩැහැගෙන ආයේ උඩට ඇදුණා......මට විශ්වාස කරගන්න බැරි උණා...ඌ කෙලින්ම වගුරු බිම පැත්තට තමයි පියැඹුවේ....."

"ඒ කියන්නේ ඇත්තටම සුදු උකුස්සෙක් වගුරු බිම පැත්තේ කැරකෙනවා....."

මම මටම කියාගත්‍තේ වගුරු බිම අයිනේම කිට්ටුවම පදිංචි වෙලා හිටපු ජෝර්ජිනාගේ කතාව ඇහුවට පස්සේ...

"එහෙනම් දැන්ම පිටත් උනොත් ඇඳිරි වැටෙන්න ඉස්සැල්ලා ආපහු එන්න පුලුවන්..."

පොඩ්ඩක් කල්පනා කරපු මම එහෙම කීවට,කල්පනා කලේ හිස්බවක් ගැන විතරයි..

"පිස්සුද සින්බෑඩ්.... යන්න හිතන්නවත් එපා ඔය පැත්තට...ඔයා හිතන්නේ ඔය සුදු උකුස්සාව හොයාගෙන වගුරු බිමට යන පලවෙනියා ඔයා කියලද....."

ජෝර්ජීනාගේ කතාවට මම ගැස්සිලා ගියේ එකපාරටම....

"මොකක්ද ඒ කතාවේ තේරුම ජීනා...."

ජෝර්ජීනා හිනාවුනේ සමච්චලේට වගේ... හරියට මම නොදන්න කතාවක් මෙතන තියෙනවා වගේ....

"සින්බෑඩ් ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැද්ද... ඔය උකුස්සා අවතාරයක් ලු..මිනිස්සු රවට්ටගෙන වගුරු බිමට එක්කගෙන ගිහින් වල්මත් කරලා බිලිගන්න පිල්ලියක්ලු.....මුලින්ම ඔය උකුස්සා පස්සේ ගියේ දොළපාර උඩහ ජීවත් වෙන දඩයක්කාරයා... දවස් ගානක් ගියත් මිනිහා ආපු නැති නිසා ගමේම මිනිස්සු එකතු වෙලා වගුරු බිමට හොයන්න ගියා...ඒත්..."

"ඒත් .......කීවේ......"

"දඩයක්කාරයා ගල් වෙලා පිලිමයක් වෙලාලු...මුන තනිකරම විකෘති වෙලා බය වෙලා...හොයන්න ගියපු අය පුදුම බයකින් ආපහු ආවේ.....ඊට පස්සේ ඔය සුදු උකුස්සව හොයාගෙන ගියපු මෝඩයෝ හැරැණු කොට කවුරුත්ම වගුරු බිමට ගියේ නෑ....."

"ම්ම්ම්....."
මම ලොකු හුස්මක් ගත්තා...

"මම යන්නේ උකුස්සව හොයාගෙන නෙමෙයි...ජීනා...."

"එහෙනම්.........."

ජීනා ඇහුවේ ඇස් දෙක ලොකු කරං....කෙට්ටු උණාට ජීනා හැඩකාර කෙල්ල....අපි දෙන්නගේ පුන්චි කාලේ ඉඳන් තිබුණේ ලොකු බැඳීමක්...සහෝදර බැඳීමක්...

"උකුසු පිහාටුවක් හොයාගෙන...."

"ඒ මොකටද......? දැන් තිරුවාණ ගල් එකතු කරන්නේ නැද්ද....."

"මට නෙමෙයි ජීනා....යාලුවෙක්ට......."

මම එහෙම කීවේ ජීනාගේ ඇස් දෙක මඟහැරලා උස නැති පඳුරු වලින් මහා භයංකාරෙට පේන වගුරු බිම දිහා බලාගෙන

"යාලුවෙක්ට....... !!!...පිස්සු වැඩ කරන්න එපා සින්බෑඩ්... තට්ට තනියම වගුරු බිමට යන්නේ ඔයාට මොන යකෙක් වැහිලද...."

"කෑ ගහන්න එපා ජීනා.... මං යනවා... බය නොවී ඉන්න....."

"ඔයා නම් මහ හිතුවක්කාරයෙක් සින්බෑඩ් අයියේ...... ඔයා කවදාවත් මම කියන දේවල් වලට කන් දෙන කෙනෙක් නෙවෙනේ...."

එහෙම කියාගෙන අඬ අඬා ජෝර්ජිනා එයාගේ පැල පැත්තට දීවා.... වගුරු බිමට යන්න ලේසිම පාර වැටිලා තිබ්බේ ජෝර්ජිනාලාගේ වත්ත කෙළවරින්.... මම කටු පඳුරු මෑත් කරගෙන වගුරු බිම දිහාවට ඇදුණා....

මේ වගුරු බිම තමයි අපේ ලොකේ කෙළවර උනේ...කවුරුත්ම දන්නේ නෑ වගුරුබිමට එහා පැත්තේ මොනවා තියෙනවද කියලා....අපේ තාත්තනම් කීවේ වගුරුබිම කෙළවර වෙන්නේ රතු පාට මුහුදකින් කියලා....ගමේ හිටපු කවුරුත්ම කවුරුත්ම ඒක දැකලා තිබුනේ නෑ... ජීනානම් විශ්වාස කලේ අනන්තයට යනකං වගුරු බිමම විතරයි කියලා....ගමේ වයසින්ම වැඩි රෝසි ආච්චි නම් කීවේ ඕක ගැන මේ විදිහට....
" හැතැප්ම දාස් ගානක් ඔය වගුරු බිම තියෙනවා..කිසිම මිනිහෙක්ට ඕක හරහා එහා පැත්තට යන්න බෑ....යෝධයෙක්ට ඇර... වගුරු බිම කෙළවර වෙන්නේ උසම උස කන්දකින්....ඒ කන්දේ මුදුන වළාකුළු වලටත් උඩින් තියෙන්නේ....ඒ යෝධයන්ගේ රාජධානිය...."
පිස්සු විකාර කියවන රෝසි ආච්චිගේ කතාව පොඩි සන්දියෙදි අපි විශ්වාස කරාට පස්සේ අපි හිතුවේ ඒක හිතලුවක් කියලා විතරයි....
.
මුලින්ම තිබුණේ ලොකුවට හැදිච්ච කටු පඳුරු...ඒවා මෑත් කරගෙන යද්දි විශාලෙට හැදුණු ඉලුක්,මානා පදුරු කැලේ පහුකරන් මම එකපාරටම විශාල එලිමහන් බිමකට ආවා...හාත්පස සිසාරා බලපු මම එකපාරටම පුදුම උණේ ඒ වගේ විශාල නිදහස් අවකාශයක් ඒ තරම් විශාල නිදහස් අවකාශයක් දැක්ක පළවෙනි පාර හින්දා...අනන්තයට යනකං තැනින් තැන් ශේෂ වී ගිය පුන්චි කඳු ගැටි හැරුණකොට හැමතැනම තිබුණේ මූසල පාලු බව විතරයි... වහින කාලේ උනත් තාම වැස්ස පටං ගත්තේ නැති හින්දා පොඩ්ඩ ඇත්තං එරෙන මඩ වඟුර ඝන සැරේට වේලිලා තිබ්බේ... සැහැල්ලු පියවර තිය තිය මම ඉස්සරහට ඇඳුණේ බොහොම පරිස්සමෙන්...අතේ තිබ්බ දිග ලීයෙන් විටින් විට එරෙන තැන් හොයමින් මම ඉස්සරහටම ගියා...
හිතේ තිබ්බේ එකම එක සිතුවිල්ලයි....

"සුදු උකුසු පිහාටුවක්.....සුදු උකුසු පිහාටුවක්...."

ඉර මුදුන් වෙනකං ඇවිද්දත් මට සුදු උකුස්සගේ හෙවණැල්ලක්වත් හොයා ගන්න බැරි වුන එකෙන් මම අන්තයටම කලකිරීලා සරුවට වැවුණු කටු පදුරක් යටින් ඉඳගත්තේ රස්නෙයි තෙහෙට්ටුවයි දරා ගන්න බැරීව... තිරුවාණ ගල හීනයක්ම වෙයි කියලා බයක් තිබ්බත් ඊට වඩා බයක් පසුතැවිල්ලක් හිතට ආවේ අර විශ්වයක් වගේ දිලිසෙන ඇස් දෙකට වෙච්චි පොරොන්දුව ඉෂ්ට කරගන්න බැරිවෙන එකයි කියලා මට හිතුණා... රෑ වෙලා නොතිබ්බත් වටේටම ඇහුණේ රැහැයියන්ගේ සද්දේ විතරයි... විටින් විට කුරුල්ලන්ගේ සද්දේ ඇහුණත් ඒ මොක්කුද කියලා මම දැනගෙන හිටියේ නෑ....ඉවසන්න බැරි රස්නෙට මට එහෙම්ම ඇස් දෙක පියවුණා...

මම හිටගෙන හිටියේ ගල් ගුහාවක් ඉස්සරහා...අරයා මගේ අතින් අල්ලගෙන හිටියා...ඒ ගල් ගුහාවෙන් එලියට ගලං ආවේ නිල් ම නිල් පාට ඇළ පාරක්, පේන විදිහට ඒක ඇතුලේ ලොකු කලුවරක් තිබුණා....

"අපි මෙතනින් වාඩි වෙමුද...."

එයා ඇහුවේ මගේ අත තුරුල් කරන්...ඒත් මට කිසිම උණුසුමක් දැණුණේ නෑ....

"හා.............."

මම හිතන්නත් ඉස්සර මම ම කීවා... මම ටිකක් ලොකු ගල් ගෙඩියක් උඩ වාඩි උනා..එයා මං ගාවම තිබ්බ පොඩි ගල් තලාවේ වාඩි වෙලා මගේ උකුලේ ඔලුව තියාගත්තා.... හැමතැනම තිබුණේ මහ අද්භූත සීතලක්...මගේ ඇස් ඇදුණේම ගල් ගුහාව අස්සට....කාන්දමකින් වගේ මාව ඒ දිහාවට ඇඳෙනවා මට දැණුණා.....

"ඇයි... සින්බෑඩ් ඔයා මට සුදු උකුසු පිහාටුවක් ගෙනාවේ නැත්තේ......"

මගේ දැහැණ බිදුනට මට එයා කියපු කිසි දෙයක් ඇහුණේ නෑ......

" ඒක ඇතුලෙද.......අර ඇතුලේ නේද තියෙන්නේ......"

මම සිහිනෙන් වගේ මිමිණුවා....

"මොකක්ද....ඔයා ට මම කියපු එක ඇහුණද...."

එයා තරහින් වගේ මුණ උස්සලා බැලුවා....

"තිරුවාණ ගල.... හදවත් හැඩේට තියෙන තිරුවාණ ගල......"

"ඔව්....එතන තමයි තිබුණේ හැබැයි දැන් නෑ......"

"දැන් නෑ.... මොකක්ද ඒ කතාවේ තේරුම මරීනා.....!!!"

"මම ඒක අරගෙන හැංගුවා....ඇයි ඔයා මට සුදු උකුසු පිහාටුව ගෙනාවේ නැත්තේ...."

ඇත්තටම ඇයි මම සුදු උකුසු පිහාටුව ගෙනාවේ නැත්තේ කියලා මම කල්පනා කරා...මම වගුරු බිමටත් ගියානේ...මම පොරොන්දුත් උණානේ මම අනිවාර්යෙන්ම සුදු උකුසු පිහාටුවක් අරන් එනවා කියලා...ඉතින් ඇයි මම එහෙම නොකලේ...මම හිතුවා...මම කොහොමද මෙතන ගල් ගුහාව ළඟට ආවේ... මට මුලක් මැදැක් අගක් හිතාගන්න බැරි උණා....
මරීනා අත් දෙකෙන්ම මූණ වගෙන අඬන්න පටන් ගත්තා......ඒත් එක්කම ලොකු හුළං පාරවල් සීතලත් එක්කම කොහෙන්දෝ හමන්න ගත්තා...දොළ පාරේ වතුර සැඩ පාරක් වගේ වෙලා ඉහිරුණ වතුර බිංදු සීතලට මාව තෙමන්න ගත්තා.....

"ඔයත් අනිත් අය වගේම තමයි සින්බෑඩ්....ඔයාටත් කිසිම හිතක් පපුවක් නෑ....පිරිමි ඔක්කොම එකයි... ඔයාලට ඕන දේ විතරයි වැදගත්...."

ඉකි ගහන අතරේ මුමුණපු මරීනා එක පාරට ම මං දිහා බැලුවා....එයාගේ ඇස් වෙනුවට එතන තිබ්බේ නිල් පාට තිරුවාණ ගල් දෙකක්....මම එකපාරටම බය උණා...

"ගන්න....මේ..ක....මේකනේ ඔයා..ට ඕනේ....අරගෙන යන්න ම..ම.. මැරුණත් ඔයාට දුකක් නෑනේ......"

හදවත දිහාට අත් දෙක තද කරපු මරීනා එකපාරටම ලේ පිරුණ හදවතක් මගේ දිහාවට දික් කලා...තිබුණ මන්දාරම් එලියට වුණත් රතුපාට ලේ ගැවුණ ඒ නිල්පාට තිරුවාණ ගල මැණිකක් වගේ දිලිසුණා....ඒ තමයි මම දැකලා තිබ්බ ලස්සනම තිරුවාණ ගල... මම ගල් ගැහිලා ඒ දිහා බලං ඉද්දි මුළු ලෝකේම කලුවර වීගෙන ආවා....ලොකු හුළං පාරවල් ඉහලින් වද්දිදි මම උඩ බැලුවා....

ආකාසේ කලුවර කරගෙන යෝධ උකුස්සෙක් මං දිහාවට පාත් වෙනවා විතරයි මම දැක්කේ....
මම ඇහැරුණා.......................

හැම පැත්තෙන්ම මාව කලුවර වටකරගෙන.....එතන තිබ්බේ රාත්‍රියටත් වඩා වැඩි අඳුරක්... හොඳටම රෑ වෙලා...මම බය වෙලා නැගිට ගත්තා...එකපාරටම ලොකු අකුණක් කෙටුවේ මාව හොදටෝම බය කරගෙන...වහින්න ඔන්න මෙන්න...අහසේ තිබ්බ කලුවර වළාකුළු අකුණු එලියෙන් දැක්ක මම දැනගත්තේ මේ වහින්න යන්නේ එසේ මෙසේ වැස්සක් නොවන එක විතරයි....මොන කරුමයක් ද...මම වටපිට බැලුවත් ආපහු යන්න පාරක්වත් වැස්සට නොතෙමී ඉන්න තැනැක්වත් ..හොයාගන්න පුලුවන් වෙයිද මේ වගුරු බිමේ...වැස්සොත්නම් හැම දොළ පාරක්ම පිරිලා ඇවිත් වැටෙන්නේ වගුරට...ඒ කියන්නේ ආපහු යන එක සියදිවි නසාගන්නවා වගේ වැඩක්.....එතන කටු පදුරු ගස් වල පිහිට විතරයි...මම කොහෙවත් නොයා එතනම ඉන්න තීරණය කරනකොටම ලොකු ලොකු වැහි බින්දු එක දෙක අහසෙන් විසිකරන්න පටන් ගත්තා විතරයි.....

අහස කඩාගෙන වැටෙන්න ගත්තේ එකපාරටම...කිසි දෙයක් කරගන්න බැරි වුණ මම දණහිස් දෙකේ ඔලුව ඔබාගෙන කටු පඳුර අස්සේ පුදුම දුකක් වින්දේ....කල්පයක් විතර වහින්න ඇති...ඒ වගේ වැස්සක් මම ජිවීතේට දකලා නෑ...ඇට මිදුළුත් එක්ක සීතලට ගල්ගැහිලා මම මුළු ලෝකේටම සාප කර කර ඉද්දි එකපාරටම වැස්ස නැවතුණා...විටින් විට ඈත් ගහපු අකුණු දෙකක් තුනක් ඇරෙන්න මුළු පුදුම සංසුන් කමක් එකපාර පරිසරයේ ආපු හින්දා මම හිටපු තැනින් නැඟිටලා බැලුවා...හැමතැනම එරෙන්න පටන් අරගෙන...

මං ලඟින්ම ලොකු හුළං පාරක් එක්ක මහ අමුතු පිහාටු සද්දයක් ආවා...එකපාරටම හැරිලා බලද්දි මට මුලින්ම පෙණුණේ ලොකු ඇස් දෙකක් විතරයි..ඒ වගේ ඇස් දෙකක් මම කිසිම තැනක දැකලා නෑ.....

"කාලෙකින් හොඳ වැස්සක් නේද.... පොඩ්ඩක් තෙමුණනම් තමයි ඒත්.............වහින කොට වහින්න ඕනේ ඔය වගේ....."

ඒක මහ ගැඹුරු තියුණු කටහඩක්....

"ක..ව්ද......ඔ.ත.න....." මම ගැස්සිලා ඇහුවා.....

"තමුන් හොයාගෙන ආපු දේ තමයි....... ලස්ස්නම ලොකුම සියලු කුරුල්ලනේ රජ්ජුරුවෝ වෙන යෝධයන්ගේ මාවත සුරකින සුදු උකුස්සා මම තමයි.....යී....යී...යී........."

"කතා කරන උකුස්සෙක්......."
මට එකපාර කියවුණා....
තවත් හීනයක් ද මට එකපාර හිතුණා....

"යී................ කතා කරන්න හොඳ වෙලාවක් නම් නෙමෙයි....ඒත් කෙට්ටු ඉත්තෑ කොණ්ඩයෝ තමුන් ආවේ මාව මරන් යන්නද අල්ලං යන්නද....යී...යී...යී...."

ඒ හඩේ තිබ්බේ මහ උජාරු ගතියක්.... පළවෙනි වතාවට රෝස් ආච්චී කියපු කතා කරන සත්තුන්ගේ කතන්දර ඇත්තද කියලා මට හිතුණා....

"අපෝ නෑ.........."

එකපාරතටු ගහන සද්දෙත් එක්ක ඇස් දෙක උඩට පාවෙන්න ගත්තා...ඒ එක්කම ගහපු අකුණෙන් මේ ඉන්නේ සුදු උකුස්සා කියලා වගේම ඌ සෑහෙන ලොකු එකෙක් කියලත් මට පෙණුණා...

"බොරු කියන්න එපායී....යී...යී....කෝ තමුන්ගේ අයුධ... ඔය තියෙන්නේ ඔය ලොකු පොල්ලෙන් මට ඇනලා මාව මරන්න නේද ඉත්තෑ කොණ්ඩයෝ තමුන් ආවේ....ලස්සනම සුදු උකුස්සා මරන්න නේද තමුන් ආවේ.....යී..............."

"නෑ....නෑ.......ලස්සනම ලස්ස්න සුදු උකුස්සෝ.....මම වේ ඔයාගේ ලස්සනම ලස්ස්න කුරුළු පිහාටුවක් ඉල්ලගන්න...."

මුහුණ ලඟටම ආපු තටු පාරක් ආපහු ඇදෙනවා මට දැනුණා....

"මගේ පිහාටුවක්.....මගේ පිහාටුවක්........ආ තවත් උකුසු පිහාටු හොරෙක්..... දන්නවද ඉත්තෑ කොණ්ඩයෝ කලිනුත් දුන්නකුත් මානගෙන කුරුළු පිහාටු හොයන්න දඩයක්කාරයෙක් ආවා....යී......යී.....යී......."

"මම ආවේ හොරකම් කරන්න නෙමෙයි......"

"එහෙනම්......යී.... කොහොමද මට හිංසාවක් කරන්නේ නැතුව ඉත්තෑ කොණ්ඩයා මගේ පිහාටුවක් ගලවන්නේ.....යී........"

"ගැලවුණු එකක් හොයන්න මම ආවේ....."

"උකුසු පිහාටු එහෙම ලේසියෙන් වැටෙන්නේ ගැලෙවෙන්නේ නෑ...ඉත්තෑ කොණ්ඩයෝ... තමුන් කුරුළු පිහාටු එකතු කරන කෙනෙක් නෙමෙයි නේද....කාටද ඒක ගෙනියන්නේ....කියනවා මට...කියන්වා....යී....යී....."

"ඔව්......ඒක මට නෙමෙයි.... මම ආදරය කරන කෙනාට................."

"යි.....ආදරය.............යී ආදරය.....ඉත්තෑ කොණ්ඩයා දන්නේ නෑ නේද යෝධයන්ගේ රාජධානියේ ආදරය කියලා එකක් නෑ කියලා...යී...අනික එක පිහාටුවක්වත්අඩුව මේ ලස්සනම ලස්සන උකුස්සට ආයේ එහෙට පියාඹන්න බැරි වෙනවා කියලා.....යී..............."

"එහෙනම් මට එපා කුරුළු පිහාටුවක්......මට මේ මේ වගුරෙන් එලියට යන්න පේන්නනවද......"

සීතලෙන් දියබත් වෙලා හිටපු මම එහෙම ඇහුවේ මේ හැම හෙයක්ම එපාවුණ ගානට......

"එතකොට යී.....ඉත්තෑ කොණ්ඩයගේ ආදරවන්තිට මොකද කියන්නේ....යී........"

මම ඒකට මුකුත් උත්තරයක් තිබුණේ නෑ... මට මතක් උණේ හීනේ පෙණුන එයාගේ ලේ ගැවුණු හදවත වගේ තිරුවාණ ගල විතරයි.....

"මං ගව යී.... එකම එක පිහාටුවක් තියෙයි...ඉත්තෑ කොණ්ඩයට දෙන්න...මම ඒක දෙන්නම් යී ආපහු යන පාරත් පෙන්නන්නම්.....හැබැයි කවදා හරී මට දෙයක් ඕනේ ආපහු "

"දෙයක්...... මොන වගේ දෙයක් ද....."

"යෝධයන්ගේ රාජධානියේ නැති දෙයක්.... මිනිස්සු ළග තියෙන දෙයක්....කවදාවත් නැති වෙන්නේ නැති දෙයක්....තියෙනකොට අගයක් නැති දෙයක්...ඒක මහ අමුතු දෙයක්....ඒත් කවදාවත් ඉල්ලන්න හොඳ නැති දෙයක්....යී...යි....."

"ඒ මොකක්ද....."

"ඒක එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙන දෙයක්..... නම කියන්න හොද නැති දෙයක් කියලා මම මෝඩ ඉත්තෑ කොණ්ඩයට දැං කීවා නේද.....යී...යී...යී...."

"හරි මම දෙන්නම්.....කවදද......?"
අප්‍රංබංස කතාබහෙන් හෙම්බත් වෙලා ම මම කීවා...

"මට ඒක ඕන දවසට යී....යී.....යී.... දෙනවද....දෙනවද....දෙනවද......යී......."

"දෙන්නම්........"
ඕන දෙයක් කියලා හිතාගෙන මම කීවා.... ඈතින් වළාකුළු කම්පා කරගෙන අකුණු ගොඩක් ගහන්න පටන් ගත්තා..........
#############################################

මතු සම්බන්ධයි....

Wednesday, June 14, 2017

කඩදාසි රෝල්...



මම ලියන්න පෑන අතට ගත්තේ හුඟ කාලෙකට පස්සේ....එකපාරටම නුහුරු ගතියක් ආවේ ඒ හින්දා වෙන්න ඇති. කාලයක් තිබුණා මේ පුටුවේම වාඩි වෙලා මේ මේසෙ ම ඇන තියාන මේ පලු තුනේ ජනේලයෙන් කොළපාට ගස් ගොන්නක් දිහා බලාගෙන අකුරු කුරුටු ගාපු. ඒත් දැන්... මහ විශාලෙට හැදෙන බිල්ඩිමක කපරාරු නොකරපු තාප්පයක් විතරයි පේන්න තියෙන්නේ...ඒ හින්දා සිතුවිල්ලකටවත් දුර යන්න බෑ...හැමතැනම සීමා මායිම්...ඒත් අන්තිම කඩදාසි රෝලෙත් මොනාහරි ලියන්න ඕන කියලා හිතක් තිබ්බේ හුඟ කාලෙක ඉඳලා...

ආරම්භයක් නැති අවසානයක් නැති කතා ගොතන්න ඉස්සර ඉඳලම මම දක්ෂයි කියලා එයා නම් කිවේ... ඒ මගේ ස්ටයිල් එකලු... විශේෂයෙන්ම එහෙම නොලිවට එයා නොකියවපු අවසානයක් තියෙන කතා ගොඩක් කියවලා හිටපු මම හිතුවේ අවසානයක් තියෙන කතාවලට මම ඒ කාලේ ඉඳන්ම අසාවක් නැති බව විතරයි... එයා කියන හැම දේටම හිනාවෙලා ඔලුව හොල්ලන එකට එයාගේ කැමැත්තක් නොතිබුනත් මම හැමදාම කලේ ඒ දේ විතරයි...

"නැද්ද ඔයා ගාව අමුතු එන්ඩින් තියෙන තේරුම් ගන්න අමාරු ෆිල්ම්ස් එහෙම..."

අපි දෙන්නා කතා කරන්න පටන් අරගෙන ටික දවසකට පස්සේ ඔෆිස් එකේ මගේ මේසෙට බරවෙලා එහෙම අහපු හැටි කොහොම අමතක කරන්නද....

"තේරුම් ගන්න අමාරු.... ඇයි එහෙම විශේෂයක්...."

කැරකෙන පුටුව එයාගේ පැත්තට හරවපු මම එයාගේ ඇස් දෙකට එබුනේ එහෙම අහගෙන.. ඒ ඇස් එදත් රතු වෙලා..

"මට එතකොට ඒක ගැනම හිත හිත ඉන්න පුළුවන්නේ...."

එයාට තිබුනේ මහ සෙල්ලක්කාර සිතුවිලි...ඒත් සතියට දෙතුන් පාරක්ම උදේ ගුඩ් මෝනින් කියද්දි මගේ ඇස් මඟ හරින ගතියක් තිබුනේ නෑ කියලා මම බොරුවට නොලිය ඉන්නම්.හැම දවසකම ඔයා ඉටි රූපයක් වගේ ලස්සනට හිටියට හුඟක් දවස්වලට ඇස් රතුකරගෙන ඔෆිස් එන්නේ ඇයි කියන එක මට විතරක්ම තිබුන ප්‍රශ්නයක්...

එයාට ඔෆිස් එකේ ගොඩක් යාලුවෝ හිටියා..ඒත් එයා කෝපි බීවේ මාත් එක්ක විතරයි..මුළු දවසේම මම ඇඟිලි ගැන ගැන හිටියේ තුනයි කාලේ ඉඳන් තුන හමාර වෙනකං එයත් එක්ක කතා කර කර කැන්ටිමේ කොණක වාඩි වෙලා ඉන්න ඒ වෙලාව එනකං...බෝතල් අඩි වගේ ලොකු රවුම් තියෙන කණ්ණාඩි දාන කවදාවත් ලස්සනට පීරුනේ නැති අවුල් වෙච්ච කොණ්ඩයක් තියෙන කෙට්ටු මෝඩ පහේ පෙණුමක් තියෙන කොල්ලෙක් වෙච්ච මම කාලයක් කල්පනා කලේ ඒ ඇයි කියලා... පළවෙනි දවසෙම එයාගේ ඇදුමේ නෙස්කැෆේ එකක් හලපු වැරැද්දට දවස් කීපයක්ම සොරි කිය කිය එයාට නෙස්කැෆේ අරන් දුන්නට කවුද හිතුවේ හැමදාටම මගේ ගානේ නෙස්කැෆේ අරන් දෙන්න වෙයි කියලා..කොහොම හරි හැමදාම මොනවා හරි පිස්සු කතාවක් කියලා මාව හිනස්සන එකට ඒ වියදම හිලවු වෙනවා කියලා මම ගණං බැලුවා...

මම කෙටි කතා ලියන්න කැමතියි කියලා අහම්බෙන් කීව දවසේ එයාගේ ඇස් දෙකේ විදුලියක් කෙටුවා කියලා මම දැක්කේ කණ්ණාඩි දෙක අතරින්...ඒ හින්දම මම ලියපු කතා ටිකක් පහුවදා ගෙනත් දෙන්න පොරොන්දු වුනේ ඇත්තටම ඒවා කියවන්න කවුරුත්ම හිටියේ නැති හින්දමයි... එදා රෑ බෝඩිම පෙරළ පෙරළ කඩදාසි රෝල් වල ලියපු කෙටි කතා වලින් හොඳම ඒවා තේරුවේ නිදිමරාගෙන... ගෙනිහින් දුන්නට පස්සේ ඒවා කියව්වද නැද්ද මම ඇහුවේ නැති උනත් ඒවා හොදයි කියලා කීප විටකදීම එයා මතක් කලා... ඒයා හැමදාම කීවේ කෙටි කතාවක අවසානයක් නැති එක හොදයි කියලා.... පස්සේ දවසක එයා රාජ්‍ය සම්මාන කීපයක්ම දිනපු වික්‍රමතිලකගේ බොහොම දුර්ලභ කෙටි කතා පොතක් වෙච්ච "ලුණු සහ කඳුළු" පොත මට ගෙනත් දුන්නේ..ඒ වුනත් ඒ පොතේ තිබුනේ මහ බියජනක අවසානයන් තියෙන කෙටි කතා... ඒවා කොච්චර හොඳද කියනවා නම් මම කෙටි කතා ලියන එක නැවත්තුවා. හොඳ කතාවකට අවසානයක් හොය හොය මම ලියන එක කල් දැම්මා....

"කතාවකට අවසානයක් වැදගත්ම නෑ.... හිතන්න එපා වැඩිපුර....."

මම ලියන එක නැවත්තුව බව කීවම එයා හිනා වෙවි එහෙම කීවා...

" ඒ වුනත් අවසානයක් නැති කතාවකින් කාටවත් වැඩක් නෑ...."

"ඔයා ඉස්සර නම් එහෙම හිතුවේ නෑනේ......"

"ඒ ඉස්සර.... ඔයා හම්බවෙන්න ඉස්සර....."

හිතට එන දේ අමාරුවෙන් වචන වලට පෙරළන්න ඉඩක් හම්බුන එක හිතට සැනසිල්ලක් වුණා.
ඇස් ඉස්සරහට වැටිලා තිබ්බ කෙස් කැරැල්ලක් පස්සට කරගෙන එයා මං දිහා නපුරු විදිහට බැලුවා...

"මං කැමතිත් ඒ අවසානයක් ගැන හිතන්නේ නැතුව හිටපු කෙනාට...."

"පිස්සු ඔයාට......"

"ඔයා හිතන්නේ මේ මට පිස්සු හැදිච්ච පළවෙනි වතාව කියලද..... හරි.... ඔයා කියන්න කෙටි කතාවකට අවසානයක් තියෙන්නේ ඇයි කියලා..."

"ම්.... අවසානයක් වෙනුවෙන් තමයි කතුවරයා කතාව ගොඩනඟන්නේ.... ගොඩනඟපු අවසානයම විස්මයාර්තයකින් සුණු විසුණු කිරීම තමයි සාර්ථක කෙටි කතාකරුවෙක්ගේ ලක්ෂණය..පාඨකයා බලාපොරොත්තු වෙන්නේ ඒක......"

"ලේඛකයෙක් කියන්නේ බිස්නස් කාරයෙක් නෙමෙයි හලෝ... පාඨකයා ඉල්ලන ඉල්ලන දේ දෙන.... ලේඛකයෙක් කියන්නේ තමන්ට ඕන දේ තමන්ගේ නිර්මාණය තුලින් සොයා යන ගවේෂකයෙක්......"

"එහෙමයි කියලා අගක් මුලක් ගැලපීමක් නැති පල් හෑලි ලීවට වැඩක් යෑ.... අර මං ලියපුවා කියවද්දි මට ම වෙලාවකට හිතෙනවා කිසිම අරමුණක් නෑ කියලා ඒවගේ....."

"හරි.....පුළුවන්නම් ඔයා හොඳ අවසානයක් තියෙන කතාවක් ලියලා මට පෙන්නන්න.... මම හිතන්නේ ඒ ඔයාගේ ස්ටයිල් එක නෙමෙයි....එහෙම එකක් ලීවොත් ඒක වෙන ආභාෂයක් ගත්ත එකක් වෙනවා...පස්සේ ඔයාටම හිතෙයි ඉස්සර හිටිය කෙනා ලීව දේවල් කොච්චර ලස්සන ද කියලා..."

එයා එදා ඒ දේ කීවේ තරහින් කියලා මට හිතුනේම නැත්තේ ඇයි දන්නේ නෑ... සමහර විට කිසි තේරුමක් නැති දේවල් ලියලා මට ම එපා වෙලා තියෙන්න ඇති...

ඔෆිස් එකේ ඇනුවෙල් ට්‍රිප් එක යද්දි ඔක්කෝම සීට පාස් කරගෙන ඇවිත් එයා මං ගාවින්ම වාඩි වෙනකොට තමයි මට මුලින්ම බය හිතුනේ...මුලු බස් එකම මම දිහා බැලුවේ මහ කුඩු කේඩු බැලුම්... ඔෆිස් එකට අලුත් හින්දම මම බිම බලාගෙන හිටියා. හැබැයි එයා නම් ඒ කිසි දෙයක් ගණං ගත්තේ නෑ....බස් එකේ යන තුරාවට එයා මට "ද ලක් වන් " චිත්‍රපටියේ කතාව කියන්න ගත්තා... ඇස් දෙක වහපු ගමන් චිත්‍රපටිය බලලා නැතත් හැම දෙයක්ම මැවිලා පේන්න ගත්තා.... ඒත් ඒ වෙලාවෙදිවත් මම එයාගේ වෙදගිල්ලේ දාලා තිබුණ රත්තරං පට හීනි මුද්ද ගැන හිතන් නැතුව ඒ අත තුරුල් කරං හිටපු හැටි මතක් වෙද්දි මට ම පුදුමයි....

හොද කතාවකට හොද අවසානයක් හොය හොය දවස් පාස් කරද්දි තමයි දවසක් එයා අසනීප නිවාඩුවක් දාලා තිබුනේ....ඔෆිස් එකේ හැමෝම විස්තර ඇහුවේ මගෙන්..පුන්චි ආඩම්බරයක් ආවත් අර රත්තරං මුද්ද මතක් වෙද්දි හැම වෙලාවේම මම ගොලු වෙන එක නවත්තන්න බැරි වෙලා තිබුණා..
හොයලා බලද්දි එයාට ඩෙංගු...හොස්පිටල් ඇඩ්මිට් කරලා...මම කෑම පැයේ ඉක්මනට හොස්පිටල් එකට ආවේ එයාට මොකද උනේ කියලා බලන්න... කොහොම වෙතත් එයාගේ ඇඳ ළඟ උස කෙට්ටු ටිකක් වයස කෙනෙක් දැකලා මම එතනට ගියපු වේගේ අඩු කලේ හිතන්නේම නැතුව.... එයාට වැඩිය අමාරුවක් නෑ..ප්ලේට්ලට් පණස් පහට බැහැපු කතාවක් තමයි කීවේ...ඒත් මට ගැටලුවක් වුණේ එයාගේ ඇඳ ළඟ හිටපු මනුස්සයව ටිකක් දැකලා පුරුදු ගතියක් තිබුන හින්දයි...

"මේ මගේ හස්බන්ඩ්... ඔයා අහලත් ඇති.. සුනන්ද වික්‍රමතිලක...මේයා ලියපු පොතක් තමයි මම ඔයාට දුන්නේ......"

වෙන වෙලාවකනම් ජිවිතේ ලස්සනම මොහොතක් වෙන්න තිබුණා... සම්මාන ගත්ත කෙටි කතා රචකයෙක් එක්ක හැමදාම කතා කරන්න ලැබේවි යෑ....ඒත් එතනින් ආයේ ඔෆිස් එකට ආපු හැටිවත්... හවස් වෙනකං ඔෆිස් එකේ හිටපු හැටිවත් මට මතක තිබුණේ නෑ...

"සර්....ඕෆ් වෙන්නේ නැද්ද......."

කල්පනා ලෝකේක හිටපු මම සිහියට ආවේ නිහාල් ගේ හඩින්...

"ම්ම්ම්... වෙලාවත් හරි නේ ද...."

" සර්...පරණ පින්ටරෙන් අයින් කරපු කඩදාසි රෝල් දෙකක් තියෙනවා ඕනෙද......?"

මම එකපාරටම ගොලු වුණා..... මේසේ උඩ තිබුණ කඩදාසි රෝල් දෙක දිහා මම කල්පයක් බලං හිටියා වගේ දැනුණේ.....

"මොනවා හරි පල් හෑල්ලක් ලියන්න ඕනේ......."

මට ම කොඳුරපු මම කඩදාසි රෝල් දෙක සයිඩ් බෑග් එකට ඔබාගත්තා.....






######################################

Thursday, May 11, 2017

වෙසක් සිතුවිලි


අද ඇහැරෙද්දිම දවල් වෙලා....මහ මූසල දවසක්....
.
මූසලම හීන ගොඩක් එක්ක ඉඳලා ඇහැරුණ එක ගැන සතුටක් තිබ්බේ ඒවා හීන කියලා පැත්තකට දාන්න පුළුවන් හින්දා....ඒකත් සහනයක්.....
පන්සලේ වෙසක් බැති ගී.... බණ, සුමිහිරි ධර්ම දේශනා උදෙන්ම පටන් අරගෙන....ඉපදිච්ච දවසේ ඉඳන් කණ ගාව ඕවා ඇහෙන කොටත් කම්මලේ බල්ලා වගේ පත්තියං වෙලා තියෙන හින්දා... හදිස්සියේ කවුරු හරි බුදු උනත් මම ඇහැක් ඇරලා බලන එකෙක් නෙමෙයි....මොකද මම හොදටෝම දන්නවා මට තියෙන මේ ප්‍රශ්න එක්ක මේ ආත්මේ සෝවාන් වෙන්නවත්  කිසි චාන්ස් එකක්  නෑ කියලා....
අසු පස් වෙනි වරටත් පන්සලේ පවත්වන ජනෝපාකාර බත් දැන්සලෙන් ගෙදරට ම බත් බේසමක් එන හින්දාත් උඩහා ගමේ වුන් තියෙන බත් දන්සෙලෙනුත් බත් කොටහක් ගෙදරට ම වඩින හින්දත් වෙසක් එකේ අගයත් හුඟක්ම අඩු වෙලා..... ටවුම පුරාම අදත් දන්සැල්.. කොහේ ගියත් පොලීමේ ඉන්නේ නැතුව ඇතුළට පැනලා බත් පිඟානක් කාලා, කයියක් ගහලා එන්න පුළුවන් එකේ අපි කරන්නේ මොකක් හරි වාහන කට්ටක එල්ලිලා කොහේ හරී ඈතක ගොහිදින් දන්සැල් පෝලිමක පැයක් විතර ඉඳලා එක මාළුවක් එක්ක බත් ඩිංගක් කන එක.... එකේ තියන ලල් එක වෙන කොහොමටවත් ගන්න බෑ....
.
එලියට බහිද්දිම කඩෙන් ගෙනාං එල්ලපු වෙසක් කුඩුවක් ගිනි අරං.... රෑ පොදකුත් ගහලා තිබ්බ එකේ අනිත් කුඩූ ටිකත් තෙමිලා රැලි කඩං වැටිලා..අද පත්තු කරන්න වෙනම්ම සත්කාරයක් දෙන්න ඕනේ....
.
ඒකට ඉස්සර වෙසක් එකට කුඩූ හදනවා තරම් දෙයක් නෑ.... ගමේ ගිහින් රබර් වත්ත පුරා ඇවිදලා ඔට්ටපාලු ගලවගෙන... ඇළ ගාවට ගිහින් පතරංග උණ බටයක් බිම දාලා... එපා වෙනකං කූඩු හැදිල්ලක් තියෙන්නේ.... අටපට්ටම් එහෙම් හදද්දි කවදාවත් අන්තිමට හැදෙන කූඩුවේ සයිස් එක ගෙස් කරගන්න බැරි එකනම් මාර ම දෙයක්... අලවලා ඉවර වෙලා අන්තිමට හැඩ බලලා ඉටිපන්දමක් ගහලා පත්තුකරලා ඈතට ගිහින් බලනකොට හිතට එන දේ වචන කරන්න බෑ.... කොච්චර බකට් එල්ලුවත් මදි....සව් කොළ බකට් එකේ ඉටිපන්දමක් ගහලා එන එළිය කවදාවත් අරුමෝසම් ඉටිකොළ ගහපු කැටයම් බකට් එකකින් එන්නේ නැත්තේ ඇයි කියලා මට තාමත් තේරේන්නේ නෑ.... කොහොම උනත් උදේ නැඟිටලා බලද්දි කුඩුවක් දෙකක් ගිනි ගන්න එක වළක්වන්න සක්කරයටවත් බෑ.... සමහර විට අල්ලපු ගෙදර පොඩි එකා ඇවිත් ඕක ගිනි තියන්න ඇති කියළම තමයි මට හිතේන්නේ.... කුඩූවක් ලස්සනට හදලා අන්තිමට ගිනි අරං විනාශ වෙනවා දකින කොට සංසාරේ හැටි තේරේනවලු.... ඒකට හිත කලබල කර ගන්න ඕනේ නෑලූ....පොඩි කාලේනම් හිතට මාර වේදනයි.... ඒ කුඩූව දිහා බලලා හුල්ලනවා ඇර ඉතිරි වෙලා තියෙන කුඩු දිහා බලාගෙන හිත හදාගන්න මට බැරිඋණා....ඒත් දැන්.... කඩේං ගෙනාපු හින්දද දන්නේ නෑ...කුඩු පහම ගිනි ගත්තත් මට ගානක් නෑ... ඒ කියන්නේ සංසාරේ හැටි මට තේරිලාද.... ? නැත්තං මේ ඔක්කොම මට එපා වෙලාද.....?
.
කුඩූ කර්තව්‍යය අනිවාර්යෙන්ම වෙසක් එක දවසේ උදෙන්ම ඉවර කරන්න ඕනේ.... කූඩු විතරක් නම් කමක් නෑ අල්ලපු ගෙදර ගැරීජ් එකේ පොඩි මෑන්ට එගේන්ස් එකට පොඩි තොරං කෑල්ලක් ගහන එකත් මගේ ටාගට් එක....  මිනිහා වැඩ්ඩා... කැරකෙන කූඩු එහෙම ගහන්න රුසියා... මම වැඩිය කැමතියි ෆැලෑශර් කොටයක් ගහලා පොඩි තොරණක් ගහන්න.... ඉතින් හැම වෙසක් එකටම අපි දෙන්නා ගේමට මොකක් හරි විශේෂ සුකුරුත්තම් ටිකක් අටවනවා කඩේ ඉස්සරහා....ඔය වැඩේ ඉක්මනට ඉවර කරං බයිසිකල් කට්ටේ නැඟලා හවස් වෙනකං හතර දිබ්බාගයේ දන්සැල් වදින එකට තමයි මම නම් වෙසක් කියන්නේ...කොහේ ගියත් හවස හය වෙද්දි ගෙදර ඇවිත් කුඩු පත්තු කරලා පැයක් දෙකක් ඒ දිහාවේ බලන් ඉන්න එක මගේ හැටියක්... ඒ හින්දම අලුත් අවුරුද්දටත් වඩා වෙසක් එකට ගෙදර ඉන්න මම කැමතියි.... ඒකට දැන් කඩේං බල්බ් වැලක් ගෙනල්ලා දානවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න ගැම්මක් නෑ.... ගිය පාර නම් යන්තමට අටපට්ටම් තුනක් බැඳලා දෙකක් අලවලා එල්ලුවා....ඒත් ඒක හදන්න උණ බටයක් හොයන්න ගොහින් සංසාරේම එපා වුණා.... ඉතින් මේ පාර කුඩූවක් අලවන්න කිසිම අදහසක් හිතේ තිබුනේ නෑ...
.
අනිත් එක තමයි වෙසක් එක කියන්නේ අහළ පහළ ගං වල ඉන්න ලස්සනම නංගිලා අක්කලා සුදු ඇදුමින් සැරසිළා ටවුමට එන එකම දවස.... ඉතින් වෙසක් රෑ වෙනකං හන්දි ගානේ රස්තියාදු ගහන එක අපේ පුරුද්දක්... සමහරු දිව්‍ය අංගනාවෝ පරාදයි... අවුරුද්ද පුරාම දිව්‍ය ලෝකේ ද කොහෙද ඉඳන් වෙසක් දවසටම විතරක් කානිවල් බලන්න ... පන්සල් වැඳ පුදා ගන්න මහපොළවට බැස්සා වගේයි... හරිම සැදැහැවත්... ඉස්කෝප්පයයි මමයි හැමදාම පුදුම වෙන හා තාම තේරුම් ගන්න බැරි ලෝක පුදුමයකුත් කියලා මේ දේ නම් කරා... ඒ තමයි මෙච්චර සැදැහැවත් යුවතීන් මෙළොව ඉන්නවද කියන එක... දැන් ඉස්කෝප්පයා වෙසක් එකටවත් ගෙදර එන්නේ නැති එකේ එහෙම ආතල් එකක්වත් ගන්න වාසනාවක් නෑ.... ඉතින් වෙසක් නෑ වගේ..
අන්තිමට හිතෙන්නේ ඇයි දෙයියනේ අපි පොඩි උන් වගේම හිටියේ නැත්තේ කියලා....ලොකු වුණ එක තමයි එකම වැරැද්ද....

Sunday, May 7, 2017

චිත්‍ර ඇඳීම...


.


චිත්‍ර ඇඳීම ගැන එකවරම මතක් වූයේ විසිරි සිහින අක්කා චිත්‍ර අදින්න ඕනේ යැයි තැබු සටහනක් හේතුවෙනි...
පොඩි කාලේ ඉඳන් මම චිත්‍ර වලට කැමතිය... දකින හැම මඟුලටම අත පොවා ඇණ ගැනීමේ හපනෙකු වූ මා යම් දේකට කැමතියි කී පමණන් මා සතුව ඒ සදහා හැකියාවක් තිබු බවට වරදවා වටහා ගත යුතු නැත...
හය වසරට අලුතින් ස්කෝලයකට ගිය පසු සා.පෙළ ට කලා විශය ධාරාවක් තොරාගැනීම කල යුත්තේ අට වසරේදී ය..ඒ වන තුරු පොදුවේ සෑම වාරයක දීම සංගීතය, නැටුම්, චිත්‍ර වැනි සෞන්දර්යය විශයන් හැදෑරු අපි අට වසරේදි එයින් එක් විශයක් පමණක් තෝරා ගත යුතු අතර එය පන්තියේ සිටි සෑම කෙනෙකුගේම බලවත් අවධානයට යොමු වු කරුණකි... නමුත් මා සිටියේ ඒ පිළිබඳ කිසිවක් නොදැනය.... උදෑසන නිවසින් පිටවු පසු සවස නිවසට යහතින් පැමිණීම ගැන පමණක් ම සළකා බැලු මගේ දෙමාපියන් කුඩා කල සිටිම මාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අසීමාන්තික නිදහසක් දී තිබුණ බැවින් මා කුමක් කළත් ඒ මාගේ ම තීරණයක් මත පදනම් වූවකි... නමුත් නිසි උපදෙසක් ගැනීමට කිසිවෙක් නොසිටීම හේතුවෙන් රැල්ලට යනවා ක් මෙන් මිතුරන සමඟම යන දිබ්බාගයක් යෑම මගේ පුරුද්දකි... එයට හොඳම උදාහරණය වන්නේ සාමාන්‍ය පෙළ ඒ ගොඩක් ද සමඟ පාස් වීමේන් අනතුරුවද උසස් පෙළට ඇත්තේ මොනවාද යන්න කිසිම අදහසක් මගේ ඔලුවේ තිබුනේ නැති හෙයිනි..

"මචං ඒ ලෙවල් වලට මොනාද කරන්නේ.....?"

මම විමසා සිටියේ පන්තියේ මට එහා පැත්තේ සිටි මිතුරාගෙනි...

"මැත්ස් මචං "

"ම්ම්ම්.... ඒක හොඳද බං...."

"හොඳයි බම් ගණං නේ තියෙන්නේ.....පාඩම් කරන්න නෑ......"

"එලනේ... මැත්ස් කරලා......"

"ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් බම්......"

"මාත් එහෙනම් මැත්ස් කරනවා....."

මම මිතුරාට කිවෙමි..... නමුත් බයෝ තෝරාගත් ඔහු අද වෛද්‍යවරයෙකි...
එලෙසින්ම සෞන්දර්යය විශය තෝරා ගැනීමේදි කිසිඳු අදහසකින් නොසිටි මා පන්තියේ භාගයකටත් වැඩි පිරිසක් සමඟ පෙරදිග සංගීත කාමරය වෙත ගියේය.... සංගීත ගුරුතුමිය පැමිණි ගෝල රෝත්තේ විශාලත්වය දැක මවිත වූවෙන් බුද්ධිමත්ව කටයුතු කර එකිනෙකා ඉදිරියට ගෙන ජාතික ගීයේ පේළි කීපයක් ගායනා කරන්නට කීවෙන් මහත් වු ටකරං කටහඩක් හිමිව තිබු මම හා මිතුරන් බොහෝ ප්‍රමාණයක් පෙරදිග සංගීත කාමරයෙන් පරාජිතව එළවා දැමුණි...

"දැං මොකෝ කරන්නේ......."

මම ළඟ වුන් එකෙකුගෙන් ඇසුවෙමි..

" යමං චිත්‍ර කරන්ඩ......."

ඒ තව එකෙකි....

"අපෝ චිත්‍ර.... මට නම් බෑ..... අපේ අක්කා නැටුම් කරන්නේ මම යනවා නැටුම් කරන්න....."

ඒ මගේ හොඳ මිතුරෙකි....

" ඒ යමං ද වෙස්ටර්න් මියුසික් කරන්න......"

"ඒ කීවේ මොනාද බම්......"

ඒ මම ය....

"ඒ.... ඉංග්‍රීසි සිංදු එහෙම කියන එකක්.....

" ඉංගිරීසි මුකුත් කරන්න නම් මට බෑ......"

මම පස්සට ඇද්දෙමි.

" යමං කෝ........"

නඩය කොටස් කීපයකට කැඩුණි...
මාවත් ඇදගෙන වෙස්ටර්න් මියුසික් කාමරයට ගිය මිතුරු කැළ ට නැවතත් පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදුවිණි... ඒ ඉංගිරීසි සින්දුවක් ගයනා කිරීමයි.... මහත් දක්ෂතාවන් පෙන්නුම් කල මිතුරෝ ටුවින්කල් ටුවින්කල් වැනි ඉංගීරිසි සින්දු චතුර ලෙස ගායනා කරන විට මා දෙනෙත් ආයා බලා සිටියේ මවිතයෙනි.... අන්තිමට තිබුනේ මගේ වාරය ය... මම දන්නා ඉංගීරිසි සින්දුවක් නැත.... කාරුණිකව මා ඇමතු ගුරුතුමිය හැපි බර්ත්ඩේ සින්දුව කීමට මට කීවාය....... මම එයද සම්පූර්ණයෙන් නොදැන සිටියෙන් ජීවිතේ ප්‍රථම වරට ඉංග්‍රීසියෙන් ඈ මා සමගම එම ගීතය ගායනා කළාය...
කෙසේ නමුදු බටහිර සංගීතය ද කිරීමට වරම් නොලද මම ඒ කාමරයෙන්ද පිටමං විය....ඊට එහා පැත්තේ වූයේ චිත්‍ර කාමරය වූ වද මම නැටුම් කාමරය සොයා දිව ගියේ හොඳම මිතුරෙකු නැටුම් කරන්න ට ගිය හෙයිනි...
නැටුම් කිරීම සදහා තෝරාගැනීමේ පරීක්ෂණ කිසිවක් නොවීය...

"එතකොට තෝරලා බැරි වෙච්ච උන් ටික අපි බාර ගන්න ඕනේ......."

සංගීත කාමරයේ වු හබය දැන සිටි නැටුම් ගුරුවරිය කී දෙය ඊයම් බරූ සේ මගේ හදවත කිදා බැස්සේය..... කරන්නට කිසිත් නැති කල මම පාඩූවේ වාඩි වී සිටියෙමි....
ඊළඟ සෞන්දර්යය පීරියඩ් එකේදි මම චිත්‍ර තෝරාගත් මිතුරෙක් සමඟ චිත්‍ර කිරීමට මාරු විය.....
චිත්‍ර කිරීම මගේ සිත් ගත්තේය.....පැන්සලෙන් ඇදීම ආසාව වඩවන දෙයකි.... නමුත් මම පාට කරන්නට ගත් විට මුළු චිත්‍රයම කැත වන බව මට අවබෝධ විය... නමුත් වෙනත් යමක් කිරීමට නොමැති තැන මම බොක්කෙන්ම චිත්‍ර කළෙමි...
ඊළඟ වාරයේ දිය සායම් චිත්‍ර ඇදීම තිබු බැවින් දිය සායම් හා බුරුසු ගැනීමට තිබුණි.ඒවා අස්ප ගණං ය.... නමුත් සංගීතය තෝරා ගත් කීප දෙනෙක්ටම වයලීන් ගන්නට සිදුවු බැවින් ප්‍රථම වතාවට හිතට සතුටක් දැනුණේ ය.... වාර කීපයක් ම මම චිත්‍ර ඇන්දෙමි... සෑම නිවාඩුවකදීම චිත්‍ර කීපයක් ඇදීමට නියමිත විය... එක්වරක් ගෙයක් ඇදීමට නියමිත ව තිබුනෙන් මා මහත් ගැටළුවකට පත්වූයේ කඩ කාමරයක ජීවත් වූ අප ගේ නිවස චිත්‍රයකට ඇඳීම කෙසේවත් කළ නොහැකි හෙහිණි.. අනතුරුව මගේ හොඳම මිතුරෙකුගේ නිවසක් ඇන්ද හැටි තාමත් මට මතකය... එය මා ඇඳී හොදම චිත්‍රයක් විය...වහලේ වූ උළු කැට පේළි පවා ගණං කර ඒ අයුරින්ම චිත්‍රයට නැඟු හැටි මතක් වෙද්දී තාමත් හිනා යයි....
කෙසේ වෙතත් චිත්‍ර ඇදීම ජයටම ගියේය... චිත්‍ර තරඟ කීපයකින් ජය ලබා සහතික ද ලැබුණි... ඉන්දියාවේ පැවති චිත්‍ර තරඟයකට පවා සීගිරී ලලනාවන් ඇඳ යවා කුසලතා සහතික දිනුවේය.....
.
කෙසේ වෙතත් චිත්‍ර කෙරුවාව අවසන් වූයේ නමය වසර මුල් වාර නිවාඩුවේන් පසුවය.... අවුරුදු නිවාඩුවට පැවරූම් වශයෙන් චිත්‍රයක් ඇඳගෙන ඒමට පැවරුණෙන් මම අදින ලද්දේ හවස් වරුවක කුඹුරක ගොයම් කැපිමකි. ගැහැණු දෑකැති වලින් ගොයම් කපන හැටි.. ගොයම් මිටි බැඳ ඔසවා ගෙන යන සැටි... ඈතින් ඉර බසින හැටි...කොක්කු පියාඹන හැටි... මනරම්ව ඇඳ වර්ණ ගන්වා තිබුණි...
එදින චිත්‍ර පරීක්ෂා කිරීමට නියමිත තිබුණේ වයස්ගත් චිත්‍ර මැඩම්ටය...
මම ආඩම්බරයෙන් අඳින ලද චිත්‍රය ගෙන ඈ වෙත ගොස් ඉදිරිපත් කලේය....
ඈ චිත්‍රය දිඟ හැර මදක් වේලා බලා සිටියාය.... නැවත දමා හුන් කණ්ණාඩිය තදින් ඇස් වල රුවා ගෙන බැලු ඈ සුස්මක් හෙළුවාය......

"මොකක් ද මේ ඇඳලා තියෙන්නේ.... ගෑණු ටිකක් බස් එකක යනවා නේ ද......."
.
මම ගල් ගැසී ඈ දෙස බැලුවෙමි.....මට පොළෝව පළාගෙන ගොස් සැඟවෙන්න සිතුණි..මම ගොත ගැසුවෙමි.....
.
"නෑ.....මැ..ඩ..ම්.... ගොයම් ක...පනවා........"
.
"ආ..... එහෙමද.....මට නම් පෙණුනේ අරහෙම......"
කී ඈ....තවත් මොහොතක් චිත්‍ර ය දෙස බලා සිට හරියක් දමා ආපසු දුන්නාය......

ඉන් පසුව මම කිසි දිනක චිත්‍ර කාමරයට ගියේ නැත.... දිගටම පීරියඩ් කට් කරමින් කට්ටි පැන්න මාගේ වාසනාවට පාසලේ අලුතින්ම කලා විශයක් ලෙස නාට්‍ය හා රංග කලාව නම් රසවත් විශයක් මුල් වරට පටන් ගත්තෙන් මම එයට මාරු වී සාමාන්‍ය පෙළ කලා විශය ධාරාවට ලෙහෙසියෙන්ම ඒ සාමාර්ථයක් ගත්තෙමි......
.
නමුත් අද වන තුරු කිසිත් චිත්‍රයක් නම් ඇන්දේ නැත......

Thursday, May 4, 2017

පොද වැස්ස....



අදවත් හවස් වෙනකොට වහී....
ප්ලැට් ෆෝම් එක කෙළවර පුන්චි රොඩු බොඩු කෑලි වගයක් සුළං කැරැල්ලකට අහුවෙලා කැරකෙන හැටි දැකලා මට හිතුණා... වහී කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුනේ නැති උනත් වැස්සොත් කොච්චර දෙයක් ද... කාටද පුළුවන් මේ රස්නේ ඉවසගෙන ඉන්න..... මම ලේන්සුව අරගෙන ආයේ පාරක් බෙල්ල වටේ පිහදාගත්තා....
දැනටමත් හතරයි....අදත් පරක්කුයි... පුන්චි සිතිවිල්ලක් ඇවිත් හිත ආයේමත් රිදුනත් පරක්කු උනාට මොකද නෑවිත්ම ඉන්නවට වඩා කියලා අස්වැසිල්ලක් නොතිබ්බාම නෙමෙයි..... මම වාඩි වෙලා හිටපු ලී බංකුවේ ටිකක් හරි බරි ගැහිලා වාඩි උනා.... ස්ටේෂන් එක කෙළවරම තිබුණු බංකුව හින්දා තව ටිකකින් මෙතනට අව්ව වැටෙනවා.... මම මිරිඟුව හින්දා බොඳ වෙලා පේන ඈත දුරට ඇදෙන රේල් පීලි ඔස්සේ ඇස් දෙක ගෙනිච්චේ කිසිම දෙයක් හිතන්නේ නැතුව.....පහ වෙනකන් කිසිම කෝච්චියක් නැති හින්දා ස්ටේෂන් එකම පාලුයි......හරියට මගේ හිත වගේ......
ඉස්සර ඉඳන් මේ වගේ කොච්චර වෙලා තනියම වාඩි වෙලා එක එක දේවල් හිත හිත ඉඳලා තියෙනවද... සිතුවිලි ඔස්සේ අතරමං වෙලා ආයේ එකින් එක හිතුවේ මොනවද කියලා ආපස්සට යන්න පුළුවන් එක කොයි තරම් දෙයක්ද..... එතනින් විතරයි මේ ඇත්ත ලෝකයද සිහින ලෝකයද කියලා වෙන්කරගන්න පුළුවන්.....
මම ආයෙමත් ෆ්ලැට් ෆෝම් එකේ කෙළවරටම දෑස මෑනුවා.... කොච්චර දුර ඇතිද එතන්ට....මීටර් සීයක් එකසිය පණහක්....... දෙසීයක් නම් නෑ... එකසිය පණහක් තියෙයිද..... සමහරු කියන විදිහට මේ තමයි ලංකාවේ දිගම ෆ්ලැට් ෆෝම් එක..... සමහරු කියනවා වෙන කොහෙදෝ දිග්බාගයක මීට වැඩිය දිග එකක් තියනවා කියලා... ඒත් කවදාවත් ඇත්ත මොකක්ද කියලා හොයන්න මට උවමනාවක් තිබුණේ නෑ.... මම දැනගෙන හිටියේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෑහෙන දුරක් තියනවා කියලා විතරයි.... ඒ දුරම ඇවිදගෙන යනකොට හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම උදුරාගන්න පුළුවන් මහ අද්භුත බලයක් මේ ෆ්ලැට් ෆෝම් එකේ තියෙනවා කියලත් මම විශ්වාස කරනවා... ඉතින් හැමදේකටම වැඩියෙන් ඒ කෙළවරේ ඉදන් එයාගේ අත අල්ලගෙන මේ කෙළවරට එන්න මම කැමතියි......
ඈත කෙළවරින් මිනිස් රූපයක් මතුවෙද්දි හිතට සංතෝසයක් ආවේ ඒ හින්දමයි.....ඒ රූපය වැඩිය පැහැදිලිව නොපෙනුනත් ටික ටික ළං වෙද්දි ඒ එයා කියලා මම අඳුර ගත්තා.... මම දන්නවා තව විනාඩි පහකින් එයා මං ගාවට එනවා කියලා... ඉතින් මම ඒ දිහාම බලාගෙන ම හිටියා.... එයාට තිබුනේ මහ අමුතු ම ගමනක්..... මුලින්ම දැක්ක කාලේ මට හිතුනේ ඒ ගමන මහ අමුතුයි කියලා....ඒ බට්ටි වගේ ඉඳගෙන ඈතින් ඈතින් අඩිය තිය තිය, අමුතු මවාගත්ත කලබලයකින් ඇවිදින වෙන කෙනෙක් මගේ ජීවිතේට ම දැකලා නැති හින්දා වෙන්න ඇති... ඒත් ටික දවසකින් ඒ බර අඩි වලින් මගේ පපුවේ හැම අඩියකම සක්මන් කරන්න ගන්නකොට මට ඒ තරම් ලස්සන ගමනක් ආයේ හිතාගන්න බැරි උනා... තාමත් කොච්චර වෙලා බලං හිටියත් එපා වෙන්නේ නෑ.....
ටිකක් ළං වෙනකොට මට එයාගේ අලුත් ම ගවුමේ හැඩ පෙණුණා..ඒක ටිකක් කොට වැඩියි වගේ..... හිත නිකං පිච්චිලා ගියේ ඇයි කියලා මම දන්නේ නෑ..... ඈත ඉඳන්ම හිනාවකින් මුණ පුරෝගෙන ආපු එයා මං ගාව නැවතිලා ලොකු හුස්මක් හෙළුවා....
.
"පරක්කුද මං................."

සුදු පාට මල් වැටුණු නිල් පාට කුඩේ අකුලන ගමන් එයා ඇහුවේ කිසිම ගාණක් නැතුව... ඒ එයාගේ හැටි.
.
"නෑ...විනාඩි විස්සයිනේ...... ඒකට කමක් නෑ......"
ඒ මගේ හැටි.
.
"සොරි අනේ...... මම කලින් එන්න හිටියේ.. ඒත් දිනුෂි ගේ බෝයිට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් තෝරන්න එන්න කියලා පොරේ.... ඒකත් ඉවර කරලා ආවේ........"
.
මෙරූම් පාට හෑන්ඩ් බෑග් එකට කුඩේ ඔබාගෙන එයා මං ගාවින් වාඩි උනා.... මම එයාගේ වම් අත අල්ලගත්තා.... අව්වේ ඇවිත් අල්ලටත් එක්ක දාඩිය දාලා....මුළු මූණම රතු වෙලා.....
.
"මං කීවනේ කමක් නෑ කියලා......මට බලං ඉඳලා පුරුදුයි......"
.
"ඔව්...ඔව්... හමුදා නීතීනේ.... මට කවදාවත් පරක්කු වෙන්න බෑ...හැබැයි බලං ඉන්න පුළුවන්.......".
මහ හයියෙන් හිනාවෙලා එයා මම හැමදාම කියන එක අනුකරණය කළා.... හම්මේ මං ඒ හිනාවට ආදරය කරන තරම්...................
.
"ඉතින්......"
.
"ඉතින්......"
.
අපි දෙන්නගේ ඇඟිලි තුඩු මිරිකුණා.... ඇස් ඇතුලෙන්ම හිනාවුනා......
.
"කොහොමද වෙඩින් එක.......?"
අන්තිමේදි ඒ බැල්මෙන් මිදිලා මම ඇහුවා......මොනවහරි අහන්නත් එපැයි....
.
"ශෝක් අනේ.... ඔයා දැක්කද ෆොටෝස්......"
.
මම ඔලුව වැනුවා.....ඊළඟ විනාඩි ගානම ගෙවිලා ගියේ එයාගේ ෆෝන් එකට අපි දෙන්නම එබීගෙන....

"මොනවද අද මට ගෙනාවේ.......?"
.
"ම්ම්ම්ම්ම්..... අලපෙතියි....සාර විටයි........"
.
මම පැත්තක තිබ්බ කඩදාසි බෑග් එක අතට ගන්න ගමන් කීවා....එයාගේ ඇස් ආයෙමත් දිලිසුණා....කොහේදෝ ඉඳන් ආපූ වැහි හුළගක් එයාගේ කෙස් කැරළි අවුස්සද්දි....එයා මූණට වැටුණු කෙස් රොද කීපයක් එයා අතින් ඈත් මෑත් කළා.... මට පිස්සු හැදෙන්නේම මේ වෙලාවට.....මම එකපාරටම එයාගේ මුණට පාත් වෙලා වළ ගැහිලා තිබුණු වම් කම්බුල ඉම්බා...

" යන්න....කෝ.... කවුරු හරි දකී.............."

මම ලාවට හිනා වුණා....මගේ හිතට අත් තටු ඇවිත් වගේ සැහැල්ලුවක් දැනුණේ.... ඈත පෙනෙන අලගල්ලට එපිට වැහි වළාකුළුක් මෝදු වෙලා..... අද නම් වහී.....ආයෙමත් හිතට සතුටක් ආවා...
.
"මාත් බඩ්ඩක් ගෙනාවා ඔයාට......"

එයා තාම රතුවෙලා.... බෑග් එක අවුස්සපු එයා කවරයක් මගේ අතට දුන්නා.... මම ඉක්මනට බැලුවා....

"රට චොක්ලට් මල්ලක්ම.....වාව්.......කොහෙන්ද "

මම ඉක්මනට අර මැදට පොල් දාලා තියෙන චොක්ලට් එකක් කඩන ගමන් ඇහුවා.....එතකොට එයා මම ගෙනාපු අලපෙති බෑග් එක තුරුල් කරගෙන......

"විනු අයියා ආව........ වෙඩින් එකටත් එක්ක......"
.
"අර ඔයාගේ මස්සිනා කාරයා නේ........ ඔසී හිටපු......"
.
"ම්ම්............"

මම ඩාර්ක් චොක්ලට් එකක් කඩලා කෑල්ලක් එයාට දුන්නා....එයා ඔලුව වනලා එපා කියලා අල පෙත්තක් අරගත්තා.....මම ඒ කෑල්ලත් කට්ට දාගත්තා....

"මොකක්ද ලොකු දෙයක් කියන්න තියනවා කීවේ.......විනොද් මොනවාහරි ඇහුවද........?"

ඒ විනාඩි ගාණට පස්සේ මම හිතේ තිබ්බ ලොකුම බර සැහැල්ලු කරගන්න හිතාන ඒ ප්‍රශ්නේ ඇහුවා........මම බලාගෙන ඉඳිද්දීම ඒ මූණ අඳුරු වෙලා ගියා...
.
"ම්ම්ම්ම්........"

"මොකක්ද.....?"

මම ඒ ප්‍රශ්නේ ඇහුවේ පුදුම කේන්තියකින්... කට්ට තිත්ත රහට දැණුනු ඩාක් චොක්ලට් කෑල්ල බිමට කෙළ ගහගෙන.....
.
"මගෙන් නෙමෙයි............ අම්මගෙන් අහලා තියෙයි මං ගැන......."

" මිනිහා ප්‍රෝපෝසල් එකක් ගෙනත්ද......"

"ම්ම්ම්...."

"ඉතින්..... අම්මලා මොකද කීවේ........?"

"අම්මලා කැමතියි........"

හෝ ගාගෙන හෝන් එකකුත් ගහගෙන ඉන්ටර්සිටිය අපි දෙන්නා ඉස්සරහින් ගියේ විදුලි වේගෙන්....ෆ්ලැට් ෆෝම් එක පුරාම තිබ්බ දුවිලි කොළකැලි ඉන්ටර්සිටියේ වේගෙට ඇවිස්සුණාම මම ඔලුව පාත් කරගත්තා.....ඒත් තාමත් මම එයාගේ අත තදින්ම තුරුල් කරගෙන...
.
"ඉතින් දෙයියනේ ඔයා කොහොමද කිසි දෙයක් ගණං ගන්නේ නැතුව මේ වගේ ඉන්නේ...................."

මම අමාරුවෙන් වචන ගැලපුවා.....
.
"අම්මලනේ කැමති.......මම නෙමෙයි නේ.........ඔයා බය වෙන්න එපා..........."
.
ඒ වචන ටික මට මාර විදිහට වැදුනා.... මම එයාව තුරුල් කරගත්තේ හිත ආදරයෙන් පිරිලා යද්දී......ආදරය කරන කොල්ලෙක්ට මීට වඩා දෙයක් අහන්න ලැබෙනවද තමන් ආදරය කරන කෙල්ලගෙන්....
.
"මේ බලන්න ඔයා කැමති නැති හින්දා මම වෙඩින් එකට යන්නවත් කිව්ටෙක්ස් ගෑවේ නෑ.........."
.
මේ තරම් ආදරය කරන්න කෙල්ලෙක් ලෝකේ කොහෙන් හොයන්නද.....මගේ ඇස් ලාවට තෙත් වෙන්න ආවා....මම ලොකු හුස්මක් අරගෙන ඒ ආදරය පුළුවන් තරම් ඇතුලෙන් ම තැන්පත් කරගත්තා.....
.
"ඔයා දන්නවනේ මගේ ජිවිතේ ම විකාරයක් කියලා... මම ඉක්මනට මේක පිළිවළක් කරගන්නවා....ඔයාට වැඩිකාලයක් ඉවසන්න වෙන්නේ නෑ....."
.
"ම්ම්ම්............"

ඒ එයාගේ හැටි.....ඉවසන්න බැරීම වෙනකොට ගොලු වෙන එක.....මම හීමිට ඔලුව ඉස්සුවා.....
.
"ට්‍රේන් එක එන්න ඉස්සර පොඩ්ඩක් ඇවිදිමු............"
.
හීනි පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා විතරයි.....ඒත් එයාගේ පුන්චි කුඩේ අපි දෙන්නට ඇතිවෙයි.... මම හිතුවා...
බංකුව උඩ තිබ්බ චොක්ලට් පාර්සලේම ළඟ තිබ්බ කුණු කුඩේට මම ඔබද්දි එයා බිම බලාගෙන හිනාවෙනවා.
.
"යමු...... "

මම කියද්දිම එයා කුඩේ දිග ඇරගෙන මගේ අතේ වෙළුණා.
අපි දෙන්නම හීමීට ෆ්ලැට් ෆෝම් එකේ කෙළවරට පියවර මෑනුවා.....

############################

Wednesday, May 3, 2017

Sons of Orion






1) ජීවත් වන මරණයේ ගස
,
පළමු කොටස
.
පළමුවැනි කතාන්දරය
.
එකෝමත් එක කාලෙක මහපොළොව මත මිනිසුන් සතුටින් ජීවත් වූවෝය. සැප සම්පත් වලින් අනූන, දුෂ්ට බල්වේගයන්ගෙන් තොරව, ජීවත් වූවෝ කාලයාගේ ඇවෑමෙන් සතුටින් හා සාමයෙන් ජීවත් වීමෙන් වෙහෙසට පත්වී බලලෝබයෙන්,ඉරිසියාවෙන් හා ක්‍රෑර කමෙන් එකිනෙකා වනසා දමනා යුද්දය සොයාගත්තේ ය. මහපොළොව මත ලබාගත හැකි උපරීම සන්තුෂ්ටිය ආදරයේ හෝ කාමයේ උපරීමත්මය නොව අනෙකා පරයා නෑගි සිටි සමරන ක්‍රීඩාවේ හෝ යුද්දයේ ජයග්‍රහණය මත බැව් අවබෝධ කරගත් ඔවුන් පලමුව රුහිරු නොසැලෙන ක්‍රිඩාවලින් වෙහෙසට පත්ව යුද්දයට නැඹුරු විය. ඔවුන්ගෙ ඥානයේ වු පරිපූරත්වය කෙතරම් ද යත් අනතුරුව හටගත් යුද්දයේ න් මහ පොළව කැළැඹීමට පටන් ගත්තේය. ගලා ගිය රුධිරයෙන් ඔවුන් සිහිනෙන්වත් විශ්වාස නොකළ වූද නොදන්නාවාද වූ පොළොව අභ්‍යන්තරයේ නිද්‍රෝපගත ව සිටි සයෝන් අවදි විය. මහා විනාශයන් අබියස අවදිවන්නාවු නරකාදියටත් ගැඹුරු රහස් ස්ථානයක සිරකර සිටියාවු ඌ සියලු රාක්ෂයාන්ට ආධිපත්‍යය දෑරුවෙකි.
පොළව මත ගලාගිය රුහිරෙන් ජීවය ලැබු ඌ තම පළමු හුස්ම වාත අවකාශයට මුදාහල විට යුද්දයට නොඇලී සිටි සාමය පරම සන්තුෂ්ටිය යැයි සිතු යුද්ධ විරෝධී වූ අල්පයක් වු ජනයා දීර්ඝ නින්දකට වැටුණි... වාත අවකාශයේ වූ සයෝන්ගේ හුස්ම ග්‍රහණය කරගත් යුධකාමයෙන් ඇළලී ගියෝ කොතරම් දරුණු වීද යත් අනතුරුව හටගත්තේ මහත් වූ රුද්‍රි වු යුද්දයකි. ඒ අතරවාරයේ නැගිට ගත් සයෝන් තම සෙන්පතියන් එකිනෙකා නරකාදියෙන් නිදහස් කරගත්තේය... දඩයක්කරුගේ මුද්‍රාවන් එකිනෙක බිදී ගියේය. ඒ වනවිටද මහා විනාශය ඇරඹී තිබුණි. මහා නගරයන් පොළව මත ගිලා බසිද්දී නරකාදිය පොළව මතට පැමිණියේය.අවසානයේ කෙලෙවරක් නැති අන්ධකාරය එළඹුණි...
සෑම අවසානයක්ම අලුත් ආරම්භයක් බැව් පසක් කරමින් අන්ධකාරය රජයන අහස් තලය මත දීප්තිමත් කොළ පැහැති ඉරක් ඔස්සේ වීරයන්ගේ මාවත මධ්‍යයේ දඩයක්කරු පහළ විය..ඔහුගේ දෙනෙතින් පිටවු දීප්තිමත් උදා ආලෝකයෙන් පොළව මත සිටි යක්ෂයන් මුළුගැන්නිවීය... ලෝදිය විසිරෙන්නාවු කසයකින් හා සූර්‍යාලෝකය පරදන කැලුම් විහිදෙන්නාවු අසිපතකින් ඔහු යක්ෂයන් දඩයම් කරන්නට විය..සෑම සාර්ථක දඩයමකට පසුව ඔහු අනගිභවනීය විය,අපරාජිත විය,උත්කෘෂ්ට විය..ඔහු කිසිදු යක්ෂයකු සිහිනෙන් වත් බලාපොරොත්තු නොවු සටන් කරුවෙක් විය..අවසානය්යේ වීරයන්ගේ මාවත කෙළවරදී ඔහු සයෝන් හුදකලා කරගත්තේය..දශක ගණනක සටනින් පසු සයෝන් බෙලහීන කරගත් දඩයක්කරු ලෝක ආරම්භයේ මූල බීජයක් වූ සයෝන්ව විනාශකිරීමට නොහැකි තැන ඈත තරූ අතරින් නෙලාගෙන විත් තිබු මරණයේ බීජය පොළව මත රෝපණය කලේය. ජීවයේ උල්පතින් එය පෝෂණය කල දඩයක්කරු ජීවත් වන මරණයේ ගසෙහි වැඩුණු දීර්ඝ වූ මූල මත නැවත වරක් සයෝන්ව නිද්‍රෝපගත කලේය. මහපොළොව මත අලුත් ආරම්භයක් උදෙසා ඉතිරිව ඇති ජීවයට ඉඩ හල වීරයා නැවත යක්ෂයන් දඩයමට ඈත තරු අතරට ගියේය...
නමුත් මහපොළව මත වීරයන්ගේ මාවත සඟවාලූ ඔහු නැවතත් මහා විනාශයන් වළකාලීමට සෑම සහශ්‍රකයම සටන්කාමී රණශූරයන් හට වීරයන්ගේ මාවත ඔස්සේ යාමට ඉඩහලේය..... නවලෝකයේ පැවැත්ම ඒ මත රැඳවීය,
එතන් පටන් නවලෝකය ආරම්භ විය.


ආගෝස් කියවීම නවතා පොත වැසුවේය,,,,ගිණිමැළය නිමීයාමට ආසන්නව තිබුණි,,,

"මම අහලා තියෙන විකාරම කතන්දරය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මට දැන් කියන්න කතාවක් තියනවා ආගෝස්,,,,,,"
මද සිනහවක් නඟමින් ඕ'බ්‍රයන් කෙඳිරීය,,,,
ඒ බස් අසා ආගෝස් ද මද සිනහවක් නැඟිය,,,,
#####################################

දිනකට පොරොතුව.................

ඔහු ඇස් ඇරියේ එකවරමය...නමුත් තමන්ගේ ඉන්ද්‍රයන්ගෙන් කිසිම සංවේදනයක් නොදැනෙනෙ බව ඔහුට පසක් වූයෙන් එකී සිතුවිල්ලත් සමඟම මනසේ වූ පැහැදිලි බව එක්වරම ඉරා දැමු බැවින් මහත් වෙර වීර්‍ය යොදා හුන් තැනින් පසෙකට පෙරළිමට ඔහුට හැකිවිය....
අපහසුවෙන් වුව්ද තමන් හට අත් පා චලනය කිරිමේ හැකියාව ඇති බව වටහා ගත්තෙන්, ඔහු බර සුසුමක් වාත අවකාශයට පිට කලේය.
දණින් නැගිට ඔහු හාත්පස සිසාරා බැල්මක් හෙලුවේ තමන් සිටින නුපුරුදු ස්තානය අවබෝධ කරගැනීම උදෙසාය.. නමුත් ත්‍රීව අඳුර මිස හාත්පස කිසිත් නොවීය....එක්වරම පහල වු සිතුවිල්ලක් හෙතුවෙන් ඔහු හිස ඔසවා ඉහළ බැලීය... දිලිසෙනා තරු පන්ති පුරවාගෙන සිටින පුළුල් අහස් ගැබ දුටුවෙන් ඔහු දෙවන වරටද සුසුමක් පිටකලේය...
තමන් තවදුරටත් පියාසර නිල ඇදුම ඇදගෙන හුන් බැවින් ඔහු තම ගිනි අවිය සොයා ඉණ අතගැවෙන් හිස් තුවක්කු රදවනය පමණක් ස්පර්ශ වුයෙන් වහාම තම දඩයම් පිහිය සොයා අනෙක් පස බැලීය...එය රදවනයේ වු බැවින් වහාම ඔහු එය පිටතට ඇදගත්තේය....
අනතුරුව තමන් අවසානයටම කුමක් කරමින් සිටියේදැයි ස්මරණය කරමින් ඔහු හාත්පස පිරික්සන්නට පටන් ගත්තේ හමුදා සෙබලකුගේ සුපරීක්ෂාකාරී බවකිනි....
තමන් අවසානයටම තමන්ගේ පියාසැරි සහයකයාත් සමඟ එකෝ මයික් 247 හෙලිකොප්ටරයෙන් ටැබූතා නම් ප්‍රදේශයට ඉහලින් නිකුත් වු අදි බලැති සංඥා වක් පිලිබ්ඳ සෙවීමේ මෙහෙයුමක බැව් සිහියට එත්ම තමන් වටලා හුන් ත්‍රීව අන්ධකාරයට හේතුව විසල් වනස්පතීන්ගෙන් හා ඝනැති පඳුරු වලින් හෙබි වන කඩක වු මායිමක සිටින බැව් ඔහුට අවබෝධ විය..තුන් පැත්තකින් වනයට නිරාවරණය වූද එක පැත්තකින් ඉහලටම විහිදෙන්නාවු ගල් පරවතයක් අබියස වල්මත්ම සිටි ඔහු අනතුරුව ගල් පර්වතයේ දකුණින් ඉදිරියට යෑමට පටන්ගත්තේය...
යාර සීයක්වත් යාමට පොරොතුව තමන් ඉදිරියේ වූ ගුහා ද්වාරය මලානික තරු එලියෙන් දැකගත් හෙතෙම නැවත අන්ධකාරය විසින් ගිලගත් වනස්පතිය දෙස බැල්මක් හෙලීය... දශක දෙකකට ආසන්න මිලිටරීකරනය වු සෑම රෝමකුපයක්ම උදෑසන වනතුරු භූමියට අනුකූලව හැඩගැසෙන තෙක් සැඟවිය යුතු බැව් කියද්දිත් අද්භූත වූ බලයකින් ඒ ගුහා ද්වාරය තුලින් තමා කැඳවනා බවක් ඔහුට හැඟුනේය... තමන්ගේ පියාසර යානයට හා සහයකයාට කුමක් සිදුවුනිද...යානය කඩා වැටුනු නම් කිසිදු හානියක් නොවි තමන් හුදකලාව අභිරහස් වනයක මෙසෙ කුමක් කරන්නේද....යන ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවිමට උදෑසන වන තුරු සිටිය යුතුය.... නමුත් බුද්ධිමත්බාවයේ ස්වරූපය වෙනස් කළ හැකි එකම දේ වන සිතුවිල්ලක්ම ඔහු තුළ කවරආකාරයකින් හෝ පිළිසිදගත්තෙන් හා නිදිමතක් ගැන වු අංශුමාත්‍රයක සිතුවිල්ලක් නොවුණු බැවින් කැප්ටන් කෙවින් ඕ'බ්‍රයන් ගුහා ද්වාරය පිරීක්සීමට සිතාගත්තේය......
ගුහා ද්වරයේ උස අඩි පහක් පමණ උවද යාර කිහිපයක් යන්නට පොරොතුව අඩි පහකුත් අඟල් එකොළොසක් උසැති ඕ'බ්‍රයන්ට කිසිම අපහසුවකින් තොරව ඇවිද යාමට තරම් උමං මඟ පලල් වන බැව් තේරුණෙන් ඔහු තම සාක්කු ලයිටරය සොයා නැවත වරක් අතපත ගෑවෙන් නැවත වරක් පොඩි වුනු සිගරැට් පෙට්ටිය පමනක් අතට අසු උයේන් අවලාදයක් මුවින් පිටවිය...එය ගුහා බිත්තිවල වැදි දෝංකාරයක් හටගත්තෙන් ඔහුගේ ශරීරය පුරා සිහින් තිගැස්මක් හටගත්තේය...
අදභූත ආකර්ශණය ඔහුටද හොරා තව පියවර කීපයක් ඔහුව ඉදිරියට මෙහෙයවීය.... මොහොතින් මොහොත තමන්ගේ හිස බරවෙන සොබාවයක් ද ඔහුට දැනුණි... සිහි එලවා ගැනිමට ප්‍රථම ඉදිරියෙන් කුඩා ආලෝක පුංජයක් දුටුවෙන් ඔහු පියවර තබන වේගය ඉක්මන් කලේය... මොහොතකින් ඒ ජල තීරයක් බැව් ඔහුට පෙණුණි.. උමං මග ඉහලින් විවෘත ආකාශයට විවර වු කවුළුවකින් ගලා ආ මලානික තරු එලිය ස්පර්ශයෙන් ඒ කුඩා පොකුණ දිදුලමින් තිබුණි..අඳුරු වර්ණයෙන් යුක්ත වු ජලය දැකගැනිමෙන් ඇසිල්ලෙන් ඕ'බ්‍රයන් හට මහත් පිපාසයක් දැනෙන්නට වුයෙන් ඔහු ඉදිරියට පැන පොකුණ ළඟ දනින් වැටුණි.. ජලය මදක් කලතා ඔහු දොතට ගත් වතුර උගුරු කීපයක් බීවේය...මෙතෙක් වෙලා දැනෙන්නට වු හිස බර ගතිය ඔහු කෙරෙන් ක්ෂණියෙන් පලා ගිය අතර මහත් ප්‍රබෝධමත් ගතියක් දැනෙන්න විය... ඉන් අනතුරුව ඔහු ගුහාව සිසාරා සුපරීක්ෂාකාරී බැල්මක් හෙලු අතර ජල පෘෂ්ඨය විසින් පරාවර්තිත තරු එලියෙන් ගුහාවේ අබිරහස් විසදීමට ඇස්වැසිල්ලක් නොදෙන බැව් ඔහුට අවබෝධ වුයෙන් කෙසේ හෝ අලෝකයක් සපයා ගත යුතු බැව් තීරණය කල හෙතෙම ගුහාවෙන් පිටවීමට තීරණය කරගත්තේය... නැවත වතුර උගුරු කීපයකින් කුස සන්තර්පණය කරගත් ඔහු ආපසු හැරී අඳුරේම එළිමහන බලා පියනගන්නට සැරසුනේය,,,නමුත් ඔහු ගුහාවට ප්‍රවිශ්ඨ වු ද්වාරය අන්ධකාරය තුලින් සොයා ගත නොහැකිවුවෙන් මොහොතකට ඔහු විපක්ෂිත විය,,,,මොහොතක් පැකිලුණු හෙතෙම අනතුරුව කුඩා දිය පොකුණ පැවති ගුහා අභ්‍යන්තරය වටාම ප්‍රවේශමෙන් පිරික්සන්නට ගත්තේය,,,මේ වෑයම මිනිත්තු කීපයක් පැවතෙන්නට ඇත,,,නමුත් මහත් වු විපක්ෂිත බවකින් හා ඊටත් වඩා වු වෙහෙසකින් ඔහු පෙළෙන්නට වූයෙන් මොහොතකට ප්‍රතම දැනෙමින් පැවතුණාවු ප්‍රබෝධමත් ස්වරූපය ඔහු තුලින් පලා යන්නට විය,,,නැවත හිස බර ගතිය ඔහුට දැනෙන්නට වු අතර කෙමෙන් කෙමෙන් තමන්ගේ හුස්ම හිරවෙන බවක් ඔහුට දැනුණි,,, තමන්ගේ දෙපා පොළවට තබා හිරකරගත් අයුරූ ඔහුට දැනෙන්ට වීය,,,ක්ෂිණිකයෙන් ඔහු ගල් බිත්තියේ වු කුහරයකට ඇද වැටුණු අතර සිහි එලවා ගැනීමට ප්‍රථම ම දෙනෙත් නිලංකාර වී කෙවින් ඕ'බ්‍රයන් අන්ධකාරය තුල ගිලී ගියේය. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අවදි වීමට පොරොතුව ඔහුට දැනෙන්ට වුයේ මස් පිළිස්සෙන ගන්ධය වීය,,,,ඔහුගේ රස නහර පිනා ගිය ඒ ගන්ධයෙන් ඔහුගේ කුසගින්න අවදි විය,,,වෙර වීර්‍ය යොදා ඇස් අරින විටම ඔහු නැගිටින්නට තැත් කලෙන් පසෙකට පෙරළි ගියේය,,, අනතුරුව ඔහුට අවබෝධ වුයේ සවිමත් සම් පටියකින් ඔහුගේ දෙපතුලේ සිට උරහිස දක්වාම බැඳ ඇති බව ය,,
බැඳුම් ගැන වෙහෙස වීමට ප්‍රතම ඔහු අවට නෙත් යොමුකලෙන් පුළුල්ව විහිදී ගිය තෘණ භුමියක කෙලෙවර වු කුඩා තාවකාලිකව සදාගත් ප්‍රාථමික තත්වයේ වූ කඳවුරක් යැයි කිව හැකි තැනක්, ගිනි මැළයක්, හා පුද්ගලයන් දෙදෙනෙක් ඔහුට දර්ෂණය විය,, නමුත් ඒ සියල්ලටම වඩා ගිනිමැළයට ඉහලින් රන්වන් පැහැයෙන් බැඳෙන්නාවු සුවඳ හමාන්නවු මාංශය ඔහුගේ නෙත් පැහැර ගත්තේය,,,,
,
" ඔහු අවදි වෙලා,,,,,,"

ඔහු නැඟු සරසරයෙන් විමසිලිමත් වු එකෙක් පැවසීය,,,
එසේ පැවසූවා කෙරෙහි ඕ'බ්‍රයන් වඩාත් විමසිල්ලෙන් බැලීය,,,,
ඔහු ළාබාල කොලු ගැටයෙක් විය,,,සුදුමැලි වු කෙසඟ ශරීරයක් තිබු කොලුවාගේ කෙස් කාලවර්ණ කෙස් වැටිය උරහිස් දක්වා කඩා වැටුණි,,,විමතියට කරුණ නම් කෙටි සම් කඩක් හැරුණු කොට ඔහු මුලුමනින්ම නිරුවතින් සිටීමය,,,,නිම්නය ඔබ්බෙන් සුදු පැහැති හිම මිදුණු ශිඛරයන් ඔස්සේ හමා ආ ශිතල යහමින් අඩංගු වු සුළගෙන් වෙව්ලන්නට ගත් ඕ'බ්‍රයන් කොලුවා ගේ මේ නිර්වස්ත්‍ර බාවය කෙරෙහි මවිතයට පත්විය,,,,

" මම කොහෙද මේ ඉන්නේ,,,,,?"

ඔහු හඩ අවදි කරත්ම ඔහුගේ ශරීරය කිලිපොළා ගියේය,,,ඒ මුවෙන් අතුණුබහ දක්වා විහිදී ගිය සීත හුස්ම පොද හේතුවෙනි.

" දෙවියනේ මොන විකාරයක් ද මේ,,,,,මම,,, මම,,,කොහෙද මේ ඉන්නේ..."
ඔහුටත් හොරා නැවතත් ඒ වදන් ම ඔහුගේ මුවින් පිටවිය,,,,

" මම පැවසුවේ ඔබට මොහු ඇල්කේනියානුවෙක් කියලා,,,," ඒ වදන් නැගුවේද කොලු ගැටයා වූ අතර එයද තමන් හට අවබෝධ වූ බැව් වැටහෙන්නට වූයෙන් ඕ'බ්‍රයන් නැවත් කිළිපොලා ගියේය,,,,

" ඇල්කේනියන් කතා කළාට බලන්න ඔහුගේ සම දිහා දරුවෝ,,,අතගාලා බලන්න කෙස් වැටිය,,,ඒ තරම් මෘදු බවක් මම නම් කවදාවත් දැකලා නෑ,,,,අනිත් එක ඇඳුම් පැළදුම්,,,,,,,ඔක්කොටම වැඩිය මේ ආයුදේ,,,,මේ තරම් හුරුබුහුටි කෙටි කඩුවක් මම උපන්තෙකේට දැකලා නෑ,,,,,"

" කොහොම උනත් ඔහු ඇල්කේනියන් කතා කරනවා,,,,,,,මම ඔහු සමඟ කතාකරන්නද අගෝස්,,,,,,?"

ආගෝස් නැමැත්තාගෙන් කෙරුණු මේ ඉල්ලීමෙහි වු බලකිරීමේ ස්වරූපය වු මැනවින් අවබෝධ වු ඕ'බ්‍රයන් විමතියෙන් ඝන ලොම් කබායක් පැළඳ හුන් හැඩිදැඩි වනචාරී පෙණුමකින් වූවා දෙස විමතියෙන් බැලීය,,,, ඔහු මොහොතක් කල්පනා කොට දෙඅත් දෙපසට වනා ඊට කැමති බැව් හැඟවීය,,,, අනතුරුව අතෙහි තිබු ඕ'බ්‍රයන්ගේ දඩයම් පිහිය කොලුවා දෙසට විසිකලේය,,, මනා හුරුබුහුටි බාවයකින් පිහිය අල්ලා ගත් කොලුවා ඕ'බ්‍රයන් ආසන්නයට පැමිණියේය,,,,,,,

"තමුන්ගේ නම මොකක්ද අභිරහස් මිත්‍රයා,,,,,,?"

"මම කපිතාන් කෙවින් ඕ'බ්‍රයන්,,,,,"
"මම අන්තිමට හිටියේ කොන්ගෝවේ ටැබුතා වලට ඉහළින් හෙලිකොප්ටරයක් එලවමින් මගේ නියමු සහයක ලුතිනන් සෑම් ස්ටීවන් සමඟ"
"ඇත්තටම මම දැන ගන්න කැමතියි මම මේ මොන අපායකද ඉන්නේ කියලා,,,,,,,"
,
කොලුවා කිසිම හැඟීමකින් තොරව මොහොතක් බලා සිටි අතර අනතුරුව ඔහුට සිහින් සිනහවක් නැඟුණි,

"ටැබුතා,,කොන්ගෝ,,,එතකොට පියාසර කපිතාන්,,,,,," පැවසූ කොලුවා ආගොස් දෙස බැලීය,,,

"බලන්න,,,ඔහුගේ භාෂා විලාසය ආගොස්,,,කිසි කලෙක මම මේ වගේ උච්චාරණ විදිහක් අහලා නෑ,,,,අනිත් එක මොකක්ද මේ පියාසර කපිතාන් කියන්නේ,,,,, ඔබ කවදා හෝ අහලා තියේද,,,,,,?"

" නෑ දරුවෝ,,,, නුඹ දන්නවනේ මම කවදාවත් කොයිරා කඳුමුදුන් වලින් ඔබ්බට ගිහිල්ලා නැති විත්තිය,,,ඉතින් නුඹ නොදන්න දෙයක් මම දැනගන්න විදිහක් නෑ,,,,"

" ඒකත් සෑබෑව,,,,,කොහොම උනත් කෙවින්ලගේ ඕබයන්,,,,මම දැන් තමුන්ගේ බැඳුම් කපාදමන්නයි යන්නේ,,,,හැබැයි මුලින්ම අපි දෙයක් ගැන එකඟතාවයකට එන්න ඕනේ,,,,,,"
කොලුවාගේ කතාබහේ වු ලාලිත්මය බැව් හේතුකොටගෙන ඕ'බ්‍රයන් සිනහවක් නැඟුණි,,,,

"ඒක ෆ්ලොරිඩාවේ කෙවින් ඕ'බ්‍රයන්,,,,යාලුවා,,,ඕබයන් නෙමෙයි,,,,,,,"

"ඔහෝ,,,,ෆ්ලොරිඩා,,, තවත් අමුතු වචනයක්,හරි ෆ්ලොරිඩාවේ කෙවින් ඕ'බ්‍රයන් මම තමුන්ව මරණයේ නිම්නයෙන් ඇඳගෙන ඇවිත් බේරගත්තට තමුන් මට ජිවිතෙන් ණයයි,,,ඒක ගැන අපි පස්සේ කතා කරමු,,,මම දැනට තමුන්ව නිදහස් කරනවට වන්දිය තමයි මේ ආයුදේ,,,,මේ තමුන්ගේම ආයුධයක් නේ,,,,"

"ඔව්,,,ඕක මගේ දඩයම් පිහිය තමයි යාලුවා,,,ඒත් ඕක අයිති කරගන්න ඔහේට මගේ කැමැත්ත අවශ්‍ය නෑනේ,,,,මම දැනටම ඔහේගේ හිරකාරයනේ,,,,,,"

ඒ වදන් පෙළත් සමඟම ආගෝස් හා කොලුවා මුහුණෙන් මුහුණ බලාගත්හ,,,,

"අනිත් අයකුගේ ස්වාමිත්වයක් ඇති ආයුධයක් බලෙන් අයිතිකරගැනීම සාප ලද්දක් බැව් මේ අඳුරු මහද්දීපයේ ළදරුවෙක් පවා දන්නවා,,,,"
ආගෝස් ක්ෂිණිකව පැවසුවේය,,,

"මිනිහා පිස්සෙක්,,, නැත්තං මෝඩයෙක් " අගෝස් නැවත කෙඳිරීය

නමුත් කොලුගැටයා ඕ'බ්‍රයන් දෙස ඉතා විමසිල්ලෙන් බැලීය,,තීරණයක් ගත් සොබාවයක් ඒ මුහුණේ මතුවනු ඕ'බ්‍රයන් දිටීය,,

"කාරියක් නෑ,,,,මම හිතන්නේ නෑ මොහු මට තර්ජනයක් ඇති අයකු කියා ආගොස්,,,මේ ඇස් වල සෑහෙන දීප්තීයක් වගේම පක්ෂපාතීත්වයක් තියෙනවා,,,,ඉතින් ෆ්ලොරිඩාවේ ඕ'බ්‍රයන් මගේ ගනුදෙනුවට ඔබ කැමතිද,,,,,?"
කොලුගැටයාගේ කතාවෙන් සිහින් හිරියකින් ඔහු වෙළීය,,,

"ම්ම්ම්,,,,මම සාමාන්‍යයෙන් නොදන්නා අය සමඟ ගනුදෙනු කරන්නේ නෑ මිත්‍රයා,,ඒත් මේක සාමාන්‍ය අවස්තාවකුත් නොවන හින්දා මම කැමතියි මේ බැඳුම් ලිහීමට අමතරව තවත් ඉල්ලීම් දෙකක් මේ ගනුදෙනුවට ඇතුළත් කරන්න,,,,"
ඔහු සිනහව අතරින් පැවසීය,,,,

"අහ,,,,,බලාගෙනයි මිත්‍රයා,,,,දැනටමත් මම තමුන්ට කැමැත්තෙන් ඉන්නේ ඒත් උවමනාවට වඩා දේවල් බලාපොරොත්තු වෙන අය කෙරෙහි මගේ විශ්වාසයක් නෑ,,,,ඒත් ඒ හැම දේකටම වැඩිය ආසවක් මේ තමුන්ගේ මුවහත් පිහිය උදෙසා මට තියෙන හින්දා ඉල්ලනවා බලන්න,,,,"

"නෑ,,,නෑ,,,ලොකු දේවල් නෙමෙයි යාලුවා,,,මම් කැමතියි මම ගනුදෙනු කරන මනුස්සයගේ නම දැනගන්න,,,,අනිත් ඉල්ලීම තමයි අර ගිනිමැළයේ පැළහෙන මස් කුට්ටියෙන් ලොකු කෑල්ලකුත් මේ ගනුදෙනුවට එකතුවෙනව නම් මම සන්තෝසයි,,,,,"

"මම ඩේමියන්,,,,,නිකන්ම ඩේමියන්,,,"

පැවසු කොලුවා රැහැන් පට කපන්නට විය,,,, බැම්මෙන් මිඳුණු ඕ'බ්‍රයන් හිරි අරිමින් නැඟිට ගත්තේය,,,,කොලුවා තම සම්කඩෙහි සඟවා හුන් කුඩා කිණිස්සක් රැගෙන බ්‍රයන් අතට දී මස් ගාතයක් කපා ගන්නා ලෙස ඉඟි කලේය,,,,,,

"ස්තුතියි,,,,,ඩේමියන්,,,,," ඔහු මිමිණීය
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

“එතකොට ඔබ කියන්නේ ඔබ ජීවත් වෙන රටේ අහසේ පියාඹන සත්තු හිටියා ඔබගේ වෘත්තීය වුනේ උන් එළවන එක කියලද බ්‍රයන්,,” ඩේමියන් මේ වන්විටදි ඕ’බ්‍රයන් සමඟ සෑහෙන දුරට මිත්ර වී සිටි අතර ඔහුගේ උච්චාරණයට අපහසු "ඕ" කැබැල්ල අමතකම කර තිබුණි,,,

“නෑ,,, ඩේමියන් ඒවා මිනිස්සු හඳපු යනා,,,, මට තාමත් විශ්වාස කරන්න බෑ,,,අහස් යනා ගැන අහලා නැති කෙනෙක් මේ විසි එක්වෙනි සියවසේ ඉඳියි කියලා,,,,,”

“මට ඔබ කියන වචන ගොඩාක් ආගන්තුකයි,,,ඒත් ඒ දේවල් මිනිස්සු හදපු දේවල් නම් ඔබ මට පොරොන්දු වෙනවද ඒ දෙයක් හදලා දෙන්න,,,,,”

ඒ මන්ධ බුද්ධික ප්රකශය හේතුකොටගෙන ම තමන් තව දුරටත් විසිඑක්වෙනි සියවසේ නොසිටින බැව් ඔහුට ප්‍රත්‍යක්ෂ විය,,

“ සමහරක් විට මේ වෙනත් මානයක් වෙන්න ඇති,,,,,”
මෑතකදී නැරඹු ටෙලි සිත්තමක් සිහිවීමෙන් ඔහු ඔහුටම කොඳුරා ගත්තේය,,,,,

“දරුවා,,,ඔබ අහලා තියේද මහා විනාශයට පෙර තිබු රාජධානීන් ගැන,,,,මගේ මුත්තා මා කුඩා කාලයේ ඒ කතන්දර මගේ කනට කොඳුරලා තිබෙයි,,,සැප සම්පත් වලින් අනූන ඒ රාජධානීන් වල සිටි ඇත්තන් මුහුද මැද්දෙන්ද අහස මැද්දෙන්ද පමණක් නොව තාරුකා අතරද ලෞකීක සැප සම්පත් සොයාගෙනම ගොස් තියෙනවා,,,,ඔවුන්ගේ පවුකාරකම් ඉවසා ගත නොහැකි වූ තැන මහී කාන්තාව අවදි වී නරකාදිය කරා මුළු රාජධානියම ගිලගෙන තියෙයි,,,,,,”

“ඔව්,,,ආගෝස්,,,,ටැරැන්වා හල රතු පැහැති පුස්තකාලයේ ඔවුන් ගැන රසවත් කතා ලියවුණු පොත් තිබෙනවා,,,,ඒත් මම හිතන්නේ මොහු ඇස්ගාඩයට ඔබ්බෙන් ඇති මීදුම් රාජධානියේ නිදා සිටි අයෙකු කියාය,,, වීරයන්ගේ මාවත උදෙසා අඳුරු රාජධානියට කොයිම ආකාරයට පැමිණි බවකුයි,,,,”

“මේ කීවෙනි වර්ෂයද ඩේමියන්,,,,,,” ඔහු එක්වරම විමසීය,,,

“ටැලන්ගේ අවදිවීමෙන් ගතවන එක්දහස් තුන්සිය අනූ හත වර්ෂය හෙවත් දඩයක්කාරයාගේ වර්ෂය,,,,” එයට පිළිතුරු දුන්නේ ආගොස් ය,,,

“තවත් ඔලුව විකාර වෙන කතාවක්,,,,කව්ද මේ ටැලන්,,,,, ඔහු කිසියම් ආකරයක දෙවි කෙනෙක් ද,,,,”

“නෑ ඔහු තමයි අඳුරු රාජධානියේ මුල්ම රණ ශුරයා,,,,,සියොරාවේ ම ගැලවුම් කරු,,,,”

“සියොරාව,,,,,,,,,,,,,,,,,,,,?”

“ඔව්,,,,උතුරින් ඇස්ගාඩය දකුණින් වෝයිනියාව හා රතු මුහුදෙන් හා තුලෝනයෙන් වටවුණු අඳුරු රාජධානිය හඳුන්වන නාමය තමයි සියෝරා,,,,,හෙවත් සයෝන් කියන සියළු රාක්ෂයන්ට අධිපතියගේ නිජ බිම,,,,,,,”

“ඒ කියන්නේ ඔබලා කවදාවත් අර උස් කඳුකරයෙන් ඔබ්බෙන් ඇමරිකාව,,,අප්‍රිකාව,,,ආසියාව,,,යුරෝපය,,,වගේ මහද්දීපයන් තියේවිද කියලා කවදාවත් අහලා නැද්ද,,,,,,,,”

“නෑ,,,,,,,,,,”

ආගෝස් සහ ඩේමියන් දෙදෙනාම එකවරම පැවසූවෙන් ඕ’බ්රයන් තම හිස දෑතින්ම මිරිකා ගත්තේය,,,,,,,

“නෑ,,,එක්කෝ මේක හීනයක් වෙන්න ඕනේ,,,,නැත්තං මුං දෙන්නම හොඳම පිස්සෝ වෙන්න ඕනේ,,,,,,,”ඔහු සෙමින් කොඳුරා ගත්තේය,,,,

ආගෝස් මොහොතක් මධ්‍යහන සුර්‍යා දෙස විමසිල්ලෙන් බලා සිටීය,,,හිරු මුදුන් වූවද පරිසරයේ වූයේ සිසිල් බවකී,

“ඩේමියන්,,,,,වෙලාව හරි,,,,,ඔබ සුදානම් වෙන්න,,,,,,”
ප්‍රථම වතාවට ආගොස්ගේ මුවින් ඩේමියන්ගේ නම ප්රකාශ විය,,,,

එය ශ්‍රවණය වීමත් සමගම ප්‍රථම වතාවට ඩේමියන් තුල තිගැස්මක සේයාවක් සටහන් විය...
ආගෝස් පසෙක වු හම් මල්ලක් අතට ගත් අතර කොලුවාද ගිනිමැලය දෙසට කිට්ටු විය. ඕ'බ්‍රයන්ද කුහුලෙන් යුක්තව තමන් මෙතරම් වෙලා සටන් කරමින් සිටි මස් කටුව පසෙකට දමා විමසිලිමත් විය...

ඔහුව තිගැස්මට පත් කරමින් ආගෝස් මල්ලෙන් පිටතට ගත්තේ කලු පැහැති නාගයෙකි... ඔහු තදින් නාගයාගේ හිසෙන් ග්‍රහණයකරගෙන සිටි අතර ඔහුගේ ශක්තිමත් මස් ගොබ වටා නාගයා දඟර ගැසෙමින් පිළිකුල් සහගත ලෙස වෙලී දගලමිනි වුණි..ආගෝස් තම කිණිස්ස ගෙන නාගයාගේ මුව විවර කල අතර අනතුරුව තදින් බලය යොදමින් අනිත් අතින් ගත් බදුනකට විශ දොවන්නට විය....
එය ඉතා පිළිකුල් සහගත දර්ශනක් විය...
නමුත් නමා ගත් හිසෙන් හා කැලුම් දෙන නෙත් වලින් ඩේමියන් වශිකෘතව ඒ දෙස බලා සිටින අයුරු ඔහු දුටුවෙන් නැවත වරක් සිහින් සීතලක් කොඳු නාරටිය හරහා දිවයගියේය.විශ ගැනිම හමාර කල ආගෝස් එක කැපුම් පහරකින් සර්ප හිස කඳින් වෙන්කර එකම ඇදීමකින් සර්ප කඳ හම ගසා ගත් අතර අනතුරුව කොටස් කරගත් මාංශය ගිනිමැළය මත වු හැලියකට දැම්මේය.ටික වෙලාවකින් ඔහු දොවාගත් විශද ඒ හැලියටම දමා රත් වෙන්නට දුන්නේය.හැලියේ කට කුඩා සුදුපැහැති රෙදිකඩකින් අවරණය කල හෙතම ගිනිමැලයට සෙමින් ඇවිලෙමින් නටන්නට ඉඩ දුනි.

" ජීවත් වෙන මරණය " ඔහු සෙමෙන් කෙඳිරීය.

"මොකක්ද...ආගෝස් ඔබලා ඔය සර්පයාව කන්නද යන්නේ..."

"අපි නෙමෙයි....ඔහු.. ." ආගෝස් හිසෙන් ඩේමියන් පෙන්වමින් කීවේය...

"ඒත් ඇයි..."

"ජීවත් වෙන මරණයේ ගසට කිට්ටු වීමට ඇති එකම මාර්ගය මේක තමයි...ඔබ තේරුම් ගනිවි දිගටම අපිත් එක්ක රැදුනොත්....ඩේමියන් කියන්නේ මරණය පාරාජය කිරීමට උපන් අයෙක්.... නමුත් මරණය කියන්නේ නොවැලැක්විය හැකි දෙයක් වගේම මරණයේ විවිද ආකාර තියෙනවා... කොයිරා කදුවැටිවල සැරිසරන භයානකම මරණය මෙයයි...."

" විකාර.... මුං දෙන්නනම් අමු පිස්සෝ දෙන්නෙක්...." ඕ'බ්‍රයන් කොඳුර ගත්තේය.

මොහොතකට පසු හැලිය ගින්නෙන් බාගත් ආගෝස් එහි කට වටා බැඳ තිබු රෙදි කැබැල්ල ප්‍රවේශම් සහගත ලෙස ගලවා ගත් අතර හැලියේ වු සියල්ල පොළව මත වළක් හාරා සර්පයාගේ හම හා හිසත් සමගම වළදැම්මේය.
රෙදි කැබැල්ල නැවත වතුරින් සෝදා එම වතුර ඩේමියන්ට දුන් අතර ඔහු මහත් අප්‍රියතාවයකින් යුක්තව එය එක හුස්මට පානය කලේය.අනතුරුව එකවරම නැගිට ගත් ඔහු කුඩාරම තුලට වැදගත්තේය.

"හද මුදුන් වෙනකං ඔහු අපායේ පිච්චේවි"

කොලුවාගේ නික්මයාම දෙස බලා සිටි ආගෝස් නැවත ඕ'බ්‍රයන් දෙස බැලීය,

" ඉතින් බ්‍රයන්.... ඔබ කොහෙන්ද කියලද ඔබ ඇත්තටම හිතන්නේ...."
දෙදෙනා හුදකලා වීමෙන් අනතුරුව ආගෝස් විමසීය...

"මම දන්නේ නෑ....කොහොමද ඔබලා මාව හොයාගත්තේ...."

"අද අපි වෙනදටත් වඩා පර්වතයට ළං උනා...අපිටත් පුදුමයි මරණයේ නිම්නයේ බඩගාන සෙවල සහිත මරණය ත් එක්ක ඔබ රාත්‍රියක් ජීවත්ව සිටීම ගැන....මට එක දෙයක් විශ්වාසයි...අළුයම දෙවනි යාමෙන් පසුවයි ඔබ එතන හුදකලා වෙන්න ඇත්තේ....."

"ඔබලා මරණය ලෙස හැඳින්වෙන්නේ අර කලු පැහැති නාගයාටද....?"

"ඔව්...කොයිරා කඳු මුදුන් මත පමණයි උන් ඉන්නේ....මේ අදුරු මහද්දීපයේ බුරුතු ගනන් තිබෙන භීෂණකාරී දේවල් වලින් එකක් පමණයි ඒ..."

"කොයිරා කදු මුදුන්....එතකොට ඔබලා ජීවත් වෙන්නේ මේ මරණයේ මිටියාවතේද....තව අය ඉන්නවද....? "

"අර උතුරින් පෙනෙනෙ හිම ශිඛර වලින් ඔබ්බට මිනිස් ඇසකට කවදාවත් ලක්නොවිච් ඇස්ගාඩය නම් රාජධානියක් තියෙයි. ඉපදී මැරෙන මිනිස්සු වන අපිට කවදාවත් එහෙට පය තියන්න බෑ... මේ නිම්නයෙන් පියටවෙන්න එකම මාර්ගයයි තියෙන්නේ...ඒ අපේ ගම්මානය හරහා... කීත්‍යාඩ් කියන්නේ එහෙට... එතනින් එහාට පොඩි පොඩි රාජ්‍යන් කීපයක්ම තියෙනවා පොඩි පොඩි රජවරු ඉන්න.ඒත් ඇස්ගාඩය හැර මේ සියලුම සියොරාවට ප්‍රධාන වගේම විශාල ක්‍රෝබි නුවර ට නිරිත දිගින් පාවෝ ගංගාව හරහා කෙටි මාර්ගයක් තිබෙයි නිර්භීත පිරිමියෙකුට පමනක් යන්න පුලුවන්.ක්‍රෝබි නුවරට ගියොත් ඔබට අදිරාජ්‍ය ක්ලොඩියස්ව බලාගන්න පුලුවන්....එතුමා තමයි රජවරුන්ගෙත් රජතුමා.ඊටත් එහා තියෙන්නේ "ගර්" වනාන්තරය, ගර් වනාන්තරය මැද්දේ තමයි අදුරු මහද්දීපයේ බලවත්ම රාජදානිය වන සමේරියාව තියෙන්නේ,...එතකොට මෙතනින් නැගෙනහිර පැත්තට හැතැප්ම දාස් ගාණකට එහා ඇල්කේනියාව කියලා නටබුන් වුණ රාජධානියක් තියෙයි "

"මේක මහ පිස්සුවක් ආගෝස්,,, මම කවදාවත් ඔය රටවල් ගැන අහලා නෑ.... එක්කෝ මම ඉන්නේ අතීතයේ... නැත්ත්ං වෙනත් ලොකෙක...."

"දඩයක්කාරයාගේ වර්ෂය තුල බොහෝ අද්භූත දෑ සිද්දවෙනවා මිත්‍රයා....කොහම නමුත් ඔබට අප සමග තව දෙපෝයක් රැදීමට සිදුවෙනවා....නැතිනම් ඩේමියන්ගේ කැමැත්ත මත ඔබගේ ම මාර්ගයක යා හැකියි... කෙසේ වෙතත් මරණයේ නිම්නයේ සැරිසැරීම නුවණට හුරු දෙයක් නම් නෙමෙයි... දෙපෝයක් රැදීමට හැකිනම් අපත් සමගම කීත්‍යාඩ් කරා යාමට ඔබට හැකිවෙයි..."

"ඩේමියන්ගේ කැමැත්ත මත....?"

"ඔබ තාමත් ඔහුට ජිවිතෙන් ණයගැතිය... මේ නාගයන් කෙතරම් විශ ද යත් දශ්ටනයෙන් ඇසිපිය සලන කාලයකදි දරදඬු මල කඳක් වෙනවා.කිසිම සිහියක් ඇති මිනිසෙක් පර්වතය අසලට කිට්ටු වීමට යන්නෙ නෑ...ඔබ එතන සිහි නැතුව සිටීම අප දෙදෙනාටම මහත් පුදුමයක්...ආගෝස් වන මම හැර දැනට කොයිරා කදු මුදුන් මත මරණය අල්ලා ගැනීමට හැකි කෙනෙක් මේ මහද්දීපයේම නෑ...ඩේමියන් හට පර්වතය කරා ළඟා වීමට උදව් කරලීම තමයි මගේ කාර්‍යබාරය, අනතුරුව අපට නැවත මේතනින් පිටවෙන්න පුලුවන්,,,"

"පර්වතය,,,,, කොහෙටද මේ පර්වතය කියන්නේ,,,,ඇයි ඩේමියන් එතනට යන්නේ,,,,ඔක්කොටම වැඩියෙන් මේ නාගයන්ගෙ විශේන් ආරක්ශා වීමට මෙච්චර මහන්සි වෙන්නේ ඇයි ආගෝස්,,,,,"

"ඔබ දුටුවාද මේ තැනිතලාව අවසන් වෙන්නේ විශාල දෙණියකින්,,,ඒ දෙණිය මධ්‍යයේ තිබෙනවා විශාල පර්වතයක්, ඒ පර්වතයෙන් මරණයේ මිටියාවත අවසන් වෙනවා,,පර්වතය මැද එලිමහන් බිමක තමයි "ජිවත් වෙන මරණයේ ගස " තිබෙන්නේ,,,,ඒකේ මුල් අපාය දක්වාත් ඊටත් පහල ඇති සයෝන්ගේ කුටිය දක්වාත් පැතිර යනවා කියලා තමයි පැරැන්නන් කීවේ,,,පර්වතයට ළගා වීම බොහොම අපහසු වැඩක්,,,කලු පැහැති මරණය හැමතැනම,හැබැයි මරණය අවදි වෙන්නේ රාත්‍රියේ පළමු භාගයේ පමණයි,,අනෙක් හැම වෙලාවෙදීම උංගේ ගුල් වල රිංගගෙන ඉන්න හින්දා දෙවනි යාමයේ ඉදන් පහුවදා පළමු යාමය වෙනකං වේලාව තිබෙයි ගස ළඟට කිට්ටු වෙන්න, ඩේමියන්ට උවමනා වෙලා තියෙනවා ගසට කිට්ටු වීමට "

"ඇයි,,,,අවුරුදු දාසයක් වත් නැති කොලු ගැටයෙක් මේ වගේ වෑයමක් ගන්නේ,,,,"

"වීරයන්ගේ මාවතට ඔහුව තොරාගෙන තිබෙනවා මිත්‍රයා,,,,ඉරණමෙන් ගැලවෙන්න කාටවත් බෑ,,,"

"වීරයන්ගේ මාවත,,,,,, මොකක්ද ඒක,,,,,"
.
ආගෝස් මොහොතක් ඕ'බ්‍රයන් දෙස බැලීය,ඒ බැල්ම තුල බොහෝ දේ ඇති බැව් මොනවට අවබෝධ කරගත් ඕ'බ්‍රයන් ගේ ශරීරය පුරා සිහින් හිරයක් නැවත ඇදී ගියේය,,

"අපිට අපේ ම කියලා පුරාවෘත තිබෙනවා,,, ඒ හැම එකක්ම ඇත්තයි කියලා මම කියන්නේ නෑ,,,,ඒත් වීරයන්ගේ මාවත කියන්නේ කතන්දර දොලහෙන් එකක්,,,,මම කතන්දර කීමට දක්ෂයෙක් නෙමෙයි හැබැයි මම ඒ ගැන කියන්නම්,,,,බ්‍රයන්,,,
තවදෙයක් මේ හැම කතන්දරයක්ම ලියවිලා තියෙන්නේ ඇල්කේනියන් බසෙන් ඉතින් ඔබ මේ දේශයට ආගන්තුකයෙක්,,,ඒත් ඔබ පිරිසිදු ඇල්කේනියානු බස ඉතාමත් හොඳින් කතා කරනවා,මට තිබෙන ප්‍රශ්නේ ඒක,,,,ඔබ ඇල්කේනියන් කතා කරන්නේ මම කවදාවත් අසා නොමැති උරුවකින් "

" අපි ඒ භාෂාව හඳුන්වන්නේ ඉංග්‍රීසි කියලා ආගොස්... මම ජීවත් වෙන ලෝකයේ ත් ප්‍රධාන භාෂාව මේක තමයි....තව භාෂා දහස් ගණනක් තිබුනට....."

"අදුරු මහද්වීපයේත් භෂා ගොඩක් තියෙනවා මිත්‍රයා,,,ඒත් මේ දේශයට ආගන්තුකයෙක් කියන අයෙක් කතාකරන්න පුලුවන් කියලා විශ්වාස කරන අන්තිම භාෂාව ඕක,,,රණශුරයන් පමණයි ඔය භාෂාව කතාකරන්නේ..."

"කොහොමත් නොදන්නා තැනක අතරමං වෙලා භාෂාවක් නොදැන ඉන්නවට වඩා අපිට අදහස් හුවමාරු කරගන්න පොදු භාෂාවක් තිබෙන එක හොදයි,,,"

ආගෝස් තම පසෙක තිබු ඔලොගුවකින් හම් බැම්මෙන් බඳින ලද පොතක් එලියට ගත්තේය,,,

"මේ තමයි කතන්දර දොළොස පොතේ පිටපතක්,,, අඳුරු මහද්දීපයේ සෑම කෙනෙක්ම මේ කතන්දර දොළොස දැනගැනීම වැදගත් පළමුවැනි කතන්දරය මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර ඇල්කේනියාව බිහිවෙච්ච හැටියි,,,,දොළොස්වන කතාන්දරය ඇලෙක් රජතුමාගේ ශුද්ධ වූ අසිපත දක්වා මහද්දීපයේ පුරාවෘතයන් ලියවිලා තියෙයි,, දශක දෙකකට පෙර කතා එකොළහයි තිබුනේ බ්‍රයන්,,,දොළාස් වැනි කතාවේ යුද්ධයට මම ත් සහභාගී වෙලා තියෙනවා,,,,,,,,,,, ඉතින් මේ කියන්නේ කතන්දර වලින් ඔබ්බට ගිය දේවල් කියලා මට සහතික කරන්නත් පුලුවනි........ ඉතින් ඉඩ දෙන්න මට ඔබට පළමු කතාන්දරය කීමට...."
.
අගෝස් සෙමෙන් තමන්ගේ ගැඹුරු කටහඩින් කතාන්දරය අවධි කලේය.....

########################################

Saturday, April 8, 2017

වන් ෆෝ ලොක්... වන් ෆෝ අන්ලොක්....


"පොඩී......මොනවද ඔය හැටි  කණ්ණාඩියට ඇස් ගහන්නේ...."
"නෑ....නෑ....මේ......මං......"
"නෑ....මේ....මොනවද කියන්නේ උඹ.... හංදියට යනවා කියලා දැන් කීයේ ඉදන්ද කණ්ණාඩිය ඉස්සරහ....කලුවර වැටෙන්න ඉස්සැල්ලා ගොහිං වරෙන්....."
"හා...අම්මේ.....මේං මං ගියාවේ....."
අම්මගෙන් තවත් දෝස්මුරයක් එන්න ඉස්සැල්ලා මම වැට කඩුල්ල පාස් කරගෙන වැට අයිනෙන් පාතට බරවෙලා තිබ්බ කතුරුමුරුංගා දල්ලකට උඩ පැනලා ඩෑෂ් පාරකුත් ගහගෙන පාරට පැන්නා...
"අදනම් සාමාධි ට ඇහැක් ගහනවමයි........"
මගේ හිතේ තිබුනේ ඒ සිතිවිල්ල විතරමයි....නැත්තන් වෙනදා කටු කම්බි වැටෙන් එලියට පැනලා පාරට බරවෙලා තිබ්බ මඤ්ඤොක්ක කොලයක් නටුව අගින් කඩාගෙන දබර ඇගිල්ල වටේ කරකව කරකව කමාන්ඩෝ එකේ දුව බේරගන්න යන  ආනෝල්ඩ් ස්වසනේගර් වගේ ගැම්මට යන ගමන් පාරේ තිබ්බ ලොකු ලොකු බොරළු කැට වලට පයින් ගහ ගහ යන්න සිහියක්, ඉවසිල්ලක් මට තිබුනේ නෑ...... මට ඉක්මනට ඉක්මනට හන්දියේ බස් හෝල්ට් එකට ගිහින් පහයි කාල බස් එක අල්ලගන්න සිහිය විතරයි තිබුනේ..... ඒකේ තමයි හැම බදාදාම සමාධි පන්ති ඇරිලා එන්නේ.... සාමාධිව මතක් වෙද්දිම එන්නේ එයා ගාගෙන එන ගෝයා සීක්‍රට් සෙන්ට් එකේ සුවඳ....
... "ශීහි....තාම වචනයක් කතා කරන්න බැරි උනානේ....දැන් කී ගමනක් මේ වගේ ෆලෝ පාර දැම්මද....."
මට මං ගැනම කේන්තියට පාරේ තිබ්බ මෙටල් එකකට දුන්නා බනානා කික් එකක්....ටිකක් කකුල රිදුනත් මැටල් කෑල්ල ඈතට විසිවෙන හැටි දැකලා හිතට පොඩි කික් එකක් ආවා....
" අද නම් කොහොම හරි ටෝක ක් දාන්න ඕනේ..."
මම වීර පුරන් අප්පු වගේ වාතාවකාශය ටිකක් පපුවට අරගෙන පපුව ඉස්සරහට දාගත්තා....වැහි මන්දාරම් ගතියක් එක්කලා රොමැන්ටික් ක්ලය්මේට් එකක් මැවිලා තිබ්බේ....පාලුවට ගියපු ගුරු පාරේ මම විතරයි...මම පය ඉක්මන් කරද්දිම කකුළට මොකක්ද මංදා හරි තදේට හැප්පුනා.....
"මොන.....හු@%&*......"
මට කියවුනේ එකපාරටම...
ගල් උනත් ඔහොම්මමයි...අපි පයින් ගහන් නැති දවසට උන් ඇවිත් කකුලේ වදිනවා.....අයින් වෙලා පයින් යන්න දෙන්නෙම නෑනේ....
අසුහාරදාහට මල පැන්න මම බැලුවේ මොකක් ද මගේ පයේ හැප්පුනේ කියලා.......
"අම්මට බොල......පහණක් නේ......"
කියලා කට ගන්න හම්බුණේ නෑ... පහණ කෙලවරින් නිල් පාට දුම් පාරක් එලියට එන්න පටන් ගත්තා....

 සීතලට හිරියක් ඇඟ පුරා යද්දි මට කකුල් දෙක පණ නැතිවෙන්න වගේ ගත්තා...
"හහ්...හා.....හහ්....හා....හහ්...හා......"
ඔහොම සද්දයක් එද්දි මම දැනගත්තා බඩු පැකට් කියලා..... මුළු පාරම වහගෙන ඉස්සරහ හිටියේ නිල්ම නිල් පාට භූතයෙක්......
"ආයේමත්.......මොනාද බ්‍රෝ මේ කරන්නේ.....අහිංසක භූතයෙක්ට මේ වගේ ක්ලය්මේට් එකකදි පාඩුවේ වාඩි වෙලා ටීවී සීරිස් කෑල්ලක් බලන්න දෙන්නේ නෑ නේ....."
මං වටේට පාවෙන ගමන් ඇස් දෙක ලොකු කරං ඌ කියෙව්වේ පුදුම හිතේ අමාරුවකින්
කොණ්ඩේ ස්පෙන්සර් ගහගෙන ලස්සන පොයින්ට් එකක් තියං රැවුල උඩු අතට කරක කරක කරක හිටපු භූතය දැක්ක ගමන් මගේ බය ටිකක් අඩු උනා....මූ ටිකක් මොඩි ෆයි භුතයෙක් වගේ.....
" සොරි සොරි බ්‍රෝ....වැරදීමක් උනේ...."
මම තටම තටම වචන ගලපගත්තා....
"ඉට්ස් ඕකේ....ඉට්ස් ඕකේ.......එහෙනම් අපි මේක ඉක්මනට ඉවර කරමුද......"
ඒ පාර මෑන්ස් කීවේ අතේ බැදලා තිබ්බ ස්මාර්ට් වොච් එක දිහා බලාගෙන....
ඒ ටිකට නොටිෆිකේශන් දෙක තුනක්ම ආපු සද්දයක් ආවා.
"ඉවරයක්.........."
මම එහෙම ඇහුවට මන් දැනගෙන හිටියා මෑන්ස දැන් යන්නේ මට කැමති වරයක් දෙන්න කියලා.....එක්කෝ තුනක්... පොඩි කාලේ චිත්‍ර කතා  පත්තරේ "බෑග්ඩෑඩ් වල හොරා" කියවපු දවසේ ඉදන් හීන මවපු චාන්ස් එකක් මේ....
හැබැයි ඔය පහනවල් වලින් එලියට එන භූතයෝ දෙන වර වලින් ගොඩ ගිය එකෙක් නම් මට මතක් උනේ....නෑ.... මතකෙටටම ආවේ වෙන වෙන දේවල්......
" යා....යා බ්‍රෝ.....ගන්නකෝ මෙකෙන් ටෝකන් එකක්......"
මිනිහා කොහෙන්ද මංදා ජෑම් බෝතලයක් මවලා ගත්තා සෙනිකවම....නැවුම් බවේ සංකේතේ එන්න බර දාලා මුඩිය ගලවලා දික් කලා මා දිහාවට.....
මං ෆුල් අඤ්ඤකොරොස් උනා.....
කෙල ටිකක් අමාරුවෙන් ගිල ගනිපු මම
"මොනවද මේ භූත බ්‍රෝ..... වර දෙන ටෝකන් ද......"
මම ඒහෙම ඇහුවේ ජෑම් බෝතලේ බාගයක් විතර පිරිලා තිබුනේ එක එක පාට රවුම් ටෝකන්වලින් හින්ද.....
"වර..........හා....හා....හා.....,වර දෙන භූතයෝ කොහෙද බ්‍රෝ දැන්......මේවා සුපර් පවර්......චොයිස් ඉස් යුවා.....ඕසම් නෙහේ....."
"සුපර් පවර්..........."
මට ඉහළට ගත්ත හුස්ම ටික පාතට දාගන්න බැරි උනා... .එකපාරටම පොළවෙන් අඩි දෙක තුනක් පාවෙන්න ගත්තා....හිර කරගත්ත හුස්ම වලින් පපුව පිපිරෙන්න වගේ දැනුනම මම එකපාරටම හුස්ම පිටකලා....ආයේ පොළවට වැටුනා.....
" ෆ...ට්...ට...නේ.........!"
මට එකපාරටම කෑ ගැහුණා......ඇයි දෙයියනේ අම්මා මුත්තා කාලෙවත් අහලා තියේයෑ සුපර් පවර් දෙන භූතයෝ ගැන.....
" ගන්න ගන්න බ්‍රෝ.....ස්පයිඩර් මෑන් ට්‍රේලර් එක රීලිස් වෙලා තියෙන්නේ....ඉක්මනට බලන්න ඕනේ ......බයි ද වේ මේ පැත්තේ සිග්නල් නම් අන්තිමයි බ්‍රෝ.......කෝ තාම ෆ්‍රී වයි ෆයි හම්බුනේ නැද්ද...... "
"ඒවා නම් කතාකරලා වැඩක් නෑ භූත බ්‍රෝ.....අපිට හරියට ත්‍රීජීවත් නෑ අයිසේ......"
"ඕ ගන්නකෝ ටෝකන් එකක් ජම්පර් පවර් එක ලැබුනොත් මට ත් හෙල්ප් එකක් කරලා ඕනේ......මගේ පහණ සිග්නල් තියෙන කොහෙට හරි ගිහින් දාපං බ්‍රෝ......"
"එකෙන්ම....කෝකද ඒ ටෝකන් එක....."
මම ඇහැක් ගහන ගමන් ඇහුවා......
"චී...... බ්‍රෝ....මට එහෙම කියන්න බෑ.....ගන්නකෝ කැමති පාටක්......"
මිනිහා බල කරනම එකේ අමාරුවෙන් ඇඟිලි දෙකක් ජෑම් බෝතලේට දැම්ම මම  නිල් පාට ඩොට් වැටිච්ච සුදු පාට ටෝකන් එකක් අරගත්තා....ඒ තමයි සමාධිගේ ලස්සනම  ගවුමේ ඩිසයින් එක....  
එක දැක්ක ගමන් භූතයා හොල්මනක් දැක්කා වගේ බයවෙලා පස්ස්ට පැන්නා......
" මමී ගහයි බැට් එකෙන් කීවලු බ්‍රෝ....වන් ෆෝ ලොක් වන් ෆෝ අන්ලොක්.........."
ඒක කීපු ගමන්ම මාව නිකන් සීතලට ගල් ගැහිලා වගේ ගියා.......
"හෝව්.....හෝව් බ්‍රෝ.....පොඩ්ඩක් ඉන්න මං කැපෙනකං මෙතනින්.....ඔයාට දැන් සුපර් පවර් එක ලැබිලා තියෙන්නේ......."
"ෂා.... මරුනේ......මොනවගේ පවර් එකක් ද මට තියෙන්නේ......."
"එකක් ගැහුවොත් ලොක්........අනික ගැහුවොත් අන්ලොක්......."
"මොනවා ගැහුවොත් ද..... . "
මං දිහා අමුතු විදිහට බලපු භූතයා හීමිට දුං රැල්ලක් වෙලා පහණ අස්සට රිංගන්න ගත්තා.....
පේන හැටියට මට හම්බුන පවර් එකෙන් මිනිහා බය වෙලා හිටියේ.....ඒක තමයි පෙට්‍ර්ල් වැදිච්ච ගැරඩියා වගේ මාරු වෙන්න දගලන්නේ...
"අනේ බ්‍රෝ කියලා යන්නකෝ.......මොනවා ගැහුවොත් ද........"
"ඇස්.........."
අන්තිමට මට ලාවට වගේ ඒක ඇහුනා........
එකපාරටම ආතක් පාතක් නැති පුස් පැටියෙක් වගේ මම වට පිට බලන්න පටන් ගත්තා....බිම තිබ්බ පහන ගත්ත මම එකට දෙන්න පුලුවන් දස වද ටික ඔක්කොම දුන්නත් භූතයා නෙමෙයි ආයේ එලියට ආවේ...  ඕකනේ සනා බැරි අපි දෙබලක් උඩට නැග්ගොත් එකෙත් පුවක් ගහක් කියලා කියන්නේ කට කහනවටයැ....
කෝකටත් වෙලාව බලද්දි පහයි දහයයි...එකපාරටම ඔලුවට ආවේ සමාධි...දැන් ඉතින් බස් එක අල්ලන්න හුසෙන් බෝලට්ගේ රෙකෝඩ් දෙක තුනක් කඩන්න වෙනවා.....මම ගුරු පාර කෙළවර තිබ්බ කටු ගාලක පහණ හැංගුවා....මොකද මම කැමති නෑ අපේ ගමේ සුපිරි වීරයෝ තවත් ඉන්නවට....ඉන්නවනං ඉන්න ඕනේ මම විතරයි.....
"වන් ෆෝ ලොක්...වන් ෆෝ අන්ලොක්.....සෙද්ද තමයි....ජමපර් තියා ෆ්ලැශ් වත් වුනානම්....සුටුස් ගාලා බස් එක අල්ලගන්නවනේ....."
මට ම කියවුණා....හොද හුස්මක් අරගෙන මම ගුරු පාර දිගේ දුවන්න පටන් ගත්තා.....කොහොම හරි වෙරි වෙච්ච බල්ලෙක් වගේ කටෙන් සෙම දාගෙන මම බස් හෝල්ට් එකට සම්ප්‍රාප්ත වෙද්දි පහයි විස්සයි.... අහසේ දෙයියෝ නෑ කිවට ඉන්නවා වගේ....බස් එක අද  පරක්කුයි.... මම දනහිස් දෙකට අත තියාගෙන දෙකට නැමිලා හති අරින්න ගත්තා....බස් හෝල්ට් එකේ ඉන්න මිනිස්සු මා දිහාවේ බලුවේ පිටසක්වලින් ආපු එකෙක් දිහා බලන ගානට....අපි සැලෙයි ඕවට...කොහොම උනත් සුපිරි වීරයන්ට මුලුන්ම අම්බානට චාටර් කන්න වෙනවා....මම ටිකක් කෙලින් වෙලා ආඩම්බරයෙන් පැත්තක තිබ්බ බෝඩ් එකකට හේත්තු උනා....එතකොටම තමයි මම දැක්කේ එහා පැත්ත ගේට්ටුවේ දාලා තිබ්බ ලොකුම ලොකු ඉබ්බෙක්ව...... මේක මගේ පවර් එක ටෙස්ට් කරගන්න හොද වෙලාවක් නොවුනට අලුතින් සෙල්ලම් බඩුවක් ලැබිච්ච පොඩි එකෙක් වගේ මම කුතුහලයෙන් හිටියේ.....
ඉතින් මම පිස්සෙක්.... පිස්සෙක්... පිස්සෙක්.... වගේ මාරුවෙන් මාරුවට අර ඉබ්බා දිහා බලාගෙන ඇස් ගහන්න පටන් ගත්තා....
ගොරෙද්ද ඇද ඇද ලංගම බස් එක බස් හෝල්ට් එක ගාවට එද්දි මට සංසාරේ එපාවෙලා තිබ්බේ ඇස් ගහලම.....සේප්පු කඩන හොරෙක් වෙලා මගේ අනාගතය ජය ගන්න ගහල තිබ්බ ප්ලෑන් ඔක්කොම ඇස් පනාපිට කඩං වැටෙද්දි භූතයගේ අම්මා මුත්තා පරම්පරාවම මතක් කරගෙන මම බස් එකට නැග්ගා....
අසු හාරදාහට කේන්ති ගිහිල්ලා හිටියත් බස් එකේ හිටපු සමාධි ව දැක්ක විතරයි සීත ගගුලට පැන්නා වගේ මුලු ඇඟම සීතල වෙලා ගියා....
ඔන්න ඉතින මම රොමැන්ටික් මූඩ් එක ඔන් කරගෙන බස් එකේ හිටපු ජනකාය මතින් පීනගෙන වගේ එයා දිහාවට ඇදුණා.... අද එයාට ශීට් එකක් හම්බවෙලා ජනේලේ අයිනෙම....ඒ ළගම එයාගේ අතිජාත යෙහෙළිය වාඩි වෙලා හිටියා....මම ඉතින් සමාධි දිහාවේ බලාගෙනම සීට් එකේ ඇන්දකට හේත්තු වෙලා මනෝ ගහන්න පටන් ගත්තා.... ජනේලෙන් එලිය බලාගෙන හිටපු එයා එකපාරටම ඉස්සරහ බලනකොටම මම මගේ ඇස් දෙකෙන් එයාව අල්ලගත්තා.....මුලු මූණම රතූවුනේ එකපාරටම.... සිටිස් ගාලා එයා අහක බලාගත්තා....එයාගේ යාලුවටත් හිනා...කෙල්ල සිද්දිය බලං හිටියේ....ඉතින් ඊළඟ පැය බාගෙම විටින් විට රතු වෙන එයා දිහ බලාගෙන මම ඊළඟට කරන්න ඕනේ කතිකාව පෙළගස්ස ගස්ස හිතින් පුරුදු වෙවි මම මනෝ පාර ගහන්න පටං ගද්දි එයාගේ යාලුවත් විටින් විට මා දිහා බල බල සමාධි ට වැලමිටෙන් අනින්න පටන් ගත්තේ හිනා වෙවි....
ඉතින් හෙමින් හෙමින් ආපු බස් එක " ද හෝල්ට් " එකේ නතරවෙනකොටම එයා බහින්න ලෑස්ති වෙලා හිටියේ.... දිව කට වේලිලා...බය වෙලා...සිහිනැතිවෙන්න ඔන්න මෙන්න හිටපු මමත් ශරීරයේ තිබ්බ ඔක්කොම ගට්ස් එකතුකරගෙන එයා පස්සෙන්ම බහින්න රෙඩි උනා..
බස් එකෙන් බහිද්දිම කොහෙන්දෝ ආපු හුළං පාරක් එයාගේ තැඹිලි පාට ගවුමත් එක්ක සෙල්ලං කරනකොට මට නිකං පිස්සු වගේ දැනුණා.. බස් එකේ ෆුට් බෝඩ් එකේ ගල් වෙලා හිටියා මාව කරකවලා අතහැරලා බස් එක ඇද්දුවයිං මම එකපාරටම එලියට පැන්නා...වැඩ කැල්ලක් දාලා නොවැටි බේරුණ මං සිනේඩියන් සීඩෑන්ගේ හෙඩ් ගෝල් එක රැකගත්ත ඉතලි ගෝලි වගේ ගැම්මෙන් සාමාධි දිහා බලනකොටම එයා මං දිහා බලාගෙන....
හිත අස්සෙන් හරි බඩ අස්සෙන් හරි සමනල්ලූ පියාඹනවා කියන්නේ මේ ෆීලිං එකට වෙන්න ඇති....
ආයේ පාරක අපේ ඇස් එකපාරටම හම්බුණා...කල්ප කාලාන්තරයක් බලං හිටපු චාන්ස් එක මේක තමයි කියලා මටත් හොරෙන් ටිස් ගාලා ඇහැක් වැදුණා.....
කොහොම හරි මගේ ඒ බැල්මට සමාධි සෑහෙන්න කලබල උනා කියලා මට තේරුණේ එයා වැටෙන්න වගේ ගියාම....මම ජොන්ටි රෝස් උඩපන්දුවක් රැකගන්න පනිනවා වගේ පැනලා එයාව අල්ලගත්තා......
මගේ අත් දෙක අතරේ එයා වාරු උනහම රන්වීර සිං හුයි,ප්‍රියන්කා චොප්රයි
" තුනේ මාරි එන්ටීයාර දිල්මේ බජී ඝන්ටියාර.......පං...පං...පං...පං "" කියාගෙන අපි දෙන්නා වටේ නටන්න පටන් ගත්තේ මාව අමුතුම ලෝකේකට එක්කගෙන ගෙනහින්.....
කොහොම හරි උන් දෙන්නා නටලා ඉවරවෙනකංම මට සිහි එලවා ගන්න බැරි උනත් සාමාධිත් හැල හොල්මනක් නැතුව මගේ දිහාවම බලං ඉන්නකොට තමයි මම කොහේහරි ශෝට් සර්කිට් එකක් තියෙයි කියලා හිතුනේ....
" සමාධි........."
මම හීමීට වචන ගැලපුවා....
සද්දයක් නෑ.....මගේ ඇස් දෙකට කෙල්ල වසී වෙලාවත්ද.....
" සමාධි......."
සද්දයක් වත් නෑ....කෙල්ල ගල් වෙලා වගේ..... එතකොටම තමයි මට කුරිරු සත්‍ය අවබෝධ උනේ....
" වන් ෆෝ ලොක්.... වන් ෆෝ අන්ලොක්....."
කෙල්ල ලොක් වෙලා....ඒ කියන්නේ අතපය අඟුලු වැටිලා...ගල් වෙලා.....
මම සෙනිකවම අනෙක් ඇහෙන් ඇහැක් ගැහුවා......
ඒ ටිකට එකපාර සිහිඑලවා ගත්ත සමාධි මගේ තුරුලෙන් අහකට පැන්නා....
" මට මොකද උනේ......." එයා බයවෙලා ඇහුවේ....
" ඔයා වැටෙන්න ගියා...මම අල්ලගත්තා... සොරි ඔයාව බය කලානම්....."
"නෑ...නෑ.......මට එකපාර මොකක්ද උනා...........ඉට්ස් ඕකේ තැන්ක්ස්...."
එයා අවුල් වෙලා තිබ්බ කෙස් කැරළි හදන ගමන් කීවේ ලැජ්ජාවෙන් උපරිම රතු වෙලා....
එයා හීමිට මම දිහා අමුතුම විදිහට බලලා  අනෙක් පැත්තට යන්න පටන් ගත්තා....මොන හේතුවකටද මංදා පල්සර් වන් තර්ටි ෆයිව් එකේ සද්දේ වගේ මගේ හාට් එකට්ග් සිටි සිටි ගාලා සද්දෙට වැඩ.....
ටික දුරක් ගියපු එයා හිමීට හැරිලා හිටපු තැනමටම වෙලා බලං ඉන්න මම දිහා බලලා හිනාවක් දැම්මා......
.
"අම්මෝ.............!!!!"
මගේ බඩත් එක්ක කොර වෙලා ගියා ඒ පාර......
උඩ පැනලා හුරේ පාරක් දාපු මම පාරේ අනිත් පැත්තට පැන්නා....

##############

ඊලඟ බස් එකේ නැඟලා ගෙදර එනකං මට හම්බුණ කීපදෙනෙක්ටම ඇස් ගහලා මගේ බලය ගැන හොද එක්ස්පීරියන්ස් ටිකක් ගන්න මට පුලුවන් උනා.....ඇත්තටම ඒක මහ ලේසි වැඩක්. වම් ඇහැ ගහපු ගමන් ඕන කෙනෙක් ලොක් වෙනවා....ආයේ දකුණු ඇහැ ගහනකං නෝ හෙල්ලුම්... බස් එකේ කොන්දා සල්ලි ඉල්ලන්න ආපුවම ගැහුවා ඇහැක්.......මිනිහා මන් දිහා බලාගෙනම ගල් උනා.....ආයේ බහින්න ලං වෙලා මිනිහට ඇහැක් ගහලා ප්‍රකෘති තත්වයට පත් කරම මිනිහා කොච්චර බය උනාද කියනවනම් මිනිහා ම මට සල්ලි දෙන්න හැදුවා......
ඉතින් පුදුම ලල් එකෙන් මම බහිද්දිම තමයි ට්‍රැෆික් බයික් එක නවත්තලා තියෙනවා දැක්කේ... පුස් සයිකලෙන් යද්දි මාව අල්ලං ලයිසං ඉල්ලපු ඔය ට්‍රැෆික් කාරයා දකිද්දි මට අසුහාරදාහට මල පනින එකේ...අද දෙන්නම් කියලා මම මිනිහා ගාවට කිට්ටු උනා....
" ඒයි......මූකලං බස්සා......"
මම බුදු ගැම්මක් අරගෙන මිනිහට කෑගැහුවා....
මේ හැන්දෑ යාමෙත් ටර්මිනේටර් වගේ සඟ ක් දාගෙන හිටපු ඩයල් එකට පුදුම හිතෙන්න ඇති මම එහෙම ටෝක් කරනකොට....
මිනිහා සන්ග්ලාස් දෙක ගලවලා මං දිහා බැලුවා....
" මොකද මූසලයෝ තෝ බලන්නේ.....ඉදපං තොට......"
එහෙම කියන ගමන් මම ගැහුවා ඇහැක්.... මිනිහා ගල්.....
හම්මේ  මට දැනුණු ලල් එක..... මිනිහාගේ සන්ග්ලාස් දෙකත් උදුර ගත්ත මම ගෙවල් පාරට හැරුණා....
මිනිහව අන්ලොක් කරන්න මට පිස්සුයෑ.......
ගෙදර වැට කඩුල්ල පාස් කරන්න හදනකොටම එහා ගෙදර වල්සේසං බලු තඩියා හැමදාම වගේ මට කෝචොක් එකට බුරන්න ගත්තේ ඉනි වැට අස්සෙන් හොම්බ දාගෙන....ඌ හිතන් ඉන්නේ මේ වත්තත් උන්ගේ කියලා...
අද දෙන්නං කෑම කියලා මං ඌ දිහා බලලා ගැහුවා ඇහැක්....... බල්ලා ලොක්.......
ආයේ එතනින් යන්නත් හදලා කමක් නෑ මූ බල්ලනේ කියලා අනෙක් ඇහැත් ගහලා අන්ලොක් කරා.....  බල්ලා සිටිස් ගාලා එතනින් මාරු උනේ නැට්ටත් පිටිපස්සේ ගහගෙන....ඌ නම් ආයේ එන්නේ නෑ...
මම ගෙට ගොඩවුණා.....
" ඕං එන වෙලාව....මං උඹට කී ගමනක් කියලා තියේද කැලුවර වැටෙන්න කලින් ගෙදර එන්න කියලා..... අප්පච්චි එන්න ඉස්සැල්ලා....වෙලාවට අදත් මේ මනුස්සයා පරක්කුයි......උඹ දන්නවනේ අප්පච්චිට උඹේ ඔය රස්තියාදු ගැහිල්ල පේන්න බෑ කියලා....."
අම්මගේ දෝස් මුරයට මට කේන්ති ගියේ නෑ.....
මම හිනාවෙලා අම්මව බදාගත්තා.....
"අම්මේ වන් ෆෝ ලොක් වන් ෆෝ අන්ලොක්....."
"ඒ ගමන මොකද උඹට වෙලා තියෙන්නේ ඉංගිරිසි දොඩවන්නේ....."
අම්මත් පුදුම වෙලා එහෙම කීවා.....
" හා...හා....අප්පච්චි එන්න ඉස්සැල්ලා අර පොල් ගෙඩිය ලෙලි ගහලා දීපං මෙතන බොරුවට හුරතල් වෙන්නේ නැතුව......."
අම්මා එහෙම කීවෙං ටික වෙලාවකින් සුපිරි වීරයා පොල් ලෙලි ගහන්න පටන් ගත්තා.....
පොල් ගෙඩි පහකුත් ලෙලි ගහලා ඇඟ ටිකකුත් හොදගෙන ගේ ඇතුලට එද්දි අප්පච්චි ඇවිත්.....
"ඔව්...ඔව්...දිස්ටියක් තමයි......"
ඒ අප්පච්චි....
" අනේ දෙයියනේ රටකට වෙන විනාසේ...... පාරක තොටක බැහැලා යන්නත් බයයි දෙයියනේ......"
ඒ අම්මා.....
" මේ හොදට හිටපු සාජන් මහත්තයාලු....කිසිම හැල හොල්මනක් නෑ.... කතා බහක් නෑ....මහසෝනා දැක්කා වගේ බයවෙලා ගල් ගැහිලා සීමන්ගේ කඩේ ඉස්සරහ බයික් එකත් එතනමයි......"
" ඉතින් අප්පේ......"
"මිනිස්සු වට වෙලා බලං ඉන්නවා.....පස්සේ කවුරු හරි පොලිසීයට කෝල් කලා....ජිප් එක ඇවිත් දාගෙන ගියා ඉස්පිරිතාලෙට......"
" ඔය කියද්දි මතක් උනේ උක්කුවගේ ලොකු කෙලි කොස් ගහෙන් වැටිලානේ.... කොන්දම කැඩිලා......"
" ඒ මක්කෙයි......"
" ඔය ලොකු එකී කිසි කමකට නෑ ගස් බඩ ගාන්න යන්න ඇති....හැබැයි මහ උන්දනං කියන්නේ එකපාරටම ඉරිදි උනා වගේ පා වෙලා අහසට ගියා කියලා.....ඊට පස්සේ කොස් ගහේ හැප්පුණාලු......"
" මොකක්........."
" කවුද ඉතින් මහ උනදෑ කියන ඒවා විස්වාස කොරන්නේ......පිස්සු හටනක්නේ......."
"කෝකටත් හැන්දෑ යාමේ පොඩීට රස්තියාදු ගහන්න එහෙම යන්න දෙන්න එපා....මේවා මහ නරක කාල.....අපොයි දෙයියනේ රටකට ගිය කලක්....."
අප්පච්චි ඒ ටිකනම් කීවේ කලමකිරිලා
"රටේ නායකයොන්ගේ වැරදි තමයි ඕවා....."
කතාව වෙනම පැත්තකට යන හින්දා මම කාමරේට ආව......
එතකොට තමයි මට පහණ ගැන ඔලුවට ආවේ.....හෙට උදෙන්ම ගිහින් ඕක කොහේ හරි හංගන්න ඕනේ..... කමලා නංගීට තමයි එහෙනම් මට කලින් සුපර් පවර් හම්බවෙලා තියෙන්නේ.......කොන්ද කඩාගෙන තියෙන්නේ සුපර් ග'ල් වගේ උඩින් යන්න ගිහින්.....
සී........එකට මගේ පවර් එක.......
දාහෙන් සම්පතයි.....
කණ්නාඩිය ඉස්සරහට ගිහින් මම හීමීට කොණ්ඩේ අවුස්සගත්තා....
එකපාරටම සමාධි මතක් උනා.....හම්මේ කෙල්ල අන්තිමට හැරිලා යද්දි බලපු බැල්ම......ඕම් ශාන්ති ඕම් එකේ ශාන්ති වගෙ.....
ආයේ හම්බුන ගමන් මෙන්න මෙහෙම ඇහැක් ගහන්න ඕනේ....කියලා මම කණ්ණාඩියෙන් පේන මට සිටිස් ගාලා ඇහැක් ගැහුවා...............
#######################

අනේ දෙයියනේ මේ මොන නස්පැත්තියක්ද දෙයි හාමුදුරුවනේ.......ලොකු පුතේ....ලොකු පුතේ.....මෙන්න මල්ලී කණ්ණාඩිය ඉස්සරහ ගල්වෙලා පුතේ.....

,
,
,
ඉවරයි කතාව බොලව්..........

මරීනයි මායි...

මරීනයි මායි...